
ජනපති අනුර ජර්මානු සංචාරයේ දී දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් මුණගැසුනා ද?.. (වීඩියෝ)
ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 15 වැනි දා යළි දිවයිනට පැමිණියේ ය.
පසුගිය 11 වැනිදා සිට 13 වැනිදා දක්වා ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජර්මනියේ නිල සංචාරයක නිරතවූ අතර ඒ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් - වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනයකට අනුවය.
මෙම නිල සංචාරයේ දී ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් යන මහත්ම මහත්මීන් හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
එමෙන්ම ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් එම සංගම් මුලස්ථානයේදී සංවිධානය කරනු ලැබූ ව්‍යාපාරික සංසදයට සහභාගී වූ ජනාධිපති අනුර දිසානායක මහතා එහි ප්‍රධාන දේශනයද සිදු කළේය.
කෙසේවුව ද ජනාධිපතිවරයා මෙම සංචාරයේ දී බර්ලින් නුවර දී ජනහමුවකට ද සහභාගී වී ඇති අතර, එහිදී එම ජනහමුව සඳහා දෙමළ ජයස්පෝරාවේ සාමාජිකයන් ද එක්ව ඇති බවටත් තොරතුරු වාර්තා වේ.
එම ජනහමුව සංවිධානය කර ඇත්තේ ජාතික ජනබලවේගයට සම්බන්ධ රාජේන්ද්‍රන් නමැත්තකු වසින් බවත් වාර්තා වන අතර, එහිදී එම නියෝජිතයන් පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති සමග තමන් වැඩකටයුතු කිරීමට කැමති බවත්, ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වීමට ද කටයුතු කරන බවත් ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
