
පෞද්ගලික වෛද්‍ය සිසුන් බඳවා ගැනීමේ ඇමති නලින්දලාගේ තීන්දුව රිවස් වුණේ මාලිමා මන්ත්‍රීලගේම විරෝධය නිසාලු..
කොතලාවල ආරක්ෂක විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයට පෞද්ගලික වෛද්‍ය සිසුන් බඳවා ගැනීමට ගත් තීන්දුව ආපසු හැරවීමට හේතුව ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තුළ සිටින වෛද්‍ය කණ්ඩායම මෙම තීරණයට එරෙහිව බලවත් විරෝධය පළ කිරීම බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
එම විශ්වවිද්‍යාලය සිය වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් පසුගිය 21 වැනිදා ප්‍රසිද්ධ දැන්වීමක් පළ කිරීමෙන් පසුව ඔවුන් සිය විරෝධය පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී හමු වූ අවස්ථාවේ පක්ෂ නායකත්වය වෙත පළකර ඇති අතර ඉන් පසුව කෙඩෙට් සිසුන් සහ විදේශීය සිසුන් පමණක් බඳවා ගැනීමට හදිසියේ තීරණය කර ඇත.
ඒ අනුව වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ විරෝධය සමනය කිරීමට එදිනම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මෙම තීන්දු වෙනස පාර්ලිමේන්තුවටද දැන්වීය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවේ පිහිටුවීමට විරුද්ධ මතයක් පසුගිය කාලයේ ජාතික ජන බලවේගය විසින් දරන ලද අතර මාලබේ සයිටම් සරසවියට එරෙහි විරෝධයේද එම පක්ෂය තීරණාත්මක භූමිකාවක් කළ බව ද එහිදී එම වෛද්‍යවරුන් පෙන්වාදී ඇති අතර රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ලබා ගනිමින් මෙරට සිසුන්ට මෙම වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධි ලබා ගැනීමට ඉඩ දීම රජයේ ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ඔවුන් විසින් අවධාරණය කරනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ මෙම වෛද්‍ය මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයකු ප්‍රකාශ කළේ රජයේ නායකයන් පවා නොදැන මෙම වෛද්‍ය සිසුන් බඳවා ගැනීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අදාළ විශ්ව විද්‍යාලයයේ පරිපාලනය විසින් ගනු ලැබ ඇති බවට තොරතුරු අනාවරණය වූ බවය.
කෙසේ වුවද ඒ වන විට විදේශගතව සිටි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සද සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ඔහු තවදුරටත් පැවැසීය.
– ඉරිදා මව්ව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සජබ සංවිධායකයෝ පෝලිමේ ඉල්ලා අස්වෙති..
කොළඹ වරායේ ඩොක්යාඩ් හි 51%ක කොටස් ඉන්දියන් සමාගමකට විකිණීමේ ක්‍රියාදාමයට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් ජනාධිපති අනුරට ලිපියක්..
දුමින්ද දිසානායක අත්අඩංගුවට
ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් රටට ඉතා බරපතළ ලෙස බලපෑම් කළ හැකියි.. රට IMF එකට හේත්තු කළේ සැලසුම් සහගතවමයි - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක (වීඩියෝ)
LTTE කොටි ත්‍රස්තයන් නිර්මාණය කළේ ඉන්දියාව බව සනාථ කරමින් ඉන්දීය හමුදා නිලධාරියෙකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.. සන්තෝෂ් ජා සඟවන ඉන්දියාවේ දෙබඩි ප්‍රතිපත්තිය මෙන්න.. (වීඩියෝ)
එරාවූර්වල අන්තවාදී කණ්ඩායමක් තර්ජනාත්මක අත්පත්‍රිකා බෙදලා.. - ඥානසාර හිමියන්ගෙන් අනාවරණයක්..
මාලිමා ආණ්ඩුවෙන් පත්වූ රූපවාහිනියේ ලොක්කො දෙන්නෙක් සේවකයන් හූ කියා පන්නා දමති..
චීන පකිස්ථාන විදේශ අමාත්‍යවරු බීජිංහිදී හමුවෙති
ආණ්ඩුවේ සිටින එකම මුස්ලිම් ඇමති ගැන ඥානසාර හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක්.. (වීඩියෝ)
ආවෙත් බොරුවෙන්.. ඉන්න හදන්නෙත් බොරුවෙන්.. මේ වගේ ජනාධිපතිවරු පොල්පිත්තකින් කපාගන්න පුලුවන්..
සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)
වියට්නාම නිදහස් අරගලයේ නායක 'හෝ චි මිං' ගේ 135 වන ජන්ම සංවත්සර සැමරුමක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වෙයි..
ජනාධිපති රණවිරු සැමරුමට යන්න හිටියේ.. කොහොනට වැරදුනා.. සන්නිවේදන අවුල දැනගත්තෙ පස්සෙ..
රණවිරුවන් ජීවිත පූජාකර පරාජයකරනු ලැබුවේ හුදු නාසිවාදී, බෙදුම්වාදී කැරලිකරුවන් පිරිසක් පමණක් නොවේ.. ඔවුන් මහා ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට අනුව මේ රට බෙදා වෙන්කිරීමට අයුද සන්නද්ධ සටනක නිරතවූ පිරිසක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
විමර්ශන යට ගැසීමේ අවශ්‍යතාවය මත කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරිකතුමියට ස්ථාන මාරුවක් ලබාදීලා - හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙලගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්..
රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ - විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)
