
කොළඹ බලය විපක්‍ෂය අල්ලයි..
කොළඹ මහ නගර සභාව සඳහා විපක්ෂයේ පොදු එකඟත්වයෙන් සමගි ජනබලවේගයෙන් නගරාධිපති ධුරය සඳහා සභිකයෙකු ඉදිරිපත් කරන බවත්, එමෙන්ම එම නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබා දීමට එකඟත්වයකට පැමිණි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
මාධ්‍ය වෙත නලීන් බණ්ඩාර මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
කොමසාරිස්වරු විසින් පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයකට පැමිණිලා සභිකයන්ගේ බහුතර කැමැත්තෙන් සභාපතිවරු, නගරාධිපතිවරු පත් කරන්න නියමිතයි. ඉතින් අපි විශ්වාස කරනවා සමගි ජන බලවේගයත්, සමගි ජන බලවේගයට සහය දෙන පක්ෂත් පොදුවේ විපක්ෂයේ පක්ෂ එකතු වෙලා පළාත් පාලන ආයතන බහුතරයක බලය ලබා ගන්න කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් උදාවෙලා තියෙනවා.
විශේෂයෙන්ම කොළඹ මහ නගර සභාව ගැන කතා කරද්දි කොළඹ මහ නගර සභාවේ බලය කොටවත් හිමි වුණේ නෑ. බහුතරය තියෙන්නේ විපක්ෂයට. ඒ බහුතරයට ස්වාධීන කණ්ඩායම් ගණනාවකුත් ඇතුළත් ත්වෙලා තිබෙනවා. ආණ්ඩුව විශාල උත්සාහයක් දරමින් ඉන්නවා නොයෙක් වරදාන වරප්‍රසාද වලට කේවල් කරන්න. ඉතින් අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා බහුතරයක් සහිතව සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් කොළඹට පත්කරග ගන්න පුළුවන් වෙයි කියලා. නගරාධිපතිවරයා අපි ඉදිරියේදී නම් කරනවා.
තව දවස් දෙකක් තුනක් ඇතුළත කණ්ඩායම රැස් කරනවා. ඒ වගේම අපිට සහයෝගය දෙන මන්ත‍්‍රීවරුත් රැස් කරලා පොදු එකඟතාවයෙන් වැඩි කැමැත්තක් තියෙන මේ වැඩේ කරන්න පුළුවන් නගරාධිපතිවරයෙක් අපේ පාර්ශ්වයෙන් නම් කරනවා.
එක්සත් ජාතික පක්ෂය බොහොම පැහැදිලිව සහයෝගය දෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නියෝජ්‍ය නගරාධිපති තනතුර.
ඒකේ ප්‍රශ්නයක් නෑ. ඔවුන් තමයි දෙවැනියට වැඩිම විපක්ෂයේ මන්ත්‍රී ධුර ලබාගෙන තිබෙන පක්ෂය. ඒ නිසා අපි නියෝජ්‍ය නගරාධිපති තනතුර ඔවුන්ට ලබා දෙන්න එකඟ වෙලා තිබෙනවා.
- දිනේෂ් සමරකෝන්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්‍රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.
රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු
බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර කිව්ව දේ මෙන්න..- මෙරට රුසියා තානාපතිගෙන් අනාවරණයක්..
UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මෙරට සංචාරයකට සූදානමින්..
යුද ජයග්‍රහණය රටට ලබාදුන් රණවිරුවන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවට කොන්දක් නැත්නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් - විමල් කියයි (වීඩියෝ)
චෙක් නොකර වරායෙන් එළියට ගිය කන්ටේනර් 323 ගැන හොයන්න දාපු කමිටුවේ වාර්තාව තවම නැතිලු..
කෙහෙළිය හිරේ දමා භාවිතයෙන් ඉවත් කළ ඖෂධයේ අවුලක් නැහැලු - ඖෂධ නියාමන අධිකාරිය දැන් කියන කතාව මෙන්න.. (වීඩියෝ)
හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..
ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..
