ලංකාව - ඉන්දියාව අතර අත්සන් කළ ආරක්ෂක ගිවිසුමෙන් ලංකාව ආසියානු නේටෝවට සම්බන්ධ කළාදැයි බලවත් සැකයක්..
ආසියානු නේටෝව නමින් හඳුන්වන ආරක්ෂක එකඟතාවක් ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව ඕස්ට්‍රේලියාව සහ ජපානය අතර 2007 වර්ෂයේ සිට ක්‍රියාවට නැංවෙන බවත් පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඍජුව හෝ වක්‍රාකාරව කොඩ් (Quad) හඳුන්වන මෙම ආසියානු නේටෝවට සම්බන්ධ කලාද නැතිද යන්න පැහැදිලිව රටට ප්‍රකාශ කළ යුතු බවත් සර්වජන බලය උප සභාපති වෛද්‍ය චන්න ජයසුමන මහතා බොරලැස්ගමුවේදී පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේය.
2007 වර්ෂයේදී එවකට ජපාන අග්‍රාමාත්‍ය ශින්සූ අබේගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු මෙම ගිවිසුම සෘජුවම චීනයට එරෙහි ආසියා-පැසිෆික් යුදමය එකඟතාවක් වන හෙයින් යම් හෙයකින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ ආරක්ෂක ගිවිසුම මගින් ලංකාව කොඩ් එකගතා සමඟ සෘජුව හෝ වක්‍රාකාරව බැඳ දැමුවේ නම් එය නිදහසෙන් පසු ශ්‍රී ලංකාව අනුගමනය කළ නොබැඳී විදේශය ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් බවත්, එමඟින් චීනය සහ චීනය හිතවාදී රටවල් අමනාප කර ගැනීම දරුණු දේශපාලන, ආර්ථික විපාක ගණනාවකට මුහුණ දීමේ ඇරඹුමක් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
කොඩ් ප්ලස් (Quad Plus) නමින් හැඳින්වූ සාකච්ඡා සහ එකඟතා සඳහා නවසීලන්තය, දකුණු කොරියාව, වියට්නාමය, බ්‍රසීලය වැනි රටවල් සහභාගී වූව ද ඒ කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා රජය ඒ සඳහා අනුබලයක් නොදැක්වූ බවද හෙතෙම පැවසීය.
මේ නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසු අත්සන් කළ ආරක්ෂක ගිවිසුම රට හමුවේ එළිදරව් කිරීම කඩිනම් අවශ්‍යතාවක් බවත්, එය දැන ගැනීම සියලු පුරවැසියන්ගේ අයිතියක් බවත් හෙතෙම අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි