News Category
From Date
To Date
Maximum Number of Result

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

Jun 17, 2025 at 04:46 PM
|

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)  රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්, එම උපදෙස් මත 2022 වසර මුල සිට මේ දක්වා සිදු වී ඇති ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 50% කට වැඩි ප‍්‍රමාණයකින් අවප‍්‍රමාණය කිරීම, විදුලි ගාස්තු, ජල ගාස්තු සහ අනෙකුත් සියළු ගාස්තු වැඩි කිරීම්, වැට් බදු 8% සිට 18% දක්වා වැඩි කිරීම සහ පුද්ගලික ආදායම් බද්ද 18% සිට 36% දක්වා වැඩි කිරීම මෙන්ම අපනයන ඇතුළු අනෙකුත් සියළු ව්‍යාපාර සඳහා ආදායම් බද්ද 24% සිට 30% දක්වා වැඩි කිරීමද සිදුකර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ සම්බන්ධයෙන් කරුණු සඳහන් කරන සවිස්තරාත්මක ලිපිය පහළින්..

පසුගිය 2020-2023 වකවානුවේදී ශ‍්‍රී ලංකාවේ ඇති වූ විදේශ විනිමය අර්බුධයට විසඳුම් සපයන්නෙකු ලෙස ඉදිරිපත් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඉන්පසු බලයට පත්වූ ජනාධිපතිවරුන් වන රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කරමින් සිටි. එම උපදෙස් මත 2022 වසර මුල සිට මේ දක්වා සිදු වී ඇති ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 50% කට වැඩි ප‍්‍රමාණයකින් අවප‍්‍රමාණය කිරීම, විදුලි ගාස්තු, ජල ගාස්තු සහ අනෙකුත් සියළු ගාස්තු වැඩි කිරීම්, වැට් බදු 8% සිට 18% දක්වා වැඩි කිරීම සහ පුද්ගලික ආදායම් බද්ද 18% සිට 36% දක්වා, වැඩි කිරීම මෙන්ම අපනයන ඇතුළු අනෙකුත් සියළු ව්‍යාපාර සඳහා ආදායම් බද්ද 24% සිට 30% දක්වා වැඩි කිරීමද සිදුකර ඇත. 

ඉහත සියළු මිල වැඩි කිරීම සහ බදු වැඩි කිරීම නිසාවෙන් පොදු ජනතාවට තමන්ගේ ආදායම් වියදම් සමබර කරගැනීම කළ නොහැකි තත්ත්වයකට පත්වී ඇති අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් සහ කළමණාකරුවන් ඇතුළු වයස අවුරුදු 50 අඩු විශාල ජනතාවක් විදේශ රටවල කුලී වැඩ කිරීමට පවා සුදානමින් ශ‍්‍රී ලංකාව හැර යාමද මේ වනවිට සිදු වෙමින් පවතී. එසේ රට හැරදා යාමට අකැමැති හෝ නොහැකි ජනතාව දේශපාලනඥයින් දේශන කරන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒජන්තයා ලෙස පෙනී සිටින ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන පරිදි දැනට ජනතාව වෙත බලහත්කාරයෙන් පොවන්නා වූ තිත්ත බෙහෙත් මගින් කෙටි කලකදී රටට සෞභාග්‍ය උදාවෙනු ඇතැයි අපේක්ෂා කරමින් බැරි බරක් කර තබාගෙන ජීවත් වෙති. 

නිදහස ලැබීමෙන් පසු ශ‍්‍රී ලංකා රජයේ විදේශ විනිමය පාලනය සිදු කරනුයේ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසිනි. එය 1950 වසරේදී 1949 අංක 58 දරන මුදල් නීති පනත (MLA) යටතේ ස්ථාපිත කර ඇත. 1950 වසරේ ස්ථාපිත කරන ලද ශ‍්‍රී ලංකා මහ බැංකුවෙහි පළමු අධිපති ලෙස ඇමෙරිකානු ජාතික ජෝන් එක්ස්ටර් ක‍්‍රියා කර ඇති අතර එතැන් සිට මේ දක්වා වූ වසර 75ක කාලයක් පුරා ශ‍්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් හිස් මුුදුනින් පිළිගනිමින් ක‍්‍රියා කරන ලද ආයතනයක් බව ඉතා පැහැදිලිය. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලධාරීන් විශ‍්‍රාම ගැනීමෙන් පසු පිවිසෙන්නා වූ දිව්‍ය ලෝකය ලෙස ඔවුන් දකිනුයේ ජාත්‍යන්තර පුල්‍ය අරමුදලේ හෝ ලෝක බැංකු අනුබද්ධ ආයතනයක කුමන හෝ තනතුරක් ලබාගෙන ඒ සඳහා ”ඩොලර් වැටුපක්’ ලබමින් විදේශගතව සිටීම බව රහසක් නොවේ. 

ශ‍්‍රී ලංකා මහ බැංකුව යටතේ පාලනය වන විදේශ විනිමය ප‍්‍රතිපත්තීන් මත 1950 වසරේදී ඇමෙරිකානු ඩොලරයේ අගය ශ‍්‍රී ලංකා රුපියල් 4.76 ක් වූ අතර 2022 මැයි මස ඉහළම අගයක් වාර්ථා කරමින් ඇමෙරිකානු ඩොලරයේ අගය ශ‍්‍රී ලංකා රුපියල් 360/- ඉක්මවා යන ලෙස මහ බැංකුව විසින් රුපියල බාල්දු කරනු ලැබීය. ආනයන මත යැපෙන්නා වූ රටක් වන ශ‍්‍රී ලංකාවට රුපියල බාල්දු කළද ආනයන ඉක්මවමින් අපනයනය වැඩි කර ගැනීමට පසුගිය වසර 75ක් පුරාවට හැකිවී නැත. සිදුවී ඇති එකම දේ ජීවන බර වැඩිවීම සහ විදේශ ණය වැඩිවීමයි. මෙම කි‍්‍රයාවලියේ අවසානය කුමක්දැයි තේරුම් ගැනීම සඳහා මූල්‍ය අරමුදලේ උපදෙස් මත ඊජිප්තුවේ මහ බැංකුව සහ රජය ක‍්‍රියාකළ ආකාරය තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. 

ඊට අදාලව ඊජිප්තුවේ කයිරෝ නුවර ඇමෙරිකානු විශ්ව විද්‍යාලයෙහි (American University in Cairo) සහකාර මහාචාර්යවරයෙකු සහ ඇමෙරිකාවේ ස්ටැන්ෆෝර්ඞ් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය ඇඞ්ලි Dr. Amr Adly විසින් Bretton Woods Project ආයතනයේ වෙබ් අඩවියෙහි 2023 වසර අවසානයේදී පළ කරන ලද How the ¸MF became part of Egypt's problem  (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවේ ප‍්‍රශ්නයේ කොටසක් වූ හැටි* යන මාතෘකාව යටතේ ඉතා වැදගත් ලිපියක් පළ කර ඇත. ආචාර්ය ඇඞ්ලි ඔහුගේ ලිපියෙහි පවසන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව පසුගිය වසර 10 තුළදී ගෝලීය දකුණෙහි ඇති රටවල මූල්‍ය ප‍්‍රතිපත්තීන් සහ පාලන තන්ත‍්‍රයන් වෙනස් කිරීම් සඳහා කැපී පෙනෙන වැඩි වීමක් සහිතව දායක වී ඇත. එහි එක් පියවරක් ලෙස 2016 වසර වන විට ඊජිත්තුවේ ඇතිව තිබූ විදේශ විනිමය අර්බුදය සමනය කිරීම සඳහා යැයි පවසමින් 2016 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුව වෙත ඩොලර් බිලියන 12ක ණය මුදලක් ලබා දෙන වැඩසටහනක් ක‍්‍රියාත්මක කරමින් ඉතා දරුණු සමාජ සුභසාධන කප්පාදු කිරීම්, බදු වැඩි කිරීම්, ඊජිප්තු පවුම අවප‍්‍රමාණය කිරීම් සිදු කර ඇත. 

ඉන්පසුව ඉහත සඳහන් කළ ඩොලර් බිලියන 12 ට අමතරව 2016-2019 වකවානුවේ තවත් ඩොලර් බිලියන 9 ක මුදලක් ජාත්‍යන්තර වෙළඳ පොලෙන් ලබා ගැනීමට ද ඊජිප්තුවට උපදෙස් ලබාදී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් හමුවේ ක‍්‍රියාත්මක කල ප‍්‍රතිපත්තීන් අනුව 2019 වසර අවසන් වන විට රටේ දුප්පත්භාවය 5% කින් වැඩි වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එය සාධාරණීකරනය කරන ලද්දේ රටේ ලෙඩ සුව කර ගැනීමට නම් ජනතාව ‘‘ තිත්ත බෙහෙත් ‘‘ ගතයුතු බව පවසමිනි. Iඵත්‍ ආගමනයට පෙර 2015 අවසානය වන විට ඊජිප්තුවේ තිබූ විදේශ ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 49.87 ක් වූ අතර 2016 සිට ජනතාව Iඵත්‍ තිත්ත බෙහෙත් බොමින් බැරි බර කර තබාගෙන  වසර 4ක් ගත කිරීමෙන් පසුවද ඊජිප්තුවේ විදේශ ණය ප‍්‍රමාණය 2019 වසර අවසන් වන විට ඩොලර් බිලියන 114.91 දක්වා වැඩි වී ඇත. එසේ ණය ප‍්‍රමාණය වැඩි වී තිබුණ ද ආර්ථිකය පවත්වාගෙන යෑම සඳහා තවත් ඇ.ඩො බිලියන 7.9 ක මුදලක් IMF  වෙතින් ණයට ගැනීමට 2020 වසරේදී ඊජිප්තුවට සිදු විය.

ආචාර්ය ඇඞ්ලිට අනුව IMF සහ ලෝක බැංකුව විසින් විශාල වශයෙන් උදම් ඇනූ ඊජිප්තුවේ ‘පිබිදීම” ව්‍යාජ හෙවත් ඇදවැටී නොසිටීම සඳහා විදේශ ණය විශාල ලෙස වැඩිවීම මත පදනම් වූ  ක‍්‍රයාවලියකි. ඒ සමඟම, විදේශ ණය පියවීම සඳහා ගෙවිය යුතු මුදල් මුළු විදේශ ආදායමට සාපේක්ෂව 2018 දී 15.3%ක් වූ අතර, 2022දී එය 23.1%ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊට අමතරව 2017දී ඇ. විදේශ ණය ප‍්‍රමාණය 2022 වන විට ඇ. ඩොලර් බිලියන 156ක් දක්වා වැඩි වී ඇත. එම කාලය අතරතුර, ඊජිප්තුව වාර්ෂිකව ගෙවිය යුතු ණය ප‍්‍රමාණය ඇ. ඩොලර් බිලියන 7.3 (2016* සිට ඇ. ඩොලර් බිලියන 26.3ක් (2022) දක්වා සෑම අවුරුද්දකම වැඩිවීමක් සිදුවිය. මෙම වැඩිවීම ඊජිප්තුවට දරාගත නොහැකි තත්ත්වයක් වූ අතර ඊජිප්තුවට ජාත්‍යන්තර වෙළඳ පොලෙන් ණය ලබාගැනීමේ හැකියාවද නැතිවිය. එම තත්ත්වයන් යටතේ ඊජිප්තුව IMF ග‍්‍රහණයට තවත් යටත් විය. 2022 වසර වන විට ඊජිප්තු විදේශීය ණය ප‍්‍රමාණයෙන් 42% ක්ම IMF සතුව තිබිණි. මෙම තත්ත්වය භයානක ලෙස ඊජිප්තුවට බලපානුයේ ද්විපාර්ශවික ණය සහ බැඳුම්කර ගෙවීම් කොන්දේසි වෙනස් කරගත හැකි වුවද IMF වෙත ලබාදී ඇති කොන්දේසි වෙනස් කරගත නොහැකි බැවිණි. එම තත්ත්වය යටතේ ජනතාව මත තව දුරටත් බර පටවමින් සහ දේශීය ආර්ථිකය බිඳවට්ටවමින් එම කොන්දේසි දිගින් දිගටම ඉටු කිරීමට සිදුවිය. 

ඊජිප්තුවේ තත්වය සැළකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකාවට හා පොදු ජනතාවට IMF සහ ඔවුන්ගේ ශ‍්‍රී ලාංකික ඒජන්තයින් විසින් ඉදිරියේදී කුමක් කරනු ඇද්ද යන්න විමසා බැලිය යුතුය. කෙසේ වෙතත් 2022 ට පෙර වකවානු වලදී පවා ශ‍්‍රී ලංකාව IMF වෙතින් ණය ලබාගෙන තිබුණද 2022 ආර්ථික අර්බුදයෙන් පසු පත් කරන ලද වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ පාලන කාලයේදී මෙන් IMF කොන්දේසි අකුරටම ක‍්‍රියා කිරීමෙන් ජනතාව වෙත බැරි බර පටවන වකවානුවක් ශ‍්‍රී ලංකාවේ තිබී නොමැත. මේ වනවිට ශ‍්‍රී ලංකාවේ මහබැංකුව ක‍්‍රියාත්මක කරනුයේ IMF උපදෙස් පමණක්ම බව බැලූබැල්මට පෙනීයයි. එබැවින් IMF විසින් ඊජිප්තුවට කළ දේ ශ‍්‍රී ලංකාවේද සිදුවනු ඇතැයි සිතීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ වේ.

ඊජිප්තුවට සමගාමීව ශ‍්‍රී ලංකාවේ සමස්ත ණය තොගය වසර 4ක් තුළ වැඞී වී ඇති ආකාරය පුදුම සහගතය. ඒ අනුව 2021 දී ඩොලර් බිලියන 60ක් වූ දේශිය සහ විදේශිය ණය තොගය 2025 මැද භාගය වන විට ඩොලර් බිලියන 128ක් දක්වා එනම් දෙගුණයකට වැඩි ප‍්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. රුපියල් බිලියන 18500 ප‍්‍රමාණයක් ලෙස සටහන් වූ 2024 වන විට පැවති දේශිය ණය තොගය 2025 වන විට රුපියල් බිලියන 2300ක් දක්වා වර්ධනය වී ඇත. දේශීය ණය සඳහා වාර්ෂිකව ගෙවිය යුතු පොලිය පමණක් රුපියල් බිලියන 1600 දක්වා වැඩිවී ඇති අතර එය සමස්ත රාජ්‍ය ආදායමෙන් 60% කට වැඩි ප‍්‍රමාණයකි. මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාට අනුව 2025 දී ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය විසින් ආපසු ගෙවිය යුතු ණය ප‍්‍රමාණය සහ අදාළ පොලී එකතුව ඩොලර් බිලියන 2.45කි. ආණ්ඩුව විසින් මාසිකව බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් ලෙස එදිනෙදා වියදම් සඳහා ලබා ගන්නා ණය ප‍්‍රමාණය මාසිකව රුපියල් බිලියන 400 සිට 700 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව පැහැදිලිව පෙනී යන්නේ විදේශ ණය ආපසු ගෙවීම 2029 දක්වා කල් දැමීම මගින් ලැබී ඇති ”අපායේ විවේක කාලය” තුළ දේශීය ණය බර දෙගුණයකින් ඉහළ යන බව නොවේද? එවැනි තත්ත්වයක් තුළ දේශීය බැංකු පද්ධතිය තුළ බරපතළ ප‍්‍රාග්ධන අර්බුදයක් නිර්මාණය වීමේ තත්වයක් පැන නගින අතර රජයට වැටුප් ගෙවීම සඳහා පවා දේශීය මූල්‍ය වෙළඳපොළින් ණය ලබා ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්වනු ඇත. මූල්‍ය අරමුදලේ බල කිරීම මත 2023 දී සම්මත කළ මහ බැංකු පනත මගින් මහ බැංකුවෙන් ණය ලබා ගැනීම හෙවත් ”මුදල් අච්චු ගැසීම” වළක්වා ඇති බැවින් සහ අදාළ පනත සංශෝධනය කිරීමට මූල්‍ය අරමුදල ඉඩ නොදෙන බැවින් දේශීය ණය අර්බුදයේ ගිලීම හැර වෙනත් කෙටි කාලීන විකල්පයක් තේරීමේ හැකියාවක් ද නැත. 

