News Category
From Date
To Date
Maximum Number of Result

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

Jun 17, 2025 at 10:10 PM
|

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට  අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ  සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.  වයඹදිග ටෙහෙරානයේ පිහිටි ඔහුගේ හෝටලයේ සිට මොස්කව් පුවත්පතක් වන කොමර්සන්ට් හි එලේනා චර්නෙන්කෝට් සමගින් අදහස් හුමාරු කරගනිමින්, භූමියේ සිදුවීම්, ඉරානයේ ප්‍රතිචාරය සහ එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා බිඳ වැටීමේ විභවය පිළිබඳ සන්සුන් නමුත් පැහැදිලි දැක්මක් සහිත වාර්තාවක් මාගෝව් ඉදිරිපත් කරයි.

එම  සාකච්ඡාවේ ඇති වැදගත්කම හේතුවෙන් ලංකා ලීඩර් පාඨකයාට මෙසේ ඉදිරිපත් කරමු.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස 

ප්‍රශ්නය: ඊයේ (ජූනි 13 ) රාත්‍රියේ සිදුවූයේ කුමක්ද? 

ඇඩ්ලාන් මාගෝව්:ගැටුම ආරම්භ වන විට, අපි සුවබර නින්දකයි හිටියේ. අපේ නියෝජිත කණ්ඩායමේ ඉන්නා එක් නායිකාවක් මුලින්ම අවදි වුණා. වෙලාව පාන්දර තුනට පමණ වන්නට ඇති. ඇයට ප්‍රහාරවලින් සහ ක්‍රියාත්මක කර තිබූ ගුවන් ආරක්ෂක පද්ධතිවලින් නිකුත්වන පිපිරීම් හඬ ඇසුණා. පාන්දර හයට දෙවන වටයේ ප්‍රහාර එල්ල වුණා. ඒ වන විට අපි අවදියෙන් සිටියේ. සිදුවන්නේ කුමක්දැයි සොයා බැලීමට අපි ප්‍රවෘත්ති වාර්තා කියවමින් සිටියා. බොහෝ තොරතුරු අතර ගුවන් අවකාශය වසා දමා ඇති බව අපට දැනගන්නට ලැබුණා. ඉරිදාට(15) අපගේ ආපසු ගුවන් ගමන සැලසුම් කර තිබුණා.

ප්‍රශ්නය: ගොඩබිමෙන් හදිසියේ රටින් පිටවීමට ඔබ අදහස් කරනවාද?

ඇඩ්ලාන් මාගෝව්: නැහැ, එය මේ අවස්ථාවේදී නුසුදුසු ප්‍රතිචාරයක් වනවා නොඅනුමානයි.

ප්‍රශ්නය: ඉතින් ඉරානයෙන් හෝ ඊශ්‍රායල පාර්ශවයෙන් ඔබට හානියක් වනු ඇතැයි ඔබට කිසිදු භීතියක් දැනෙන්නේ නැතිද?

ඇඩ්ලාන් මාගෝව්: අප ගැවසෙන අපාත් දකින සීමාවන් තුළ අපට කිසිදු භීතියක් දැනෙන්නේ නැහැ.

ප්‍රශ්නය: කෙසේ වෙතත්, පසුගිය වසරේ ඊශ්‍රායලය සහ ඉරානය අතර සිදු වූ ෂෙල් වෙඩි ප්‍රහාරයට වඩා තත්වය බොහෝ බරපතල බව දකින්නට තිබෙනවා නේද?

