ත්‍රස්තවාදයට එරෙහිව ජනපති අනුරගෙන් නව යෝජනාවක්..
විදේශ ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා ඵලදායී නීතිමය රාමුවක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවක් පදනම් කරගෙන විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම පිණිස නීති කෙටුම්පත්කරණය සඳහා රජය මෙම තීරණය ක්‍රියාත්මක කරන බවත්, ඊට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස අද ප්‍රකාශ කළේය.
ඊට අදාළ කැබිනට් යෝජනාව පහතින් දැක්වේ.
‘ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා-පැසිෆික් කලාපයේ සාමාජිකයෙකු වශයෙන් මූල්‍ය ක්‍රියාකාරී කාර්යසාධක බලකාය විසින් සකස් කරන ලද මුදල් විශුද්ධිකරණය, ත්‍රස්වාදයට මුදල් සැපයීම සහ ව්‍යාප්ත මූල්‍යකරණයට එරෙහි ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරිමට සහ බලාත්මක කිරීමට කැප වී සිටී. තව ද, එහි සාමාජිකත්ව නීතිවලට අනුකූලව මූල්‍ය ක්‍රියාකාරි කාර්යසාධක බලකායේ ප්‍රමිතීන්ට අනුකූල වීමේ මට්ටම තීරණය කිරීම සඳහා සෑම වසර 06කට වරක් “අන්‍යෝන්‍ය ඇගයීම්” නමින් හැඳින්වෙන අන්‍යෝන්‍ය සම සමාලෝචන ක්‍රියාවලියකට ශ්‍රී ලංකාව යටත් වේ. ශ්‍රී ලංකාවට අදාළ 3වන ඇගයීම සඳහා සකස් කරනු ලැබ ඇති ක්‍රියාකාරී සැලැස්ම අනුව, විදේශ කටයුතු විෂයභාර අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2178(2014) කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට සහ දේශීය නීති සම්පාදනය මඟින් එම යෝජනාවේ විධිවිධාන බලාත්මක කිරීමට කටයුතු කළ යුතු වේ. ඒ අනුව, 2026 මාර්තු මාසයට පෙර විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් පිළිබඳ නීති සම්පාදනය කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. එබැවින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2178(2014) පදනම් කරගෙන විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම පිණිස නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි