ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය සමුගනී..
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ කීර්ති වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
‘දිවයින’ කර්තෘ මණ්ඩලයේ දීර්ඝ කාලයක් සේවය කළ ඒ මහතා ‘දිවයින’ පුවත්පතේ කලක් විදේශ ප්‍රවෘත්ති සංස්කාරකවරයා මෙන්ම යුද පුවත් වාර්තාකරුවකු ලෙස ද ඉතා දක්‍ෂ ලෙස කටයුතු කළේය.
වර්ණකුලසූරිය මහතා ‘ජනදින’ පුවත්පතින් සිය පුවත්පත් කලා දිවිය ඇරැඹූ අතර, මියයන විට ඔහු 73 වැනි වියේ පසුවිය.
තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධය මේ රටේ ක්‍රියාත්මක වෙද්දී ත්‍රස්තවාදය පරදවා මාතෘ භූමිය බේරා ගැනීමට ආරක්‍ෂක හමුදාවන්ට දිරි දෙමින් යුද පුවත් විශේෂාංග සම්පාදනය කළ ඒ මහතා වරෙක ග්‍රන්ථයක් ද සම්පාදනය කළේය.
ඔහු සතිපතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ආරක්‍ෂක ලිපි පෙළක් ද එකල ලියනු ලැබූ අතර ඒවා මහත්සේ පාඨක ප්‍රසාදය දිනා ගත්තේය.
වර්ණකුලසූරිය මහතාගේ බිරිඳ වූ දිස්නා මහත්මිය කලකට පෙර අභාවප්‍රාප්ත වූවාය. විශ්‍රාම ලැබීමෙන් පසුව ඒ මහතා තම සොහොයුරු අජිත් වර්ණකුලසූරිය මහතාගේ රාගම නිවසේ ජීවත්ව සිටියදී රෝගාතුරව අභාවප්‍රාප්ත වී තිබේ.
අවසන් කටයුතු පසුගියදා ඒ මහතාගේ අවසන් ඉල්ලීම පරිදි චාම්ව සිදුකර ඇත.
මාතෘ භූමිය වෙනුවෙන් ඒ මහතා සිදුකළ සේවයට අපගේ ආචාරය පුදකරමින්, ලංකා ලීඩර් කාර්ය මණ්ඩලය ඒ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.!
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි