
සෝලා විදුලියට ගෙවීම් තවත් අඩු කරන්න කැබිනට් යෝජනාවක්..
සියලුම පුනර්ජනනීය බලශක්ති මත පදනම්ව, ජාතික පද්ධතියට ඒක් කරන විදුලි සැපයුම් සඳහා මණ්ඩලෙයන් ගෙවන ගාස්තු අඩු කිරීමේ යෝජනාවක් කැබිනටි මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව සන්ඩේ ටයිමිස් පුවත්පත වාර්තා කරයි.
මෙම යෝජනාව අනුමත වුවහොත්, සූර්ය පැනල, කුඩා ජල විදුලි, සුළං, ජෛව ස්කන්ධ සහ නාගරික ඝන අපද්‍රව්‍ය කොන්ත්‍රාත් යටතේ ජනනය කරන සෑම විඳුලි ඒකකයක් සඳහාම ගෙවන මිල සැලකිය යුතු ලෙස අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාව ලැබෙනු ඇතැයි පැවැසෙයි.
පළමු වතාවට, බැටරි බලශක්ති ගබඩා පද්ධති සහිත වහල මත සූර්ය පැනල සහ සූර්ය කෝෂ පද්ධති සඳහා ද ගාස්තුවක් යෝජනා කර ඇත.
කෙසේ නමුත්, මෙම වෙනස්කම් මීට පෙර පුනර්ජනනීය බලශක්ති අංශයේ දැඩි විරුද්ධත්වයට ලක් වූ බව ද පැවැසෙයි. පෙර කොන්ත්‍රාත්තු වලට අදාළ ගිවිසුම්වලට අනුකුලව පෙර පැවැති ගාස්තු යටතේම ගෙවීම සිදුවනු ඇතැයි වාර්තා වේ.
කිලෝ වොට් 500 දක්වා විදුලි සැපයුම් සිදු කරන, වහල මත සූර්ය පැනල ස්ථාපිත කළ සූර්ය පැනල හිමිකරුවන්ට, ඒකකයකට රුපියල් 37 ක් හිමිවන අතර, 2024 ජූලි මස හෝ පසුව (ගාස්තු අවසන් වරට සංශෝධනය කළ විට) ගිවිසුම් අත්සන් කළ සූර්ය පැනල හිමිකරුවන්ට හිමිවන්නේ රුපියල් 27.06 කි. නව යෝජනාව කිලෝවොට් 20 දක්වා වහල මත සූර්ය පැනල සඳහා ඒකකයක මිල රුපියල් 19.61 දක්වා පහතවැටෙනු ඇතැයි ද පැවැසෙයි.
කිලෝවොට් 20 ට වැඩි සහ කිලෝවොට් 100 දක්වා ඒකකයක මිල රුපියල් 17.46 දක්වා පහත වැටෙනු ඇති අතර, කිලෝවොට 100 ට වැඩි සහ කිලෝවොට් 500 දක්වා ඒකකයක මිල රුපියල් 15.49 දක්වා පහතවැටෙනු ඇති බව ද පැවැසෙයි.
කිලෝවොට් 500 ට වැඩි සහ මෙගාවොට් 1 ට අඩු ඒකකයක මිල රුපියල් 15.07 දක්වා පහත වැටෙනු ඇත. එමෙන්ම මෙගාවොට් 1 සහ ඊට වැඩි ඒකකයක මිල රුපියල් 14.46 දක්වා පහත වැටෙනු ඇති බව ද බලධාරීහු පෙන්වා දෙති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
