ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමයි..
ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇතැයි ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
මේ හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් තම පැමිණීම නැවත දැනුම් දෙනතුරු පමා කරන ලෙස තානාපති කාර්යාලය දැනුම් දී ඇති අතර මෙම නිවේදනය ශ්‍රී ලංකාව බලා පිටත්ව යන පිරිස් වෙතද වලංගු බවද සඳහන් කර තිබේ.
එමෙන්ම ඊශ්‍රායලය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර සියලු කාර්යාලය හා වැඩබිම්වල කටයුතු ද නවතා දමා ඇති බවද තානාපති කාර්යාලය පවසයි.
මේ හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට සිය ආරක්ෂාව සලසා ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති අතර සතුරු පාර්ශ්වයන්ගෙන් ඉල්ල විය හැකි ප්‍රහාර හමුවේ ආරක්ෂිතව සිටින ලෙසද එරට වෙසන ශ්‍රී ලාංකිකයින්ගෙන් තානාපති කාර්යාලය ඉල්ලා සිටියි.
තවද සියලු ප්‍රවාහන කටයුතු නවතා දමා ඇති බවත් හදිසි අවස්ථාවක ගිලන් රථ සේවා ක්‍රියාත්මක කර ඇති බවත් තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය 24 පුරා දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවත් තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්