
ජුනි 1දා සිට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ලබාදෙන ආහාර මිල ඉහළ දැමේ..
2025 ජුනි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙනුවෙන් ලබාදෙන ආහාර මිල ඉහළ දැමීමට පාර්ලිමේන්තු ගෘහ සභා කාරක සභාව තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, විධායක ශ්‍රේණියේ නිලධාරියකු සඳහා මසකට රු. 4,000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මසකට රු. 2,500ක් අයකිරීමට කමිටුව තීරණය කර ඇත.
2025 මැයි 21 වැනි දින පැවැති පාර්ලිමේන්තු ගෘහ සභා කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා ආහාර සඳහා අයකරන අනුපාත සංශෝධනය කිරීමට ගත් තීරණය සමාලෝචනය කිරීමට, 2025 මැයි 23 වැනි දින කාරක සභාවේ සභාපති කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී තීරණය කර තිබේ.
මන්ත්‍රීවරුන් රියැදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපතිවරයා, අගමැති ආරක්ෂක නිලධාරීන් සහ ජනමාධ්‍යවේදීන් විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ආපනශාලාවෙන් මිලදී ගන්නා ආහාර සඳහා දැනට අය කරනු ලබන අනුපාත නොවෙනස්ව පැවතිය යුතු බව කමිටුව තවදුරටත් තීරණය කර ඇත.
මෙම අනුපාත සංශෝධනය කිරීම, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ලබාදෙන ආහාර පිරිවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් කරන ලද නිර්දේශ මත පදනම්ව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම පරිදි සෑම වසර තුනකට වරක් ගනු ලබන තීරණයකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..
වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)
රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..
අනුරගේ කතාවට ෆොන්සේකාටත් රිදිලා
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්
රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..
ඇමති බිමල්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කෙරේ..
යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..
9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි
අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)
රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
සහල් හිගයක්.. මුදලාලි මිලට සහල් පාලන මිල වෙනස් වීමේ අවදානමක්..
ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)
ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජනයාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්නැයි ඉල්ලමින් කාන්තා පරපුර සංවිධානයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට ලිපියක්..
