පුංචි ඡන්දයේ පත්‍රිකා යළි මුද්‍රණය නිසා රජයට මිලියන 114ක අමතර වියදමක් දැරීමට සිදුවෙලා
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් සහ අනෙකුත් ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 114කට අධික මුදලක් වැය වී ඇති බව රජයේ මුද්‍රණාලායාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර පවසනවා.පළාත් පාලන ඡන්ද විමසීම සදහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ඒ ඒ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අධිකරණය හමුවේ නඩු ගොනු කිරීමට කටයුතු කළා.
ඒ අනුව එම නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙසයි අධිකරණය පසුගියදා නියෝග කළේ. මෙම නියෝගයට පෙර පළාත් පාළන ආයතන රැසකට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් අධිකරණ තීන්දු මත පළාත් පාලන ආයතන රැසකට අදාළ අපේක්ෂක නාමලේඛන සහ ඡන්ද පත්‍රිකා යළි මුද්‍රණය කිරීමටයි මුද්‍රණාලයට සිදුව ඇත්තේ. ඒ අනුව ඡන්ද පත්‍රිකා 45 ලක්ෂ 97,608 ක් මුද්‍රණය කිරීමට සිදුව තිබෙනවා.
ඒ වෙනුවෙන් රජයට රුපියල් මිලියන 114 ක අධික මුදලක් වැය වී ඇති බවයි රජයේ මුද්‍රණාලායාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර ප්‍රකාශ කළේ.
එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීම සඳහා සිදුකරන තැපැල් ඡන්ද සළකුනු කිරීම සම්බන්ධව මැතිවරණ කොමිසම විසින් අද නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව එළැඹෙන 24, 25,28 සහ 29 යන දිනවලදී පමණක් අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකරන බවයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ.
මීට පෙර දින 05 ක් ඒ සදහා මැතිවරණ කොමිසම විසින් නම්කර තිබුණා.
මේ අතර ඉදිරි මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතන සඳහා මුදල් වෙන්කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකළ ප්‍රකාශයට විරුද්ධව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එහිදී මහලේකම්වරයා සඳහන් කළේ 88, 89 කාල වකවානුවේදී සේම ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සිය බලය භාවිත කරන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි