ප්‍රසාද දීමනා කප්පාදුවට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය දැඩි තීරණයක් ගනී..
ප්‍රසාද දීමනා කප්පාදු කිරීමට එරෙහිව අද (29) පස්වරු 12.30න් පසු ලංකා බැංකු ශාඛා පද්ධතිය වසාදමා සියලු ගනුදෙනුවලින් ඉවත්වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබේ.
එම සංගමය නිවේදනය කළේ, සිය ඉල්ලීම්වලට නිසි විසඳුමක් නොලැබුණහොත් ලබන 06 වනදා සංකේත වර්ජනයකට අවතීර්ණ වන බවය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමය සාමාජිකයෙක්,
"ලංකා බැංකුව 2024 වර්ෂයේ ඉතිහාසයේ ලංකාවේ ආයතනයක් වාර්තා කළ විශිෂ්ටතම සහ විශාලතම ලාභය බිලියන 107ක් වාර්තා කරන්න සමත් වුණා. ලංකා බැංකුව උපයන ලාබයෙන් වැඩි කොටසක් භාණ්ඩාගාරයට තමා වැය වෙන්නේ. ලංකා බැංකුවේ කාළමනාකාරීත්වයත් අධ්‍යක්ෂක මණ්ඩලයත් සේවක මණ්ඩලය වෙත ලබා දීමට තීරණය කළ අනුමත කළ දිරි දීමනාව මුදල් අමාත්‍යාංශය විසින් කප්පාදු කිරීමට මෙන්ම එ් වගේම ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී මුදල් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනා විසින් එකඟ වූ එකඟතාවයන් ඉෂ්ට කිරීමට මේ වන තෙක් කටයුතු කරලා නෑ. මාස එකහාමාරක් ගත වෙලා. අනුවමත කළ දිරි දීමනාව අසාධාරණ ලෙස කප්පාදු කිරීමට එරෙහිව තමයි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කරන්නේ."
"අපි ආණ්ඩුවට බල කරන්නේ එකඟ වූ එකඟතාවයන් ඉෂ්ට කරන්න. කණගාටුවෙන් වුනත් මේ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන්න අපිට සිදු වෙලා තියෙනවා. මේ වගේ වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් අපි සංවිධානය කරලා තියෙනවා. ආණ්ඩුව විසින් තවදුරටත් විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන සතියේ ඉදලා තීන්දු කරලා තියෙනවා එක්දින වැඩ වර්ජනයක්"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි