News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

Jun 17, 2025 at 12:35 PM
|

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

එම තත්ත්වය සහ මෙම ගැටුමේ අනාගතය පිළිබඳව භූ දේශපාලන විචාරක, ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පළ කළ අදහස් මෙසේය.

ප්‍රශ්නය – මේ වනවිට ඊශ්‍රායලය සහ ඉරානය යුද්ධයක පැටලිලා සිටිනවා. ඔබගේ තක්සේරුව අනුව මෙම යුද්ධයේ අවසානය කුමක්වේවිද?

පිළිතුර – ඇමරිකාව, රුසියාව ඇතුළු කිසිම පාර්ශ්වයක් මෙම යුද්ධයට කැමති නැහැ. සෑම පාර්ශ්වයක්ම කියන්නේ යුද්ධය නතර කරල සාම සාකච්ඡා කරන්න කියන එක තමයි. ඊශ්‍රායල් ජාතිකයන්ගේ සහ ඉරාන ජාතිකයන්ගෙන් බහුතරයක් මෙම යුද්ධයට කැමති නැහැ. බහුතරයක් දේශපාලන විචාරකයන් දකින්නේ බෙංජමින් නෙතන්යාහු අගමැතිවරයාගේ පෞද්ගලික පැවැත්ම සඳහා මෙම යුද්ධය කරන බව තමයි. රුසියාව ඇතුළු බි්‍රක්ස් සංවිධානයට අයත් රටවලුත් මෙම යුද්ධය දකින්නේ යුක්රේනයේ සෙලෙස්කි ඔහුගේ පැවැත්ම සඳහා කරන යුද්ධය ලෙස තමයි.

දැනට ලැබිල තිබෙන තොරතුරු අනුව ඊශ්‍රායලයේ මිසයිල ආරක්ෂණ පද්ධතියට විශාල වශයෙන් හානි සිදුවී තිබෙනවා. එම නිසා ඊශ්‍රායලයේ තිබූ ප්‍රධාන තෙල් පිරිපහදුවකුත් විනාශ වෙලා තිබෙනවා. ඒ වගේම හයිතා නමැති වරාය වටාත් විශාල හානියක් සිදුවී තිබෙනවා. ඒ වගේම ඉරානය ඊශ්‍රායලයේ ජනතාවට දැනුම් දී තිබෙන විදුලි මධ්‍යස්ථාන සහ න්‍යෂ්ටික පර්යේෂණ කරන ආයතන අසලින් ඉවත් වන ලෙස. ඊශ්‍රායලය කියන්නේ කුඩා රටක්. නමුත් ඉරානය කියන්නේ කඳු, වනාන්තරවලින් සමන්විත විශාල රටක්. එම හේතු සාධකයන් නිසා ඊශ්‍රායලයේ පැවැත්ම පිළිබඳ ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. එම හේතු සාධකයන් ඊශ්‍රායලයට බල කරනවා මෙම යුද්ධය නතර කරන ලෙසට. මෙම යුද්ධය පටන් ගත්තේ ඊශ්‍රායලය විසින්. එම නිසා මෙම යුද්ධය නතර කිරීමට සිද්ධ වෙන්නෙත් ඊශ්‍රායලයට.

ප්‍රශ්නය – හමාස් සංවිධානය 2023 ඔක්තෝබර් 07 දින ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරල එරට ජනතාව ප්‍රාණ ඇපකරුවන් ලෙස පවා පැහැරගෙන ගියා. එම ප්‍රහාරයෙන් පසුව නේද බෙංජමින් නෙතන්යාහු අගමැතිවරයා පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කළේ?

පිළිතුර – ඊශ්‍රායලය නමැති රට, පිහිටුවපු දවසේ සිට අසල්වැසි රටවල් සමග යුද්ධ කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය 1948 දී ප්‍රකාශයට පත් කරන ලද ප්‍රඥප්තියට අනුව එම භූමියේ ඊශ්‍රායලය මෙන්ම පලස්තීනය නමිනුත් රාජ්‍යයක් පැවතිය යුතුයි. යසර් අර්පත් ජීවතුන් අතර සිටිනතුරා පලස්තීන විමුක්ති සංවිධානයේ නායකයා ලෙස ඒ සඳහා සටන් කළා. පලස්තීන විමුක්ති සංවිධානය, නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක්. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකයෙක් නොවුණත් සාමාජිකයෙක්.

මේ වනවිට ඊශ්‍රායලයට, පලස්තීනය සමග යුද්ධ කිහිපයක්ම කරලා තිබෙනවා. එම යුද්ධවලින් ඊශ්‍රායලය, පලස්තීනයට අයත් භූමිය අත්පත් කරගෙන තිබෙනවා. එපමණක් නොවෙයි ඊශ්‍රායලය ඊජිප්තුව සමග වගේම ලෙබනනය සමගත් යුද්ධ කළා. ඊශ්‍රායලය කියන්නේ අසල්වැසි රටවල් සමග යුද්ධ කරන රටක්.

ඊශ්‍රායලයේ හිටපු අගමැතිවරයෙකු වන එහුද් ඔල්මර්ත් ප්‍රකාශ කරලා තිබෙනවා, හමාස් සංවිධානය යනු බෙංජමින් නෙතන්යාහු විසින් තමන්ගේ පෞද්ගලික බලය තහවුරු කර ගැනීම සඳහා බලගැන්වූ පලස්තීනුවන් කොටසක් කියලා. ඒ අනුව නම් එතන ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ බෙදා පාලනය කිරීමේ න්‍යායයි. යසර් අර්පත්ට බලය තිබුණේ වම් ඉවුර ප්‍රදේශයේ. නමුත් ගාසා තීරයේ පැවැති මැතිවරණයේදී බලය පිහිටුවූයේ හමාස් සංවිධානය. හමාස් කියන්නේ ගාසා තීරයේ බලය තිබුණ ඊශ්‍රායලය විසින් පිළිගත් පාර්ශ්වයක්.

බෙංජමින් නෙතන්යාහුට තවදුරටත් බලය පවත්වාගෙන යෑම සඳහා යුද්ධයක් අවශ්‍යයි. අවසන් වරට පැවති මැතිවරණයේදී නෙතන්යාහු බලයට ආවේ රැඩිකල්වාදී කණ්ඩායම් සමග එකතු වෙලා. සුළු බහුතරයකින් තමයි නෙතංයාහු බලය පිහිටුවූයේ. ඔහුට තවදුරටත් බලය පවත්වාගෙන යෑම සඳහා ව්‍යවස්ථාව වෙනස් කළ යුතු වනවා. එම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂය සහ ජනතාව විරෝධතා දියත් කරනවා. මහ පාරේ හර්තාල්, විරෝධතා සිද්ධ කරනවා. එම පසුබිමේ තමයි ඔක්තෝබර් ප්‍රහාරය කරළියට එන්නේ. එය සිද්ධ වූයේ කෙසේද කියල කියන්න අපි දන්නේ නැහැ. නමුත් එම සිදුවීම් අතර සහසම්බන්ධයක් තිබෙන බවට සැක සංකා මතුවෙලා තිබෙනවා.

ප්‍රශ්නය – ඊශ්‍රායලයේ හිටපු අගමැති එහුද් ඔල්මර්ත්ගේ ප්‍රකාශය ගැන පලස්තීන පාර්ශ්වයේ අදහස් කුමක්ද?

පිළිතුර – එහුද් ඔල්මර්ත්ගේ අදහස අනුමත කරන පලස්තීනුවන් පමණක් නොවෙයි ඊශ්‍රායල් ජාතිකයනුත් සිටිනවා. එහුද් ඔල්මර්ත් කියන්නේත් යුදෙව් ජාතිකයෙක්. යුද්ධය ආරම්භ කිරීමට පෙර ඊශ්‍රායලය තුළ නෙතන්යාහුට පක්ෂව 40%ක පමණ පිරිසක් හෝ සිටියේ නැහැ. පැහැදිලිවම ඊශ්‍රායලය තුළ බලය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා.

ප්‍රශ්නය – අද වනවිට ඉරානය නමැති රට පිහිටා තිබෙන භූමියේ අතීතයේදී පිහිටා තිබුණේ පර්සියාව නමැති රට. පර්සියාව ආක්‍රමණය කරලා එරටින් පර්සි ජාතිකයන් පලවා හැරලා තමයි ඉරානය පිහිටුවා තිබුණේ.

ඊශ්‍රායල් – ඉරාන යුද්ධය ආරම්භවීමෙන් අනතුරුව ජාතිය ඇමතූ අගමැති බෙංජමින් නෙතන්යාහු පර්සියාව පිළිබඳවත් ඉරාන ජනතාවට නිදහස ලබාදෙන බවත් ප්‍රකාශ කළා. එම ප්‍රකාශයන් ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – රුසියාවට විරුද්ධව යුක්රේනය අවුස්සල ඇමරිකාවේ ජෝ බයිඩන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේත්, පුටින්ගේ පාලනයෙන් රුසියන් ජනතාව මුදාගන්නා බව තමයි. නමුත් රුසියාවේ ජනතාවගෙන් 80%කට වඩා පුටිං ජනාධිපතිවරයාට කැමැතියි. ඒ වගේම බටහිර රටවල ජනයා අතරත් වැඩියෙන්ම ජනප්‍රිය නායකයා පුටිං. පුටිංගේ පාලන කාලය තුළදී සිදුවී තිබෙන වෙනස වෙනත් කිසිදු රටක සිදුවූ වෙනසකට සමාන කරන්න බෑ. ඉරානය කියන්නෙත් පසුගිය දශක කිහිපය තුළ බටහිර රටවල් සම්බාධක පනවා තිබියදීත් විශාල වශයෙන් දියුණු වූ රටක්. ඉරානය පසු ගිය කාලයේ ඉදිකළ වරායවල් ඉතා දියුණු මට්ටමක තිබෙනවා. ඉරානය තමන්ගේම ආරක්ෂණ පද්ධතියක් දියුණු කරගෙන තිබෙනවා. ඒ වගේම ලෝකයෙන් තුන්වෙනියට සබ්මැරීන් බළඇණිය තිබෙන්නේ ඉරානයට. ඉරානයට පනවා තිබෙන සම්බාධක මැද එරට ඔවුන්ගේ නැව්වලින් තෙල් ගනුදෙනු කරනවා. චීනයට සිටින ප්‍රධාන වෙළෙඳ ගනුදෙනු කරන රටක් තමයි ඉරානය. එම නිසා ඊශ්‍රායලයේ අගමැති බෙංජමින් නෙතංයාහුට කියන්න බැහැ ඉරානයේ ජනතාව නිදහස් කරගන්න බව.

ඉරානය තමයි ඊශ්‍රායලය පිළිගත් කලාපයේ පළමු රට. ඒ වනවිට එරට පාලකයා ලෙස කටයුතු කළේ ෂා රජු. ෂා රජු යුදෙව්වන් සමග ගනුදෙනු කළා. ඉරානයේ සිදුවූ විප්ලවයෙන් අනතුරුව තමයි එම තත්ත්වය වෙනස් වූයේ. එරට තුළ සිද්ධ වූයේ ජනතා විප්ලවයක්. එම විප්ලවය තුළ ආගමික නායකයෙක් සහ ආගමික පසුබිමක් තිබෙනවා. නමුත් ඉරානය තුළ ආගමික නිදහස තිබෙනවා. එරට තුළ යුදෙව්වන් සිටිනවා. ආර්මේනියන් ජාතිකයන් සිටිනවා. ඒ වගේම ක්‍රිස්තියානි බැතිමතුන් සිටිනවා. මැදපෙරදිග වෙන රටවල්වලට වඩා ආගමික නිදහස ඉරානයේ තිබෙනවා.

බටහිර රටවල් කියන්නේ ඔවුන්ගේ ආකෘතියේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය යුතු බව තමයි. බටහිර රටවල් අපටත් කියන්නේ ඒක තමයි. නමුත් අපට වසර 2500ක ඉතිහාසයක් තිබෙනවා. ඒ අනුව බැලුවහම අපේ ප්‍රජාතන්ත්‍රවාදය, ඔවුන්ගේම ප්‍රජාතන්ත්‍රවාදය විය යුතු නැහැ. ඉරානයටත් එබඳු ඉතිහාසයක් තිබෙනවා. එම නිසා බටහිරට බැහැ ඉරානයේ ජනතාව මොකද්ද කරන්න ඕනි කියල කියන්න.

ප්‍රශ්නය – මෙම යුද්ධය ආරම්භ කිරීමෙන් පසුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා පලස්තීන ජනතාවට වෙනත් අරාබි රටවලින් ඉඩම් ලබාදිය යුතු බව. ඒ අනුව පැහැදිලි වනවා පලස්තීන ජනතාව එම භූමියෙන් ඉවත් කිරීමේ සැලසුමක් තිබෙන බව. එම ප්‍රකාශය පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

පිළිතුර – ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රවේශයට වඩා රුසියාව ඇතුළු සෝවියට් දේශයට අයත්ව තිබූ රටවල්, චීනය වැනි රටවල ප්‍රවේශය වෙනස් වෙනවා. දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අධිකරණයේ ඊශ්‍රායලයට එරෙහිව නඩු තියෙනවා. ජනසංහාරයක් කරන බවට තමයි චෝදනා කරලා තිබෙන්නේ.

එහෙත් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලයට සහයෝගය දක්වනවා. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා එම ජනසංහාරයට සහයෝගය දක්වනවා. එම සංහාරයට සහයෝගය දක්වන අතරේ මහා ඊශ්‍රායලය නමැති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මූලයන් සොයා බැලුවොත් ඔහුත් යුදෙව් ජාතිකයෙක් වෙනවා. ඔහුගේ පළමු ධුර කාලයේදී ඊශ්‍රායලයේ අගනගරය ලෙස ජෙරුසලම නම් කරනවා. එය ප්‍රධාන ආගම් තුනකට අයත් නගරයක් ලෙස පිළිගෙන තිබෙනවා. නමුත් එම ලෝක මතයට පිටින් යමින් ඇමරිකන් තානාපති කාර්යාලයත් එම නගරයට ගෙන එනවා. ඒ අනුව පෙනී යනවා ඩොනල්ට් ට්‍රම්ප් කරන සෑම ප්‍රකාශයක්ම අපි නීතියක් ලෙස දැකිය යුතු නැති බව. මම කියන්නේ එම මතය වැරදියි. පලස්තීනය කියන්නේ, පලස්තීනුවන්ගේ නිජභූමිය. එම භූමියේ අයිතිය ඔවුන්ට තිබෙනවා. එම භූමියෙන් ඔවුන් ඉවත් කිරීමට බැහැ.

ප්‍රශ්නය – මෙම යුද්ධය අපේ රටට මොන ආකාරයට බලපාවිද?

පිළිතුර – ඉරානය සහ කටාර් විසින් පාලනය කරන ප්‍රධාන ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානයක් තිබෙනවා. එය ලෝකයේ ගෑස් සංචිතවලින් 10%ක් වනවා. එම මධ්‍යස්ථානවලට ප්‍රහාරයක් එල්ල වුවහොත් ගෑස් මිල ඉහළ යන්න පුළුවන්. මෙම යුද්ධය නිසා තෙල් බැරල් එකක මිල ඩොලර් 250 දක්වා ඉහළ යෑමේ අනතුරක් තිබෙනවා. එම තත්ත්වය අපේ ආර්ථිකයට බලපානවා. අපේ රටට ඩොලර් බිලියන 7ක පමණ ආදායමක් එන්නේ විදේශීය ශ්‍රමිකයන්ගෙන්. ඔවුන්ගෙන් විශාල පිරිසක් වැඩ කරන්නේ මැදපෙරදිග කලාපයේ. මෙම යුද්ධය දිගින් දිගටම පැවතුණහොත් එම සේවකයන් යළිත් මෙරටට එන්න ඉඩ තිබෙනවා. එසේ වුවහොත් අපට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වෙනවා.

ලංකාවට බොහෝ සංචාරකයන් පැමිණෙන්නේ මැදපෙරදිග තිබෙන ගුවන්තොටුපළවල්වලින් සහ සංචාරක සමාගම්වලින් තමයි. මෙම දින කිහිපය තුළ පමණක් සංචාරකයන් දෙතුන් දහසක් මෙරටට පැමිණීම නතර වී තිබෙනවා. ඒ අනුව පෙනී යනවා මෙම යුද්ධය අපේ සංචාරක ව්‍යාපාරයටත් ගැටලුවක් වන බව. එම බලපෑමත් මෙම යුද්ධය නිසා අපේ ආර්ථිකයට ඇතිවීමට ඉඩ තිබෙනවා.

සාකච්ඡාව – එරික් ගාමිණී ජිනප්‍රිය

ජගත් කණහැරආරච්චි

(දිවයින)


සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.