චාමර සම්පත්ගේ නඩුව කල්යයි
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් පවතින මූල්‍ය අවභාවිත නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව අල්ලස් කොමිසම විසින් අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
2016 වර්ෂයේදී රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළදී පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් ඉවත් කරගැනීම තුළින් රජයට රුපියල් මිලියන 16 ඉක්මවන මූල්‍ය අලාභයක් සිදුකළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරේ.
මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඉදිරියේ කැඳවන ලද අතර, එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ද නඩු විභාගය සඳහා අධිකරණයේ හමුවේ පෙනීසිට ඇත.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි නිලධාරීන් අධිකරණය හමුවේ සාක්ෂි ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ, මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන අවසන් වී නොමැති බවයි.
විමර්ශනය අවසන් කිරීමෙන් අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.
ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින්, මෙම නඩුව නොවැම්බර් 18 වැනිදා නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..