News Category
From Date
To Date
Maximum Number of Result

ත්‍රස්තවාදයට එරෙහිව ජනපති අනුරගෙන් නව යෝජනාවක්..

May 27, 2025 at 02:11 PM
|

විදේශ ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා ඵලදායී නීතිමය රාමුවක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවක් පදනම් කරගෙන විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම පිණිස නීති කෙටුම්පත්කරණය සඳහා රජය මෙම තීරණය ක්‍රියාත්මක කරන බවත්, ඊට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස අද ප්‍රකාශ කළේය.

ඊට අදාළ කැබිනට් යෝජනාව පහතින් දැක්වේ.

‘ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා-පැසිෆික් කලාපයේ සාමාජිකයෙකු වශයෙන් මූල්‍ය ක්‍රියාකාරී කාර්යසාධක බලකාය විසින් සකස් කරන ලද මුදල් විශුද්ධිකරණය, ත්‍රස්වාදයට මුදල් සැපයීම සහ ව්‍යාප්ත මූල්‍යකරණයට එරෙහි ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරිමට සහ බලාත්මක කිරීමට කැප වී සිටී. තව ද, එහි සාමාජිකත්ව නීතිවලට අනුකූලව මූල්‍ය ක්‍රියාකාරි කාර්යසාධක බලකායේ ප්‍රමිතීන්ට අනුකූල වීමේ මට්ටම තීරණය කිරීම සඳහා සෑම වසර 06කට වරක් “අන්‍යෝන්‍ය ඇගයීම්” නමින් හැඳින්වෙන අන්‍යෝන්‍ය සම සමාලෝචන ක්‍රියාවලියකට ශ්‍රී ලංකාව යටත් වේ. ශ්‍රී ලංකාවට අදාළ 3වන ඇගයීම සඳහා සකස් කරනු ලැබ ඇති ක්‍රියාකාරී සැලැස්ම අනුව, විදේශ කටයුතු විෂයභාර අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2178(2014) කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට සහ දේශීය නීති සම්පාදනය මඟින් එම යෝජනාවේ විධිවිධාන බලාත්මක කිරීමට කටයුතු කළ යුතු වේ. ඒ අනුව, 2026 මාර්තු මාසයට පෙර විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් පිළිබඳ නීති සම්පාදනය කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. එබැවින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2178(2014) පදනම් කරගෙන විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම පිණිස නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’

සම්බන්ධිත පුවත් | Related News

රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමුකළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමුකර තිබේ.
දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ඊයේ (27) නාවික හමුදා භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රා දෙකෙහි හෙරෙයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450ක් තිබී සොයාගෙන ඇත.
කම්කරු හා මහජන සම්බන්ධීකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වසර දෙක තුළදී එනම් 2010.03.31 වැනිදා හා 2012.03.31 වැනිදා කාලය අතරතුරදී සිය වැටුපෙන් හා ඉපැයීම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදලක් යොදවා අති සුඛෝපභෝගි වාහන, ඉඩකඩම් ඇතුළු දේපළ මිලදී ගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (27දා) කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
මානුෂීය මෙහෙයුම වෙනුවෙන් කැපවූ රණවිරුවන් 58 දෙනෙක් මේ වන විට දංගෙඩියට ගෙනයන්න පිඹුරුපත් සකසා අවසන් බව විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක මහතා පවසයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු හා ආධාර අනුබල දුන් ඇතුළු තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාලනී ෆොන්සේකා මහත්මිය ඇතුළු විසි දෙදෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබාගෙන ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් නවදිල්ලියට පැමිණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඊයේ (27) හමුවී තිබේ.
නිවාස අධිකාරියේ සභාපති වාහන මගඩියක නිරත වෙමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
පසුගිය මාස් කන්නයේදී රජයේ වී මිලදී ගැනීම අසාර්ථකවීම නිසා මේ වනවිට වෙළෙඳපොළ තුළ යළි කීරී සම්බා හිඟයක් ඇති වී තිබේ.

ප්‍රධාන පුවත්

රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

මානුෂීය මෙහෙයුම වෙනුවෙන් කැපවූ රණවිරුවන් 58 දෙනෙක් මේ වන විට දංගෙඩියට ගෙනයන්න පිඹුරුපත් සකසා අවසන් බව විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක මහතා පවසයි.

ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)

පසුගිය කාලයේ රේගුවෙන් පිටකළ ඉහාලුම් එසේ නිදහස් කරන්නට රේගු නිලධාරීන්ට නියෝග කළේ තමන් බව අමාත්‍ය බිමල් රත්නායක විසින් වීරයෙකු මෙන් පැවසූ බවත්, ඔහු වරාය භාර ඇමතිවරයා වුවද ඔහුට එසේ රේගු නිලධාරීන්ට නියෝග දීමට හැකියාවක් නැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජනයාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්නැයි ඉල්ලමින් කාන්තා පරපුර සංවිධානයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට ලිපියක්..

ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජනයාගේ මානව හිමිකම් උල්ලංඝනය සහ යුද්ධයෙන් පලස්තීන දරුවන් අනාථභාවයට පත්වීම සම්බන්ධයෙන් වහාම මැදිහත් වන්නැයි කාන්තා පරපුර සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

මහානාහිමියන්ට අපහාස කළා යැයි ජෙනරාල් දයා රත්නායකට මහජන විරෝධය..

පාදෙණිය රජමහා විහාරයේ දී චාල්ස් තෝමස් නමැති විවාදාත්මක චරිතයක් ගෙන්වා සිදුකළ වැඩසටහනේ දී ඊට සහභාගි වූ ජෙනරාල් දයා රත්නායක මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් මගින් මහානායක හිමිපාණන් වහන්සේලාට අපහාසයක් වූ බවට ලංකා ලීඩර් පාඨකයන් රාශියක් විසින් අදහස් දක්වා තිබේ.

වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

අමරපුර ශ්‍රී සද්ධම්මවංශික මහා නිකායේ අනුනායක පූජ්‍ය හිපන්කන්දේ සද්ධාසිරි හිමිපාණන් වෙත මියන්මාර රජයෙන් මහාසද්ධම්ජෝතිකධජ ගෞරව උපාධිය පිරිනැමීම වෙනුවෙන් පන්නිපිටිය දෙව්රම් මහා විහාරයේදී ඊයේ (25) පැවැති උපහාර උත්සවයට සහභාගි වෙමින් මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ බුදු දහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති වටිනාකම ලබාදීමට වත්මන් පාලකයින් කටයුතු නොකරන බවට චෝදනා කළහ.

වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

අමරපුර ශ්‍රී සද්ධම්මවංශික මහා නිකායේ අනුනායක පූජ්‍ය හිපන්කන්දේ සද්ධාසිරි හිමිපාණන් වෙත මියන්මාර රජයෙන් මහාසද්ධම්ජෝතිකධජ ගෞරව උපාධිය පිරිනැමීම වෙනුවෙන් පන්නිපිටිය දෙව්රම් මහා විහාරයේදී ඊයේ (25) පැවැති උපහාර උත්සවයට සහභාගි වෙමින් මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ බුදු දහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති වටිනාකම ලබාදීමට වත්මන් පාලකයින් කටයුතු නොකරන බවට චෝදනා කළහ.

කොළඹ වරායේ ඩොක්යාඩ් හි 51%ක කොටස් ඉන්දියන් සමාගමකට විකිණීමේ ක්‍රියාදාමයට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් ජනාධිපති අනුරට ලිපියක්..

Colombo Dockyad plc කොටස් 51% ක් ඉන්දියානු රජයට අයිති එරට නාවික හමුදාවට ආයුධ සකසන Mezagon Dock shipbldesr සමාගමට විකිණීමට එරෙහිව අද දින පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද ස්වාධීන වහන්සේ සහ දේශප්‍රේමි ජාතික පෙරමුණේ නායක නුවන් බෙල්ලන්තුඩාව මහතා විසින් ජනාධිපතිට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට මෙන්ම බිමල් රත්නායක ඇමතිවරයාට ලිපි යොමු කර තිබේ.

දුමින්ද දිසානායක අත්අඩංගුවට

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් රටට ඉතා බරපතළ ලෙස බලපෑම් කළ හැකියි.. රට IMF එකට හේත්තු කළේ සැලසුම් සහගතවමයි - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක (වීඩියෝ)

ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් රටට ඉතා බරපතළ ලෙස බලපෑම් කළ හැකි බවත්, මෙය හෙළිකිරීමට ශ්‍රී ලංකා රජය අකමැති වී ඇත්තේ එනිසාම විය හැකි බවත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා පවසයි.

LTTE කොටි ත්‍රස්තයන් නිර්මාණය කළේ ඉන්දියාව බව සනාථ කරමින් ඉන්දීය හමුදා නිලධාරියෙකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.. සන්තෝෂ් ජා සඟවන ඉන්දියාවේ දෙබඩි ප්‍රතිපත්තිය මෙන්න.. (වීඩියෝ)

කාෂ්මීරයේ ගැටුම්වලදී සහ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන් සමග පැවති යුද්ධයේ දී වඩාත් අසීරුම යුද්ධය බවට පත්ව තිබුනේ එල්.ටී.ටී.ඊ ය සමග පැවති යුද්ධය බව ඉන්දීය විශේෂ බලකායේ සේවය කල මේජර් අබේ සපෘ පවසයි.

එරාවූර්වල අන්තවාදී කණ්ඩායමක් තර්ජනාත්මක අත්පත්‍රිකා බෙදලා.. - ඥානසාර හිමියන්ගෙන් අනාවරණයක්..

නැගෙනහිර පළාතේ එරාවුර් හි පසුගිය සිකුරාදා ජුම්මා දේශනාවට සහභාගී වූ බැතිමතුන් අතර තර්ජනාත්මක පත්‍රිකා විශාල ප්‍රමාණයක් බෙදා හැර ඇති බවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි චෝදනා කරති.

මාලිමා ආණ්ඩුවෙන් පත්වූ රූපවාහිනියේ ලොක්කො දෙන්නෙක් සේවකයන් හූ කියා පන්නා දමති..

සේවකයන්ගේ බැනවැදීම් හමුවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් මනෝජ් නදීෂණ අමරසිංහ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) තනුජා ආරියරත්න යන අය අද (21) දින කාර්යාල පරිශ්‍රයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

චීන පකිස්ථාන විදේශ අමාත්‍යවරු බීජිංහිදී හමුවෙති

දැඩි සමීප මිතුරෙකු ලෙස, චීනය මෙතෙක් කටයුතු කළ ආකාරයටම ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා පකිස්ථානයට දැඩි ලෙස සහාය ලබා දෙන අතරම පකිස්ථානයේ ජාතික තත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් ගවේෂණය කර ගැනීමේ කටයුත්තටද චීනයේ සහාය පකිස්ථානයට හිමිවෙනවා.

ආණ්ඩුවේ සිටින එකම මුස්ලිම් ඇමති ගැන ඥානසාර හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක්.. (වීඩියෝ)

ආණ්ඩු පාර්ශ්වයේ සිටින එකම මුස්ලිම් ඇමතිවරයා වන මුනීර් මුලව්ෆර් නියෝජ්‍ය ඇමැතිවරයා අදටත් නිට්ටඹුව ප්‍රදේශයේ එක්තරා ඇකඩමියක් භාරව ක්‍රියාකරන නල්විවරකු බවත්, නල්විවරු යනු දෙවියන් උදෙසා මිනිසුන් ජීවිතය පූජාකළ යුතු යැයි මත දරන පුද්ගලයන් බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.