අල්ලස් කොමිසමෙන් මර්වින්ට නඩු..
කම්කරු හා මහජන සම්බන්ධීකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වසර දෙක තුළදී එනම් 2010.03.31 වැනිදා හා 2012.03.31 වැනිදා කාලය අතරතුරදී සිය වැටුපෙන් හා ඉපැයීම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදලක් යොදවා අති සුඛෝපභෝගි වාහන, ඉඩකඩම් ඇතුළු දේපළ මිලදී ගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (27දා) කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල පවත්වාගෙන ගිය ගිණුම් 48ක් මගින් එකී දේපළ යානවාහන මිලදී ගැනීම, එකී බැංකුවලින් ලබාගත් ණය පියවීම සඳහා මුදල් වැයකිරීම, එකී මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම, එකී මුදල් හා මුදල් නොවන දේපළ අල්ලස් පනතේ 23 (අ) 1 වගන්තිය යටතේ අල්ලස්වලින් හෝ අල්ලස්වලින් අත්පත්කරගත් යම් දේපළවලින් පරිවර්තනය කර ඇති දේපළ ලෙස සලකනු ලබන හෙයින් අල්ලස් පනතේ 23 (අ) 3 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකර ඇතැයි එමගින් චෝදනා නඟා තිබිණි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක මහතාගේ අත්සනින් ගොනුකර තිබූ එම අධිචෝදනා පත්‍රයේ සඳහන් විත්තිකාර කොළඹ 5 උiාන පාර අංක 7/ 296 දරන ලිපිනයේ පදිංචි හේවා කොපරගේ මර්වින් සිල්වාට එරෙහිව එකී චෝදනා සනාථ කිරීමට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විශාල පිරිසක් නම් කොට තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..