
නිවාස අධිකාරියේ සභාපතිගේ වාහන මගඩියක් ගම්මන්පිල හෙළිකරයි..
නිවාස අධිකාරියේ සභාපති වාහන මගඩියක නිරත වෙමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
එම පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
'ජනාධිපතිතුමා පුංචි ඡන්ද වේදිකාවේ කිව්වේ මාලිමාවේ නගර සභා ප්‍රාදේශීය සභා සභාපතිලා අවංක නිසා ඒ අය ගේන දේවල් ඇස් වහගෙන අනුමත කරන්න පුළුවන් කියලා. ප්‍රාදේශීය සභාපතිලා ගේන දේවල් ඇස් වහගෙන අනුමත කරනවා නම් සංස්ථා සභාපතිලා ගේන දේවල් වලට අත්සන් නොකරම කරන්න කියන්න පුළුවන් මට්ටමට විශ්වාසය ඇතිනෙ. නමුත් සංස්ථා සභාපතිලා නමෝ විත්තියෙන්ම සොරකම පටන් අරගෙන බවට අපට සාක්ෂි ලැබිලා තිබෙනවා.
රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 1/2015 හී 3.4 ඡේදය අනුව සභාපතිවරයෙකුට නිල වාහනය වෙනුවට තමන්ගේම වාහනයක් පාවිච්චි කරන්න පුළුවන්. එ සඳහා දීමනාවක් ගෙවනවා. හැබැයි රියදුරෙක් ලබා ගන්නත් බෑ. ආයතනයේ වෙනත් වාහන පාවිච්චි කරන්නත් බෑ. ඒ අනුව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා තමන්ගේ වාහනය භාවිතා කරමින් ප්‍රවාහන දීමනාව ගන්න තීරණය කරනවා. ඒ අතරේ කාර්යාලයට පැමිණියාට පස්සේ සංචිතයේ වාහන භාවිතා කරමින් තමයි ගමන් බිමන් යන්නේ. ඒ බව සනාථ කරන්න වාහන ධාවන පත්‍රිකා නැතිනම් රනින් චාට්ස් මා ගාව තිබෙනවා. ආ ගිය තොරතුරු හෙලි කලාම පෞද්ගලිකත්වයට හානි වන නිසා ඒවා මම අද ප්‍රසිද්ධ කරන්නේ නෑ. එහෙම ගියේ නෑ කිව්වොත් විතරක් මම ඒවා හෙලි කරනවා.
ඒකත් කමක් නෑ කියමුකෝ. 2025 අප්‍රේල් 30 දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා අංක 11826 අනුව සභාපතිතුමාගේ පාවිච්චිය සඳහා දැනටමත් CAR 7022 දරණ මෝටර් රථය රු 205,000 මාසික කුලියකට ලබා ගෙන තිබෙනවා. එදාම වෙනත් කරුණු යටතේ සභාපතිවරයාට තමන්ගේ වාහනය රාජකාරි සඳහා භාවිතා කිරීමටත් කාර්යාලයෙන් බැහැර රාජකාරි සඳහා සංචිතයෙන් වාහනයක් ලබා දීමටත් තීරණය කරනවා. ඒ වගේම සභාපතිගේ පෞද්ගලික වාහනයට සංචිතයෙන් රියදුරෙකු ලබා දෙන්නත් තීරණය කරනවා. මේ තීන්දු දෙකම රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 1/2015 ට පටහැනියි. ඒ කියන්නේ නීති විරෝධියි. ඒ වාහන දෙකම භාවිතා කරන අතරේ 2025 මැයි 2 දා පීඊ 1537 කියන සංචිත වාහනයත් භාවිතා කළ බවට සාක්ෂි තිබෙනවා. ඒ කියන්නේ දැන් එතුමාට වාහන 3යි. ඔන්න ගරු නිවාස ඇමතිතුමනි මේ ඔබේ අවදානය පිණිසයි ඔබලා වේදිකාවේ කෑ මොරදෙන අවංකභාවය ක්‍රියාවෙන් ඔප්පු කරන්න අපෙන් ඔබට අවස්ථාව.
ගරු නිවාස ඇමතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.
ඇමතිවරුන්ටත් වාහන දෙකක් දෙන විට සභාපතිට වාහන තුනක් මොකටද? ඒ වගේම අපිත් සභාපතිකම් උපදේශකකම් ඇමතිකම් ආයතන ගණනාවක දරලා තිබෙනවා. කවදාවත් හිමි දෙයකට වඩා ශතයක්වත් අවභාවිතා කරලා නෑ. පසුගිය මාස අට පුරාම මගේ යටතේ තිබුණු ආයතන වල ලිපි ගොනු අරගෙන ගිහින් කණ්ඩායම් දාලා පරික්ෂා කළත් ආණ්ඩුවට අයිති බෝලපොයින්ට් පෑනක්වත් ගෙදර ගෙන ගිය බව සොයා ගන්න බැරි වුණා. ඒ නිසා තමයි ආණ්ඩුවේ වැරදි දෙයකට වැරදියි කියන්න අපට පෞරුෂත්වයක් තිබෙන්නේ.
ගරු ජනාධිපතිතුමනි, යකඩ මල්ලට ගුල්ලෝ ගහලා නම් වී මල්ල නොබලාම විසි කරන් කියලා පැරණි කියමනක් තිබෙනවා. ඒ නිසා අධිකාරියේ සභාපතිලා මෙහෙම සොරකම් කරනවා නම් ප්‍රාදේශීය සභා සභාපතිලා කොහොම සොරකම් කරයි ද කියලා අපට හිතා ගන්න අමාරු නෑ. ඒ නිසා මාලිමා සභාපතිලා ගේන දේවල් ඇස් වහගෙන අත්සන් කරලා අමාරුවේ වැටෙන්න එපා කියා අපි ඔබතුමාට අනතුරු අඟවනවා.'
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමති බිමල්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කෙරේ..
යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..
9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි
අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)
රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
සහල් හිගයක්.. මුදලාලි මිලට සහල් පාලන මිල වෙනස් වීමේ අවදානමක්..
ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)
ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජනයාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්නැයි ඉල්ලමින් කාන්තා පරපුර සංවිධානයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට ලිපියක්..
මහානාහිමියන්ට අපහාස කළා යැයි ජෙනරාල් දයා රත්නායකට මහජන විරෝධය..
වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
සජබ සංවිධායකයෝ පෝලිමේ ඉල්ලා අස්වෙති..
කොළඹ වරායේ ඩොක්යාඩ් හි 51%ක කොටස් ඉන්දියන් සමාගමකට විකිණීමේ ක්‍රියාදාමයට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් ජනාධිපති අනුරට ලිපියක්..
දුමින්ද දිසානායක අත්අඩංගුවට
ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් රටට ඉතා බරපතළ ලෙස බලපෑම් කළ හැකියි.. රට IMF එකට හේත්තු කළේ සැලසුම් සහගතවමයි - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක (වීඩියෝ)
