පෞද්ගලික වෛද්‍ය සිසුන් බඳවා ගැනීමේ ඇමති නලින්දලාගේ තීන්දුව රිවස් වුණේ මාලිමා මන්ත්‍රීලගේම විරෝධය නිසාලු..
කොතලාවල ආරක්ෂක විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයට පෞද්ගලික වෛද්‍ය සිසුන් බඳවා ගැනීමට ගත් තීන්දුව ආපසු හැරවීමට හේතුව ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තුළ සිටින වෛද්‍ය කණ්ඩායම මෙම තීරණයට එරෙහිව බලවත් විරෝධය පළ කිරීම බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
එම විශ්වවිද්‍යාලය සිය වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් පසුගිය 21 වැනිදා ප්‍රසිද්ධ දැන්වීමක් පළ කිරීමෙන් පසුව ඔවුන් සිය විරෝධය පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී හමු වූ අවස්ථාවේ පක්ෂ නායකත්වය වෙත පළකර ඇති අතර ඉන් පසුව කෙඩෙට් සිසුන් සහ විදේශීය සිසුන් පමණක් බඳවා ගැනීමට හදිසියේ තීරණය කර ඇත.
ඒ අනුව වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ විරෝධය සමනය කිරීමට එදිනම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මෙම තීන්දු වෙනස පාර්ලිමේන්තුවටද දැන්වීය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවේ පිහිටුවීමට විරුද්ධ මතයක් පසුගිය කාලයේ ජාතික ජන බලවේගය විසින් දරන ලද අතර මාලබේ සයිටම් සරසවියට එරෙහි විරෝධයේද එම පක්ෂය තීරණාත්මක භූමිකාවක් කළ බව ද එහිදී එම වෛද්‍යවරුන් පෙන්වාදී ඇති අතර රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ලබා ගනිමින් මෙරට සිසුන්ට මෙම වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධි ලබා ගැනීමට ඉඩ දීම රජයේ ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ඔවුන් විසින් අවධාරණය කරනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ මෙම වෛද්‍ය මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයකු ප්‍රකාශ කළේ රජයේ නායකයන් පවා නොදැන මෙම වෛද්‍ය සිසුන් බඳවා ගැනීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අදාළ විශ්ව විද්‍යාලයයේ පරිපාලනය විසින් ගනු ලැබ ඇති බවට තොරතුරු අනාවරණය වූ බවය.
කෙසේ වුවද ඒ වන විට විදේශගතව සිටි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සද සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ඔහු තවදුරටත් පැවැසීය.
– ඉරිදා මව්ව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි