News Category
From Date
To Date
Maximum Number of Result

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

Jun 17, 2025 at 10:10 PM
|

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට  අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ  සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.  වයඹදිග ටෙහෙරානයේ පිහිටි ඔහුගේ හෝටලයේ සිට මොස්කව් පුවත්පතක් වන කොමර්සන්ට් හි එලේනා චර්නෙන්කෝට් සමගින් අදහස් හුමාරු කරගනිමින්, භූමියේ සිදුවීම්, ඉරානයේ ප්‍රතිචාරය සහ එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා බිඳ වැටීමේ විභවය පිළිබඳ සන්සුන් නමුත් පැහැදිලි දැක්මක් සහිත වාර්තාවක් මාගෝව් ඉදිරිපත් කරයි.

එම  සාකච්ඡාවේ ඇති වැදගත්කම හේතුවෙන් ලංකා ලීඩර් පාඨකයාට මෙසේ ඉදිරිපත් කරමු.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස 

ප්‍රශ්නය: ඊයේ (ජූනි 13 ) රාත්‍රියේ සිදුවූයේ කුමක්ද? 

ඇඩ්ලාන් මාගෝව්:ගැටුම ආරම්භ වන විට, අපි සුවබර නින්දකයි හිටියේ. අපේ නියෝජිත කණ්ඩායමේ ඉන්නා එක් නායිකාවක් මුලින්ම අවදි වුණා. වෙලාව පාන්දර තුනට පමණ වන්නට ඇති. ඇයට ප්‍රහාරවලින් සහ ක්‍රියාත්මක කර තිබූ ගුවන් ආරක්ෂක පද්ධතිවලින් නිකුත්වන පිපිරීම් හඬ ඇසුණා. පාන්දර හයට දෙවන වටයේ ප්‍රහාර එල්ල වුණා. ඒ වන විට අපි අවදියෙන් සිටියේ. සිදුවන්නේ කුමක්දැයි සොයා බැලීමට අපි ප්‍රවෘත්ති වාර්තා කියවමින් සිටියා. බොහෝ තොරතුරු අතර ගුවන් අවකාශය වසා දමා ඇති බව අපට දැනගන්නට ලැබුණා. ඉරිදාට(15) අපගේ ආපසු ගුවන් ගමන සැලසුම් කර තිබුණා.

ප්‍රශ්නය: ගොඩබිමෙන් හදිසියේ රටින් පිටවීමට ඔබ අදහස් කරනවාද?

ඇඩ්ලාන් මාගෝව්: නැහැ, එය මේ අවස්ථාවේදී නුසුදුසු ප්‍රතිචාරයක් වනවා නොඅනුමානයි.

ප්‍රශ්නය: ඉතින් ඉරානයෙන් හෝ ඊශ්‍රායල පාර්ශවයෙන් ඔබට හානියක් වනු ඇතැයි ඔබට කිසිදු භීතියක් දැනෙන්නේ නැතිද?

ඇඩ්ලාන් මාගෝව්: අප ගැවසෙන අපාත් දකින සීමාවන් තුළ අපට කිසිදු භීතියක් දැනෙන්නේ නැහැ.

ප්‍රශ්නය: කෙසේ වෙතත්, පසුගිය වසරේ ඊශ්‍රායලය සහ ඉරානය අතර සිදු වූ ෂෙල් වෙඩි ප්‍රහාරයට වඩා තත්වය බොහෝ බරපතල බව දකින්නට තිබෙනවා නේද?

ඇඩ්ලාන් මාගෝව්: වඩාත් බරපතලයි. ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා අප්‍රේල් මාසයේ සිට අඛණ්ඩව සිදුවන අතර ඊළඟ වටය ඉරිදා(15) ඕමානයේදී පැවැත්වීමට නියමිතව තිබූ බැවින් මෙම ගැටුම ඇවිලීම අතිශය තීරණාත්මක මොහොතක සිදු වෙමින් පවතිනවා. මෙම සාකච්ඡා පැවැත්වෙන අතරතුර ඊශ්‍රායලය ප්‍රහාරයක් දියත් කරනු ඇතැයි මම අපේක්ෂා කළේ නැහැ. කෙසේ වෙතත්, දැන් සාකච්ඡා දිගටම පවතිනු ඇත්දැයි මට සැකයක් තිබෙනවා.

ප්‍රශ්නය: ඇමරිකානු නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව නිගමනයකට පැමිණෙන්නේ නම්, එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සැලසුම් පිළිබඳව දැන සිටි බව පෙනෙන්නට තිබෙනවා.

ඇඩ්ලාන් මාගෝව්: නැහැ!, නමුත් ඔවුන් එවැනි සිදුවීම් සිදුවීමේ හැකියාව සඳහා සූදානම් වෙමින් සිටියා. ඔවුන් කලාපයේ ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයට අනතුරු ඇඟවූ අතරම තවත් පියවර ගණනාවක් ගනු ලැබුවා.

ප්‍රශ්නය: ඔබ ඉරානයෙන් අපේක්ෂා කරන්නේ කුමන ආකාරයේ ප්‍රතිචාරයක්ද?

ඇඩ්ලාන් මාගෝව්: 2024 අප්‍රේල් මාසයේ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ ප්‍රතිචාරය ඔවුන්ගේ 'සැබෑ පොරොන්දුව' මෙහෙයුම්වලට වඩා මෙන්ම 2024 දී පෙර වටයේ ඊශ්‍රායල ප්‍රහාරවලට ඔවුන් දැක්වූ ප්‍රතිචාරයට වඩා වෙනස් වනු ඇති බව අපට මෑතකදී අසන්නට ලැබුණා.

 ප්‍රශ්නය:ඔව්, එය තරමක් සංයමයෙන් සිදු කරන ලද ප්‍රකාශයක්.

 ඇඩ්ලාන් මාගෝව්: ඔව්, එය තවදුරටත් ගැටුම් උත්සන්න වීම වළක්වා ගැනීම සඳහා සිදු කරන ලද ප්‍රකාශයක් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙනවා. ඉරාන නායකත්වය දැන් කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි කීමට අපහසුයි. නමුත් අපිට එය ඉක්මනින් දැන ගන්නට ලැබේවි.

ප්‍රශ්නය: එක්සත් ජනපදයට ඉරානය සමඟ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට හැකි වේදැයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රශ්න කර තිබෙනවා. එම සාකච්ඡා අසාර්ථක වීම සම්බන්ධයෙන් අපට දැනටමත් සාකච්ඡා කළ හැකිද?

ඇඩ්ලාන් මාගෝව්: ආපසු හැරී බලන විට, ඉරානයේ සහ එක්සත් ජනපදයේ පද්ධතිමය ස්ථාවරයන්, විශේෂයෙන් යුරේනියම් බල ගැන්වීම සම්බන්ධයෙන්, බොහෝ දුරට වෙනස් වූ බව පැවසීම පහසුයි. ඒවගේම සාකච්ඡාවල ප්‍රතිඵලය පුරෝකථනය ක්‍රීමට හැකි වූවා.

