
දේශීය සීනි රට යවලා, රටින් සීනි VAT නැතිව ගේනවා.. IMF නිසා VAT බද්ද අඩු කරන්න බෑ..
අපනයන ආදායම ඉහළ නැංවීමේ පියවරක් ලෙස දේශීයව නිෂ්පාදනය කරන උක් සීනි අපනයනය කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, එමගින් දේශීය සීනි කර්මාන්තශාලා වල ආදායම ඉහළ නංවා සේවකයන් සහ සීනි වගාකරුවන් ආරක්ෂා කිරීමට අපේක්ෂා කරන බවත් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද ප්‍රකාශ කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ දේශීයව නිෂ්පාදනය කරන උක් සීනි සඳහා 18% ක වැට් බද්දක් අය කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසියක් ලෙස වන අතර, ආනයනික සුදු සීනි වැට් බද්දෙන් නිදහස් කර ඇති බවයි.
අමාත්‍යවරයා පැවසුවේ දේශීයව නිෂ්පාදනය කරන උක් සීනි කිලෝවක් කර්මාන්තශාලාවෙන් රුපියල් 236 ක් වන බවත්, ආනයනික සුදු සීනි කිලෝවක් රේගුවේදී රුපියල් 132 ක් වන අතර රුපියල් 50 ක බද්දක් පනවන නමුත් වැට් බද්දක් පනවා නොමැති බවත්ය.
වැට් බද්ද අඩු කරන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් කිහිප වතාවක් ඉල්ලීම් කළද IMF කොන්දේසි නිසා එය කළ නොහැකි වූ බවද ඔහු පැවසීය.
සීනි කර්මාන්තශාලා, ඒවායේ සේවකයන් සහ සීනි වගාකරුවන් ආරක්ෂා කිරීම සඳහා කර්මාන්තශාලා වල ආදායම ඉහළ නැංවීමට විකල්ප සොයමින් සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
දේශීයව නිෂ්පාදනය කරන උක් සීනි වල ඉහළ කාබනික ප්‍රතිශතයක් අඩංගු වන බැවින් ආදායම් ඉපැයීමේ එක් විකල්පයක් ලෙස සීනි අපනයනය කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
“අපේ දේශීය සීනිවල කාබනික ප්‍රතිශතය වැඩියි. මොකද අපි සීනි වගාවට පොහොර අඩු ප්‍රමාණයක් භාවිතා කරනවා. අපි රටවල් කිහිපයක් එක්ක සාකච්ඡා කරලා තියෙනවා අපේ සීනි ඉහළ කාබනික සීනි විදිහට අපනයනය කරන්න. අපිට අපේ සෞඛ්‍ය සම්පන්න සීනි අපනයනය කරලා, සෞඛ්‍යයට අහිතකර සුදු සීනි ආනයනය කරන්න සිද්ධ වීම කණගාටුදායකයි. නමුත් කර්මාන්තය, සේවකයන් සහ සීනි ගොවීන් වෙනුවෙන් අපිට ඒ තීරණය ගන්න වෙනවා. වැට් බද්ද අඩු කරලා දේශීය වෙළඳපොළට අඩු මිලට සීනි දෙන්න පුළුවන් වෙනකම් අපිට මේ කර්මාන්තය ආරක්ෂා කරගන්න ඕනෑ,” ඔහු පැවසීය.
සමහර මාධ්‍ය ආයතන සහ දේශපාලන බලවේග අනවශ්‍ය ප්‍රශ්න ඇති කරමින් දේශීය සීනි කර්මාන්තශාලා කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවත්, දැනට සේවකයින්ට හෝ සීනි වගාකරුවන්ට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් ඔහු පැවසීය.
වෙළෙඳපළට නිකුත් කිරීම සඳහා පැල්වත්ත සීනි සමාගමේ තිබූ සීනි තොගයක් පෙන්වා ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවත්, එහෙත් මීට මාස 08කට පෙර මෙම සමාගම භාරගන්නා විට මෙට්ට්‍රික් ටොන් 33,000 සීනි ගොඩගසා තිබූ බවත් එම අවස්ථාවේ කිසිවෙකු මෙවැනි ප්‍රකාශ සිදුනොකළ බවද අමාත්‍යවරයා කීය.
වෙළෙඳපළට නිකුත්කිරිමට ඇති සීනි තොගයක් පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයින් ආයතනයට එරෙහිව කටයුතු කිරිමට උත්සාහදරමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
උක්ගොවීන් යැයි කියාගන්නා පිරිසක් ඔවුන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මෙලෙස අසත්‍ය ප්‍රචාර සිදුකරන බවද කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
‘මෙම ආයතනය නිකන්ම සීනි හදන ආයතනයක් නොවේ. උක් කර්මාන්තයේ නිරත අයට අපි සාධාරණ ගෙවීම් කරනවා. ලක්ෂ 02කට ආසන්න ගොවි ජනතාවක් මේ නිසා ජිවත් වෙනවා. පවුල් 5000ක් පමණ මේ නිසා ජීවත් වෙනවා’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.
රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු
බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර කිව්ව දේ මෙන්න..- මෙරට රුසියා තානාපතිගෙන් අනාවරණයක්..
UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මෙරට සංචාරයකට සූදානමින්..
යුද ජයග්‍රහණය රටට ලබාදුන් රණවිරුවන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවට කොන්දක් නැත්නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් - විමල් කියයි (වීඩියෝ)
චෙක් නොකර වරායෙන් එළියට ගිය කන්ටේනර් 323 ගැන හොයන්න දාපු කමිටුවේ වාර්තාව තවම නැතිලු..
කෙහෙළිය හිරේ දමා භාවිතයෙන් ඉවත් කළ ඖෂධයේ අවුලක් නැහැලු - ඖෂධ නියාමන අධිකාරිය දැන් කියන කතාව මෙන්න.. (වීඩියෝ)
හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..
ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..
වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)
රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..
අනුරගේ කතාවට ෆොන්සේකාටත් රිදිලා
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්
