
රාජ්‍ය ආයතනවල මාධ්‍ය වෘත්තිකයන්ට ලොකු කැපිල්ලක්..
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍ය හැඳුනුම්පත් ලබාදීම ආරම්භ කළ දවසේ පටන් රාජ්‍ය ආයතනවල මාධ්‍ය වෘත්තිකයන්ට ද එම හැඳුනුම්පත ලබා දුන් නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ජනමාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාලව නිකුත්කරන ලද අංක 2413/44 දරන ගැසට් නිවේදනය මගින් එකී වරප්‍රසාදය ඉවත් කර ඇති බව රාජ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍ය වෘත්තිකයෝ චෝදනා කරති.
එකම වෘත්තියක නියැලෙන පිරිසකට දෙවිදියකට සැළකීම හරහා මෙය මූලික අයිතියක් උල්ලංඝණය කිරීමක් බවත් ඔව්හු කියා සිටිති. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක් නිලධාරියෙක් කියා සිටියේ මෙම ගැසට් නිවේදනය සංශෝධනය කොට රාජ්‍ය ආයතනවල ස්ථිර සේවයේ නියුතු මාධ්‍ය වෘත්තිකයන්ට ද නැවත එම හැඳුනුම්පත ලබාදීමට පියවර නොගන්නේ නම් යුරෝපා සංගමයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කිරීමට තමන් බලාපොරොත්තුවන බවයි.
මෙය ලබා නොදීම නිසා ආණ්ඩුවට අත්වන වාසිය කුමක්දැයි ඔව්හු ප්‍රශ්න කරති. යහපාලනයට (GoodGovernance) සම්බන්ධ කාරණයක් බැවින් මෙවැනි හිරිහැර, GSP+ බදු සහනය ලබාගැනීමේදී ප්‍රබල බාධක වනු ඇති බව ඔවුන්ගේ අදහසයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන සමයේදීවත් මෙවැනි අකටයුත්තක් සිදුවී නොමැති බවද ඔව්හු පෙන්වා දෙති.
අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද ජනමාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධයෙන් වන රජයේ පිළිවෙත ජනමාධ්‍යවේදීන්ගේ විවේචනයට ලක්විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