කෙසේ වෙතත්, කුමන කණ්ඩායම හෝ කුමන චින්තන ධාරාව ජය ගනීදැයි බැලීමට අපි ට්‍රම්ප් පරිපාලනය තුළ අභ්‍යන්තර ගතිකතාවයන් නිරීක්ෂණය කරමින් සිටිනවා. අනෙකුත් සාමාජික රටවල් මෙන් න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුමේ (NPT) සාමාජිකයෙකු ලෙස ඉරානයේ සීමිත යුරේනියම් බල ගැන්වීම ඉරානයේ ස්වාභාවික අයිතියක් ද? නැතහොත්, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම තිබියදීත්, ඉරානයට ස්වාධීනව යුරේනියම් බල ගැන්වීමේ ක්‍රියාකාරකම්වල යෙදීමට ඉඩ නොදිය යුතුද? ජනාධිපති ට්‍රම්ප්, උප ජනාධිපති ජේ ඩී වැන්ස් සහ එක්සත් ජනපද සාකච්ඡා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ස්ටීව් විට්කොෆ් සාමාන්‍යයෙන් මධ්‍යස්ථ ස්ථාවරයක් අනුගමනය කරනවා මෙන්ම ඉරානයට සාමකාමී අරමුණු සඳහා යුරේනියම් බල ගැන්වීමේ අයිතිය දිගටම ක්‍රියාත්මක කළ හැකි යැයි උපකල්පනය කරනවා. කෙසේ වෙතත්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ නායකත්වයෙන් යුත් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම, ඉරානයට යුරේනියම් බල ගැන්වීම කළ නොහැකි බව ප්‍රකාශ කිරීමෙන් සාකච්ඡා වට කිහිපයක ප්‍රතිඵල මූලික වශයෙන් ආපසු හැරවූවා. අවාසනාවකට මෙන්, මෙම දැඩි අන්තවාදී පාරශවය ජයග්‍රහණය කරනු ලැබුවා.

තවද, මාස කිහිපයක් පුරා තිරය පිටුපස සංවාදවලදී, සෑම නව සාකච්ඡා වටයකම ඇමරිකානු දූත පිරිස පෙර වටයක් නොතිබුණාක් මෙන් ස්ථාවරයකින් සාකච්ඡාවකට පැමිණි බව ඉරාන පාර්ශවය තහවුරු කළා. ස්ටීව් විට්කොෆ් ඉරාන ස්ථාවරයට සාධාරණ ප්‍රවේශයක් සමඟ මස්කට් හෝ රෝමයෙන් (ප්‍රයෝජ්\අවාදීන් සාකච්ඡා ද සිදුවෙමින් පැවති) පිටව යනු ඇති බව හැඟුනා. කෙසේ වෙතත්, සෑම අවස්ථාවකම, වොෂින්ටනය ඔහුගේ උපදේශන ක්‍රියාවලිය ආපසු හැරවූවා. ඊළඟ සාකච්ඡා වටයේදී, ඉරානයේ යුරේනියම් බල ගැන්වීම කළ නොහැකි බව ඔහු නැවත අවධාරණය කළා. මෙය ඇත්ත වශයෙන්ම ඉරාන පාර්ශවය කලකිරීමට පත් කරනු ලැබුවා. කෙසේ වෙතත්, ඉරාන පාර්ශවය සාකච්ඡා ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය තබනු ලැබුවා. අර්බුදය සාමකාමීව විසඳීමේ අරමුණින් තාර්කික සහ ප්‍රායෝගික ප්‍රවේශයක් එක්සත් ජනපදය තුළ පවතිනු ඇතැයි ඔවුන් තුළ බලාපොරොත්තු තිබුණා. කෙසේ වෙතත්, අපට පෙනෙන පරිදි, මෙය සිදු වූවේ නැහැ.

ප්‍රශ්නය: ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කළහොත්, කලාපයේ ඇමරිකානු පහසුකම් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකි බවට ඉරාන පාර්ශවය අනතුරු අඟවා තිබුණා. ටෙහෙරානය එවැනි ක්‍රියාමාර්ග ගනු ඇතැයි ඔබ අපේක්ෂා කරනවාද?

ඇඩ්ලාන් මාගෝව්: ඔබ ඇසුවේ හොඳ ප්‍රශ්නයක්. ටෙහෙරානය ගත හැකි තීරණ ගැන අනුමාන නොකිරීමට මම කැමැතියි. කෙසේ වෙතත්, ඇමරිකානුවන් කුපිත කර ඔවුන් ගැටුමකට ඇද දැමීම ඉරානයේ අවශ්‍යතාවයක් නොවන බව මම තවමත් විශ්වාස කරනවා. එබැවින් ඊශ්‍රායලය ගන්න ක්‍රියාමාර්ග සඳහා දැඩි ප්‍රතිචාරයක් සහ ඇමරිකානු ක්‍රියාමාර්ග සඳහා වඩාත් මධ්‍යස්ථ ප්‍රතිචාරයක් ඉරානය ගනු ඇතැයි මම අපේක්ෂා කරනවා.  එක්සත් ජනපදය ඉරාන හමුදා ජෙනරාල්වරයෙකු වූ කාසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමෙන් පසු ඉරාකයේ පිහිටි එක්සත් ජනපද දේපල වෙත ඉරාන ප්‍රහාර එල්ල කළ ආකාරයට සමාන දෙයක් සමහර විට විය හැකියි. එම ප්‍රහාරවලදී ඇමරිකානුවන් 100 ක් පමණ කම්පන තත්වයට පත් වූ නමුත් කිසිදු මරණයක් වාර්තා වූවේ නැහැ.

කලාපීය යුද්ධයක් වළක්වා ගැනීමේ දෘෂ්ටි කෝණයෙන්, ඊශ්‍රායලයට දැඩි ප්‍රතිචාරයක් දැක්වීම සාධාරණ වන නමුත් එවැනි මෙහෙයුමකට ඉඩ දීම සඳහා එක්සත් ජනපදය විසින් ඇති කර ගන්නා ඕනෑම නිහඬ ගිවිසුමකින් මෙය වෙන් කිරීම කළ යුතුයි. විශාලතම ප්‍රශ්නය වන්නේ මෙය න්‍යෂ්ටික සහ/හෝ මිලිටරි යටිතල පහසුකම් මත ප්‍රහාර හුවමාරුවකින් නතර වේද නැතහොත් සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල වේද යන්නයි, එවැන්නක් ප්‍රධාන කලාපීය යුද්ධයකට තුඩු දිය හැකියි.

ප්‍රශ්නය: රුසියාව සහ ඉරානය මෑතකදී උපායමාර්ගික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. ප්‍රහාරයකදී මැදිහත් වීමට එක් පාර්ශ්වයකටවත් වගකීමක් සහිත බැඳී සිටීමක් සහිත වගන්තියක් නොමැති වුවද, දෙරට තවමත් එකිනෙකා මිත්‍ර පාක්ෂිකයින් ලෙස සලකනු ලබනවා.ඒ අනුව ඉරානය රුසියාවෙන් අපේක්ෂා කරන්නේ කුමන ආකාරයේ ප්‍රතිචාරයක්ද?

ඇඩ්ලාන් මාගෝව්:ප්‍රසිද්ධියේ සහ ප්‍රසිද්ධියේ නොවන දේ අනුව විනිශ්චය කිරීමෙන්, ඉරාන ජාතිකයන් ඊශ්‍රායලයේ ක්‍රියාවන්ට හැකි තරම් දරුණුතම හෙළා දැකීම අපේක්ෂා කරනු ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) වැනි විවිධ ජාත්‍යන්තර සංසදවලදී රුසියාව සහ චීනය මෙම ගැටලුව මතු කරනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනු ඇත. ඊට අමතරව, අතිරේක ආරක්ෂක උපකරණ සැපයීම ඇතුළුව රුසියාව සමඟ මිලිටරි-තාක්ෂණික සහයෝගීතාව දිගටම කරගෙන යාමට ඉරාන ජාතිකයින් ඊටත් වඩා උනන්දු වනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකියි.නමුත් මෙය මහජනතාවගේ සාකච්ඡාවට බඳුන් වීම සඳහා නොවෙයි.

From the blast zone: Russian expert on Iran’s calm – and its next moves

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.