
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය සමුගනී..
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ කීර්ති වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
‘දිවයින’ කර්තෘ මණ්ඩලයේ දීර්ඝ කාලයක් සේවය කළ ඒ මහතා ‘දිවයින’ පුවත්පතේ කලක් විදේශ ප්‍රවෘත්ති සංස්කාරකවරයා මෙන්ම යුද පුවත් වාර්තාකරුවකු ලෙස ද ඉතා දක්‍ෂ ලෙස කටයුතු කළේය.
වර්ණකුලසූරිය මහතා ‘ජනදින’ පුවත්පතින් සිය පුවත්පත් කලා දිවිය ඇරැඹූ අතර, මියයන විට ඔහු 73 වැනි වියේ පසුවිය.
තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධය මේ රටේ ක්‍රියාත්මක වෙද්දී ත්‍රස්තවාදය පරදවා මාතෘ භූමිය බේරා ගැනීමට ආරක්‍ෂක හමුදාවන්ට දිරි දෙමින් යුද පුවත් විශේෂාංග සම්පාදනය කළ ඒ මහතා වරෙක ග්‍රන්ථයක් ද සම්පාදනය කළේය.
ඔහු සතිපතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ආරක්‍ෂක ලිපි පෙළක් ද එකල ලියනු ලැබූ අතර ඒවා මහත්සේ පාඨක ප්‍රසාදය දිනා ගත්තේය.
වර්ණකුලසූරිය මහතාගේ බිරිඳ වූ දිස්නා මහත්මිය කලකට පෙර අභාවප්‍රාප්ත වූවාය. විශ්‍රාම ලැබීමෙන් පසුව ඒ මහතා තම සොහොයුරු අජිත් වර්ණකුලසූරිය මහතාගේ රාගම නිවසේ ජීවත්ව සිටියදී රෝගාතුරව අභාවප්‍රාප්ත වී තිබේ.
අවසන් කටයුතු පසුගියදා ඒ මහතාගේ අවසන් ඉල්ලීම පරිදි චාම්ව සිදුකර ඇත.
මාතෘ භූමිය වෙනුවෙන් ඒ මහතා සිදුකළ සේවයට අපගේ ආචාරය පුදකරමින්, ලංකා ලීඩර් කාර්ය මණ්ඩලය ඒ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.!
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
