
ජනපති ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වයි
2025 - 2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ඊයේ (09) එළිදක්වනු ලැබුවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දැන් පැවැත්වෙන උත්සවයකදීයි
සුපිළිපන් දේශයක් කරා තේමා කරගනිමින් මෙම දූෂණ විරෝධි ජාතික ක්‍රියාකාරී සැළැස්ම සකස් කර තිබෙනවා.
මේ දක්වා ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි කාලය මේ දක්වා ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි කාලය 2025 දෙසැම්බර් මස අවසන් වීමට නියමිත බැවින් එම සැලැස්ම සමාලෝචනය කර නව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට මෙහිදී කටයුතු කර තිබෙනවා.
දූෂණ විරෝධි ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම හා නියාමනය කිරීම ඇතුළුව ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය වැළැක්වීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙන බලතල පැවරී ඇති අතර එකී බලනල ප්‍රකාරව සහ කැබිනට් මණ්ඩල අනුමැතිය ලත් දූෂණ විරෝධය පිළිබද ජාතික න්‍යාය පත්‍රයේ සඳහන් පරිදි " දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029" සකස් කිරීම කල යුතු බවත් ඒ සඳහා ජනතා අදහස් කැඳවීම කල යුතු බවටත් කොමිෂන් සභාව පසු ගියදා තීරණය කරනු ලැබුවා.
ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029" සකස් කිරීම සඳහා රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, ප්‍රජාපාදක සංවිධාන, මහජන නියෝජිතයින් තරුණයන්, දරුවන්, ආගමික සංවිධාන ඇතුළු සමස්ථ මහජනතාවගෙන් සැදුම්ලත් පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් අදහස් සහ යෝජනා කැඳවීම සඳහා වූ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පියවර ගත් අතර එහි ආරම්භක වැඩසටහන අගෝස්තු මස 01 වන දින වයඹ පළාන කේන්ද්‍ර කරගනිමින් දියත් කරනු ලැබුවා.
මෙම අවස්ථාවට සහභාගී වූ ජනපති අනුර කුමාර දිසානායක පවසා සිටියේ අල්ලස හා දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්, නිලධාරි යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බවයි.
ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් මේ වන විට ලබා දී ඇති බවත්, නිලධාරී යාන්ත්‍රණය නිවැරැදි නොවන්නේ නම් ලබන මැයි මාසයෙන් පසුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