ඇඩ්ලාන් මාගෝව්: වඩාත් බරපතලයි. ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා අප්‍රේල් මාසයේ සිට අඛණ්ඩව සිදුවන අතර ඊළඟ වටය ඉරිදා(15) ඕමානයේදී පැවැත්වීමට නියමිතව තිබූ බැවින් මෙම ගැටුම ඇවිලීම අතිශය තීරණාත්මක මොහොතක සිදු වෙමින් පවතිනවා. මෙම සාකච්ඡා පැවැත්වෙන අතරතුර ඊශ්‍රායලය ප්‍රහාරයක් දියත් කරනු ඇතැයි මම අපේක්ෂා කළේ නැහැ. කෙසේ වෙතත්, දැන් සාකච්ඡා දිගටම පවතිනු ඇත්දැයි මට සැකයක් තිබෙනවා.

ප්‍රශ්නය: ඇමරිකානු නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව නිගමනයකට පැමිණෙන්නේ නම්, එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සැලසුම් පිළිබඳව දැන සිටි බව පෙනෙන්නට තිබෙනවා.

ඇඩ්ලාන් මාගෝව්: නැහැ!, නමුත් ඔවුන් එවැනි සිදුවීම් සිදුවීමේ හැකියාව සඳහා සූදානම් වෙමින් සිටියා. ඔවුන් කලාපයේ ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයට අනතුරු ඇඟවූ අතරම තවත් පියවර ගණනාවක් ගනු ලැබුවා.

ප්‍රශ්නය: ඔබ ඉරානයෙන් අපේක්ෂා කරන්නේ කුමන ආකාරයේ ප්‍රතිචාරයක්ද?

ඇඩ්ලාන් මාගෝව්: 2024 අප්‍රේල් මාසයේ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ ප්‍රතිචාරය ඔවුන්ගේ 'සැබෑ පොරොන්දුව' මෙහෙයුම්වලට වඩා මෙන්ම 2024 දී පෙර වටයේ ඊශ්‍රායල ප්‍රහාරවලට ඔවුන් දැක්වූ ප්‍රතිචාරයට වඩා වෙනස් වනු ඇති බව අපට මෑතකදී අසන්නට ලැබුණා.

 ප්‍රශ්නය:ඔව්, එය තරමක් සංයමයෙන් සිදු කරන ලද ප්‍රකාශයක්.

 ඇඩ්ලාන් මාගෝව්: ඔව්, එය තවදුරටත් ගැටුම් උත්සන්න වීම වළක්වා ගැනීම සඳහා සිදු කරන ලද ප්‍රකාශයක් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙනවා. ඉරාන නායකත්වය දැන් කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි කීමට අපහසුයි. නමුත් අපිට එය ඉක්මනින් දැන ගන්නට ලැබේවි.

ප්‍රශ්නය: එක්සත් ජනපදයට ඉරානය සමඟ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට හැකි වේදැයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රශ්න කර තිබෙනවා. එම සාකච්ඡා අසාර්ථක වීම සම්බන්ධයෙන් අපට දැනටමත් සාකච්ඡා කළ හැකිද?

ඇඩ්ලාන් මාගෝව්: ආපසු හැරී බලන විට, ඉරානයේ සහ එක්සත් ජනපදයේ පද්ධතිමය ස්ථාවරයන්, විශේෂයෙන් යුරේනියම් බල ගැන්වීම සම්බන්ධයෙන්, බොහෝ දුරට වෙනස් වූ බව පැවසීම පහසුයි. ඒවගේම සාකච්ඡාවල ප්‍රතිඵලය පුරෝකථනය ක්‍රීමට හැකි වූවා.

කෙසේ වෙතත්, කුමන කණ්ඩායම හෝ කුමන චින්තන ධාරාව ජය ගනීදැයි බැලීමට අපි ට්‍රම්ප් පරිපාලනය තුළ අභ්‍යන්තර ගතිකතාවයන් නිරීක්ෂණය කරමින් සිටිනවා. අනෙකුත් සාමාජික රටවල් මෙන් න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුමේ (NPT) සාමාජිකයෙකු ලෙස ඉරානයේ සීමිත යුරේනියම් බල ගැන්වීම ඉරානයේ ස්වාභාවික අයිතියක් ද? නැතහොත්, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම තිබියදීත්, ඉරානයට ස්වාධීනව යුරේනියම් බල ගැන්වීමේ ක්‍රියාකාරකම්වල යෙදීමට ඉඩ නොදිය යුතුද? ජනාධිපති ට්‍රම්ප්, උප ජනාධිපති ජේ ඩී වැන්ස් සහ එක්සත් ජනපද සාකච්ඡා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ස්ටීව් විට්කොෆ් සාමාන්‍යයෙන් මධ්‍යස්ථ ස්ථාවරයක් අනුගමනය කරනවා මෙන්ම ඉරානයට සාමකාමී අරමුණු සඳහා යුරේනියම් බල ගැන්වීමේ අයිතිය දිගටම ක්‍රියාත්මක කළ හැකි යැයි උපකල්පනය කරනවා. කෙසේ වෙතත්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ නායකත්වයෙන් යුත් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම, ඉරානයට යුරේනියම් බල ගැන්වීම කළ නොහැකි බව ප්‍රකාශ කිරීමෙන් සාකච්ඡා වට කිහිපයක ප්‍රතිඵල මූලික වශයෙන් ආපසු හැරවූවා. අවාසනාවකට මෙන්, මෙම දැඩි අන්තවාදී පාරශවය ජයග්‍රහණය කරනු ලැබුවා.

තවද, මාස කිහිපයක් පුරා තිරය පිටුපස සංවාදවලදී, සෑම නව සාකච්ඡා වටයකම ඇමරිකානු දූත පිරිස පෙර වටයක් නොතිබුණාක් මෙන් ස්ථාවරයකින් සාකච්ඡාවකට පැමිණි බව ඉරාන පාර්ශවය තහවුරු කළා. ස්ටීව් විට්කොෆ් ඉරාන ස්ථාවරයට සාධාරණ ප්‍රවේශයක් සමඟ මස්කට් හෝ රෝමයෙන් (ප්‍රයෝජ්\අවාදීන් සාකච්ඡා ද සිදුවෙමින් පැවති) පිටව යනු ඇති බව හැඟුනා. කෙසේ වෙතත්, සෑම අවස්ථාවකම, වොෂින්ටනය ඔහුගේ උපදේශන ක්‍රියාවලිය ආපසු හැරවූවා. ඊළඟ සාකච්ඡා වටයේදී, ඉරානයේ යුරේනියම් බල ගැන්වීම කළ නොහැකි බව ඔහු නැවත අවධාරණය කළා. මෙය ඇත්ත වශයෙන්ම ඉරාන පාර්ශවය කලකිරීමට පත් කරනු ලැබුවා. කෙසේ වෙතත්, ඉරාන පාර්ශවය සාකච්ඡා ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය තබනු ලැබුවා. අර්බුදය සාමකාමීව විසඳීමේ අරමුණින් තාර්කික සහ ප්‍රායෝගික ප්‍රවේශයක් එක්සත් ජනපදය තුළ පවතිනු ඇතැයි ඔවුන් තුළ බලාපොරොත්තු තිබුණා. කෙසේ වෙතත්, අපට පෙනෙන පරිදි, මෙය සිදු වූවේ නැහැ.

ප්‍රශ්නය: ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කළහොත්, කලාපයේ ඇමරිකානු පහසුකම් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකි බවට ඉරාන පාර්ශවය අනතුරු අඟවා තිබුණා. ටෙහෙරානය එවැනි ක්‍රියාමාර්ග ගනු ඇතැයි ඔබ අපේක්ෂා කරනවාද?

ඇඩ්ලාන් මාගෝව්: ඔබ ඇසුවේ හොඳ ප්‍රශ්නයක්. ටෙහෙරානය ගත හැකි තීරණ ගැන අනුමාන නොකිරීමට මම කැමැතියි. කෙසේ වෙතත්, ඇමරිකානුවන් කුපිත කර ඔවුන් ගැටුමකට ඇද දැමීම ඉරානයේ අවශ්‍යතාවයක් නොවන බව මම තවමත් විශ්වාස කරනවා. එබැවින් ඊශ්‍රායලය ගන්න ක්‍රියාමාර්ග සඳහා දැඩි ප්‍රතිචාරයක් සහ ඇමරිකානු ක්‍රියාමාර්ග සඳහා වඩාත් මධ්‍යස්ථ ප්‍රතිචාරයක් ඉරානය ගනු ඇතැයි මම අපේක්ෂා කරනවා.  එක්සත් ජනපදය ඉරාන හමුදා ජෙනරාල්වරයෙකු වූ කාසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමෙන් පසු ඉරාකයේ පිහිටි එක්සත් ජනපද දේපල වෙත ඉරාන ප්‍රහාර එල්ල කළ ආකාරයට සමාන දෙයක් සමහර විට විය හැකියි. එම ප්‍රහාරවලදී ඇමරිකානුවන් 100 ක් පමණ කම්පන තත්වයට පත් වූ නමුත් කිසිදු මරණයක් වාර්තා වූවේ නැහැ.

කලාපීය යුද්ධයක් වළක්වා ගැනීමේ දෘෂ්ටි කෝණයෙන්, ඊශ්‍රායලයට දැඩි ප්‍රතිචාරයක් දැක්වීම සාධාරණ වන නමුත් එවැනි මෙහෙයුමකට ඉඩ දීම සඳහා එක්සත් ජනපදය විසින් ඇති කර ගන්නා ඕනෑම නිහඬ ගිවිසුමකින් මෙය වෙන් කිරීම කළ යුතුයි. විශාලතම ප්‍රශ්නය වන්නේ මෙය න්‍යෂ්ටික සහ/හෝ මිලිටරි යටිතල පහසුකම් මත ප්‍රහාර හුවමාරුවකින් නතර වේද නැතහොත් සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල වේද යන්නයි, එවැන්නක් ප්‍රධාන කලාපීය යුද්ධයකට තුඩු දිය හැකියි.

ප්‍රශ්නය: රුසියාව සහ ඉරානය මෑතකදී උපායමාර්ගික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. ප්‍රහාරයකදී මැදිහත් වීමට එක් පාර්ශ්වයකටවත් වගකීමක් සහිත බැඳී සිටීමක් සහිත වගන්තියක් නොමැති වුවද, දෙරට තවමත් එකිනෙකා මිත්‍ර පාක්ෂිකයින් ලෙස සලකනු ලබනවා.ඒ අනුව ඉරානය රුසියාවෙන් අපේක්ෂා කරන්නේ කුමන ආකාරයේ ප්‍රතිචාරයක්ද?

ඇඩ්ලාන් මාගෝව්:ප්‍රසිද්ධියේ සහ ප්‍රසිද්ධියේ නොවන දේ අනුව විනිශ්චය කිරීමෙන්, ඉරාන ජාතිකයන් ඊශ්‍රායලයේ ක්‍රියාවන්ට හැකි තරම් දරුණුතම හෙළා දැකීම අපේක්ෂා කරනු ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) වැනි විවිධ ජාත්‍යන්තර සංසදවලදී රුසියාව සහ චීනය මෙම ගැටලුව මතු කරනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනු ඇත. ඊට අමතරව, අතිරේක ආරක්ෂක උපකරණ සැපයීම ඇතුළුව රුසියාව සමඟ මිලිටරි-තාක්ෂණික සහයෝගීතාව දිගටම කරගෙන යාමට ඉරාන ජාතිකයින් ඊටත් වඩා උනන්දු වනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකියි.නමුත් මෙය මහජනතාවගේ සාකච්ඡාවට බඳුන් වීම සඳහා නොවෙයි.

From the blast zone: Russian expert on Iran’s calm – and its next moves

සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.