ජාජබ මාතලේ බෙදාහැර ඇති අත් පත්‍රිකාවක් ගැන රෝහිනී කවිරත්නගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
මාතලේ බෙදාහැර ඇති ජාජබ අත් පත්‍රිකාවක් සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මැතිවරණ කොමිසම, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි වෙත පැමිණිල්ලක් යොමු කර ඇත.
එම පැමිණිල්ලෙහි සඳහන් වන අන්දමට ජාජබ හෙවත් මාලිමා ආණ්ඩුව ''ප්‍රාදේශීය සභාවට ප්‍රතිපාදන ලැබෙන්නේ පවතින රජයෙනි. ප්‍රාදේශීය සදභාවේ වෙනත් පක්ෂයක් බලයට පත් වුවහොත් ප්‍රාදේශීය සභාව සහ මධ්‍යම රජය අතර පවතින සම්බන්දථාවය බිඳවැටී නිසි ආකාරයෙන් ප්‍රතිඑල ලබාගත හැකිද?’’ යනුවෙන් සඳහන් අත් පත්‍රිකාවක් මාතලේ ප්‍රදේශයේ බෙදාහැර ඇත.
එමෙන් ම මහ නගර සභා ආඥා පනතේ දෙවන උපලේඛණය, නගර සභා ආඥා පනතේ පස්වන උපලේඛණය, ප්‍රාදේශීය සභා පනතේ පළමු සහ දෙවන උපලේඛණවල නීතිගත කර ඇති අරමුදල්/ බදු/ මුද්දර ගාස්තු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලයක් විධායකයකට හෝ වෙනත් පාර්ශවයකට නැති බවත්, මෙ අත්පත්‍රිකාව මගින් ඡන්දදායකයාගේ ඡන්ද අයිතියට ලැජ්ජා සහගත ලෙස බලපෑම් කරනු ලැබ ඇති බවත්, තම දේශපාලන පකෂය හැර වෙනත් කණ්ඩායමකට පළාත් පාලන ආයතනයක් පවත්වාගැනීමට හෝ නොදී මුදල් අවහිර කිරීම ශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවන බව ද ඒම පැමිණිල්ලෙහි සඳහන් කර ඇත.
මෙම පැමිණිල්ලෙහි අන්තර්ගත වඩාත් බරපතළ කරුණ නම් අදාළ අත්පත්‍රිකාව මුද්‍රණය කළ මුද්‍රණකරුගේ සහ ප්‍රකාශකයාගේ (මුද්‍රණාලය) නම, ලිපිනය නොමැති වීම ය.
මේ ආකාරයට අත් පත්‍රිකා බෙදාහැරීම ද මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බවත්, එය 1885 අංක 1 දරණ මුද්‍රණකරුවන් සහ ප්‍රකාශකයින් පිළිබඳ පනත උල්ලංඝනය කිරීමක් බවත් මෙම පැමිණිල්ලෙහි අවධාරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි