
මාධ්‍යවේදියා ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න කළ විට ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිගෙන් මල්ලේ පොල් උත්තරයක්...
“ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නෑ. ජාතික ආරක්ෂාව පිළිබඳව ඉතාමත් හොඳ වැඩපිළිවෙළක් අපි දියත් කර තියෙනවා. මේවාට සම්බන්ධ සියලු දෙනාට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න සැලසුම් සකස් කර තියෙනවා” යැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය.
ඒ මහතා එසේ කියා සිටියේ අනුරාධපුර රණජයපුර රණවිරු නිවාස සංකීර්ණයේ ගැටලු සම්බන්ධයෙන් ගම්වාසීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී මාධ්‍යවේදීන් ජාතික ආරක්ෂාව ගැන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටි නමුත් හෙතෙම ඊට වෙනත් පිළිතුරක් ලබා දීම විශේෂත්වයක් විය. එම සිදුවීම මෙසේය.
මාධ්‍යවේදීයා – පසුගියදා ඩෑන් ප්‍රියසාද් ඝාතනයට ලක් වුණා. ඒ වගේම පහුගිය කාලයේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් මතුවෙලා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර මොකක්ද?
නියෝජ්‍ය අමාත්‍යවරයා – අද අපේ මේ පරමාර්ථය වෙන්නේ රණජයපුර රණවිරු ගම්මානයේ සංචාරය කර ඒ ගම්මානේ කාලයක් තිස්සේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීමයි. මේ සමිතියේ සභාපති හමුවෙලා, ප්‍රදේශය භාරව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීත් සමග ඒ කටයුතු සම්පාදනය කරගන්නේ කොහොමද සහ මේ රණවිරු ගම්මානයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් මොනවාද කළ යුත්තේ වැනි ගැටලු රාශියක් අද සාකච්ඡා කළා. අපි ආවේ ඒ සම්බන්ධව කටයුතු කරන්නයි. ඒක තමයි අපේ අරමුණ.
මාධ්‍යවේදීයා -ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ තමයි ජාතික ආරක්ෂාව තියෙන්නේ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නය නැවත වතාවක් අහන්නේ. ඩෑන් ප්‍රියසාද් ඝාතනයට ලක් වුණා, ඔබතුමන්ලා ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියලා බංකු අරන් එන්න කිව්වා. දැන් ඒ ආණ්ඩුව යටතේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නේද?
නියෝජ්‍ය අමාත්‍යවරයා -කිසිම ගැටලුවක් ඇති වෙලා නෑ. ජාතික ආරක්ෂාව සම්බන්ධව ඉතාමත් හොඳ වැඩපිළිවෙළක් අපි දියත් කරලා තියෙනවා. මේ ආණ්ඩුව සහ මේ රජය මේවාට සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න සැලසුම් සකස් කර තියෙනවා.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