අනෙක් පැත්තෙන් මහා සමාගම් විසින් සිදුකරන රේගු බදු, සුරා බදු සහ ආදායම් බදු වංචා මැඬලීමට ආණ්ඩුව කිසිදු නීතිමය හෝ ආයතනමය පියවර ගැනීමට අසමත් වන තත්ත්වයක් යටතේ රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම දුෂ්කර වී ඇත. පසුගිය අයවැය ලේඛනය තුළ අයවැය පරතරය බිලියන 2200ක් ලෙස පවතිද්දී ණය ගැනීමේ සීමාව බිලියන 4400ක් දක්වා දෙගුණයකින් ඉහළ දැමීමට සිදුවන්නේ මහ බැංකු නිලධාරීන් මෙම තත්ත්වය අවබෝධ කරගෙන සිටින නිසා බව ඉතා පැහැදිලිය.  ඒ අතර ඊනියා දේශපාලන රජය විසින් සම්මත කළ නව වදේශ විනිමය පනත මගින් කළු වෙළඳපොළ සහ නීතිවිරෝධී ක‍්‍රියා ප‍්‍රචලිත කෙරෙන බැවින් එම පනත සංශෝධනය කිරීමෙන් තොරව විදේශ විනිමය අර්බුදයට දීර්ඝකාලීන විසඳුම් සෙවීම පීඩනයක් පමණක් වනු ඇත. 

ඒ අතර වැට් බදු ඉහළ දැමීම තුළ අවංකව බදු ගෙවන දේශීය සමාගම් එකින් එක වැසී යන අතර විදුලි බිල ඉහළ යෑම සමග තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙනු ඇත. එම තත්ත්වය තුළ පැවතිය හැක්කේ බදු වංචා කරන සහ ආනයන දිරිමත් කරන ජාවාරම්කාර ව්‍යාපාරික ප‍්‍රජාවට පමණක් වන අතර දේශීය නිෂ්පාදන පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳවැටීමේ අවදානමක් ඇත. ගෝලීය තීරු බදු යුද්ධය තුළ දේශීය ඇඟලූම් කර්මාන්තයට තවදුරටත් පැවතිය නොහැකි තත්ත්වයක් වර්ධනය වන අතර දහස් ගණනින් රැකියා අහිමිවීමේ තත්ත්වයක් පැන නැගී ඇත.

මෙම සියල්ලෙහි එහි අවසාන ප‍්‍රතිඵලය ලෙස මූල්‍ය අරමුදලේ ප‍්‍රකාශයන්ට අනුව දැනටමත් 50%  මට්ටමේ පවතින දුප්පත්කමේ රේඛාවට පහළින් සිටින පවුල් සංඛ්‍යාව කුමන ප‍්‍රතිශතයක් දක්වා වර්ධනය වනු ඇත්ද? ඊට අමතරව අපරාධ ඉහළ යාම, දිවි නසා ගැනීම් වැඩිවීම, දරුවන්ගේ මන්ද පෝෂණය ඉහළ යාම, දරුවන් සිඟමන් යැදීමට පෙළඹවීම වැඩිවීම ආදි වශයෙන් ආර්ථිකයේ බරපතළ බිඳ වැටීම් පමණක් නොව සමස්ත සමාජයේ බිඳ වැටීමක් ද සිදුවීමේ අනතුර බැහැර කළ නොහැක. අදවන විට මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි ඊජිප්තුවේ මිලියන 100ක් ජනතාව ඒ සියල්ල අත්දකිමින් සිටිති. 

වෛද්‍ය වසන්ත බණ්ඩාර

ලේකම්,

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය.


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.