
චාමර සම්පත්ගේ නඩුව කල්යයි
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් පවතින මූල්‍ය අවභාවිත නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව අල්ලස් කොමිසම විසින් අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
2016 වර්ෂයේදී රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළදී පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් ඉවත් කරගැනීම තුළින් රජයට රුපියල් මිලියන 16 ඉක්මවන මූල්‍ය අලාභයක් සිදුකළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරේ.
මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඉදිරියේ කැඳවන ලද අතර, එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ද නඩු විභාගය සඳහා අධිකරණයේ හමුවේ පෙනීසිට ඇත.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි නිලධාරීන් අධිකරණය හමුවේ සාක්ෂි ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ, මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන අවසන් වී නොමැති බවයි.
විමර්ශනය අවසන් කිරීමෙන් අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.
ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින්, මෙම නඩුව නොවැම්බර් 18 වැනිදා නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
