
නලීන් හේවගේ නැවතත් නා ගනි?
ජාතික ජන බලවේග රජය බලයට පත්වන විට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරය සතුව තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණක් බවට
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ කළ ප්‍රකාශයෙන් පසුව ඔහු දැඩි විවේචනයට ලක්ව තිබේ.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගාල්ලේ පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී අදහස් දක්වමින් හේවගේ පැවසුවේ වත්මන් පරිපාලනය භාණ්ඩාගාර සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.19ක් දක්වා වැඩි කර ඇති බවයි.
“අත්පොළසන් ප්‍රමාණවත් නැති බව පේන්නේ. ඩොලර් මිලියන 20ක් පමණක් තිබූ ගිණුමකට අපි ඩොලර් මිලියන 6,190ක් රැස් කර ගත්තා කිව්වම වහලේ උඩ යන්න අත්පොළසන් දෙන්න ඕනේ,” යනුවෙන් ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, 2024 සැප්තැම්බර් මාසයේදී ඩොලර් බිලියන 5.99ක්, ඔක්තෝබර් මාසයේදී ඩොලර් බිලියන 6.47ක්, නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 6.45ක් හා දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 6.12ක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව නිල සංචිත පැවති බව ය.
එසේ ම, 2025 ජනවාරියේ ඩොලර් බිලියන 6.06ක්, පෙබරවාරි මාසයේ 6.08ක් හා මාර්තු මාසයේ 6.51ක් සංචිත පැවැති බව මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛනවල සඳහන් යැයිද ඔහු කීය.
සංඛ්‍යා සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබේ නම් තමා ඉදිරිපත් කළ මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛන පිළිගන්නා හැටියට ද අමාත්‍ය නලින්ද ජයතිස්ස ඉල්ලීමක් කළේ ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
ඉදිරියේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා - හරිනි අමරසූරිය
යුක්රේනයේ සුමි නගරයේ පැවැති යුක්රේන යුද හමුදා සම්මාන ප්‍රදානෝත්සවයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් - යුක්රේන මන්ත්‍රීවරයෙක් පවසයි
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!
මම වරදක් කර නෑ.. ඒ නිසා කාගෙන්වත් සමාවක් අවශ්‍ය නැහැ.. අවශ්‍ය සාධාරණත්වය විතරයි - ගෝඨාභය කියයි (වීඩියෝ)
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව... පුණ්‍ය කාලය අපර භාග 8.57ට... අලුත් අවුරුදු උදාව 14 වැනි සඳුදා දින පූර්ව භාග 3.21ට..
