
ඉන්දීය ගිවිසුම් හත පාර්ලිමේන්තුවට දැම්මේ නෑ
රජය ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හතෙන් කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.
"ඉන්දියානු අගමැතිවරයා සමඟ අත්සන් කළ ගිවිසුම් අපි දැකලා නෑ. අපේ රටට ඉන්දී නායකයෝ විශාල ප්‍රමාණයක් ඇවිත් තිබෙනවා. ඒ නායකයන් ලංකාවට ගෞරවාන්විතව පැමිණිලා ගෞරවාන්විතව ලංකාවට සමුදිලා තමයි පිටත්ව ගියේ. ඒ පැමිණි නායකයන් ලංකාවේ වෙනත් ගුවන්තොටුපල වලින් ඉන්දියාවට ගියේ නෑ. නමුත් මෝදි අගමැතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේ අනුරාධපුරයට ගියා. ඒ අවස්ථාවේ අනුරාධපුර ගුවන් තොටුපළ එක දවසට ජාත්‍යන්තර ගුවන් තොටුපලක් කරලා ආණ්ඩුව ගැසට් නිවේදනයක් නිකුත් කළා. පසුව මෝදි අගමැතිවරයා අනුරාධපුරයේ සිට ගුවන් යානයකින් තමිල්නාඩුවට ගමන් කළා.
මෝදි අගමැතිවරයා ලංකාව සමඟ අත්සන් කරපු ගිවිසුම් වලින් පසුව මාහාරාශ්ඨ වල සිට තමිල්නාඩුවට යනවා වගේ අනුරාධපුරයේ සිට තමිල්නාඩුවට ගුවන් යානයකින් පිටත් වුණා. ඉන්දියාව සහ ලංකාව අතර ඇති කරගත් ගිවිසුම් වලින් පසු ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියා මෝදි අගමැතිවරයා හිතුවද දන්නේ නෑ. ජාත්‍යන්තරය ඉදිරියේ රටේ ගරුත්වය ජාතික ජන බලවේග කණ්ඩායම හෑල්ලුවට ලක් කරමින් සිටිනවා යනුවෙන්ද මුජිබුර් රහුමාන් මහතා කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
ඉදිරියේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා - හරිනි අමරසූරිය
යුක්රේනයේ සුමි නගරයේ පැවැති යුක්රේන යුද හමුදා සම්මාන ප්‍රදානෝත්සවයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් - යුක්රේන මන්ත්‍රීවරයෙක් පවසයි
