
ජාජබ මාතලේ බෙදාහැර ඇති අත් පත්‍රිකාවක් ගැන රෝහිනී කවිරත්නගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
මාතලේ බෙදාහැර ඇති ජාජබ අත් පත්‍රිකාවක් සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මැතිවරණ කොමිසම, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි වෙත පැමිණිල්ලක් යොමු කර ඇත.
එම පැමිණිල්ලෙහි සඳහන් වන අන්දමට ජාජබ හෙවත් මාලිමා ආණ්ඩුව ''ප්‍රාදේශීය සභාවට ප්‍රතිපාදන ලැබෙන්නේ පවතින රජයෙනි. ප්‍රාදේශීය සදභාවේ වෙනත් පක්ෂයක් බලයට පත් වුවහොත් ප්‍රාදේශීය සභාව සහ මධ්‍යම රජය අතර පවතින සම්බන්දථාවය බිඳවැටී නිසි ආකාරයෙන් ප්‍රතිඑල ලබාගත හැකිද?’’ යනුවෙන් සඳහන් අත් පත්‍රිකාවක් මාතලේ ප්‍රදේශයේ බෙදාහැර ඇත.
එමෙන් ම මහ නගර සභා ආඥා පනතේ දෙවන උපලේඛණය, නගර සභා ආඥා පනතේ පස්වන උපලේඛණය, ප්‍රාදේශීය සභා පනතේ පළමු සහ දෙවන උපලේඛණවල නීතිගත කර ඇති අරමුදල්/ බදු/ මුද්දර ගාස්තු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලයක් විධායකයකට හෝ වෙනත් පාර්ශවයකට නැති බවත්, මෙ අත්පත්‍රිකාව මගින් ඡන්දදායකයාගේ ඡන්ද අයිතියට ලැජ්ජා සහගත ලෙස බලපෑම් කරනු ලැබ ඇති බවත්, තම දේශපාලන පකෂය හැර වෙනත් කණ්ඩායමකට පළාත් පාලන ආයතනයක් පවත්වාගැනීමට හෝ නොදී මුදල් අවහිර කිරීම ශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවන බව ද ඒම පැමිණිල්ලෙහි සඳහන් කර ඇත.
මෙම පැමිණිල්ලෙහි අන්තර්ගත වඩාත් බරපතළ කරුණ නම් අදාළ අත්පත්‍රිකාව මුද්‍රණය කළ මුද්‍රණකරුගේ සහ ප්‍රකාශකයාගේ (මුද්‍රණාලය) නම, ලිපිනය නොමැති වීම ය.
මේ ආකාරයට අත් පත්‍රිකා බෙදාහැරීම ද මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බවත්, එය 1885 අංක 1 දරණ මුද්‍රණකරුවන් සහ ප්‍රකාශකයින් පිළිබඳ පනත උල්ලංඝනය කිරීමක් බවත් මෙම පැමිණිල්ලෙහි අවධාරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
