
ලංකාව - ඉන්දියාව අතර අත්සන් කළ ආරක්ෂක ගිවිසුමෙන් ලංකාව ආසියානු නේටෝවට සම්බන්ධ කළාදැයි බලවත් සැකයක්..
ආසියානු නේටෝව නමින් හඳුන්වන ආරක්ෂක එකඟතාවක් ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව ඕස්ට්‍රේලියාව සහ ජපානය අතර 2007 වර්ෂයේ සිට ක්‍රියාවට නැංවෙන බවත් පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඍජුව හෝ වක්‍රාකාරව කොඩ් (Quad) හඳුන්වන මෙම ආසියානු නේටෝවට සම්බන්ධ කලාද නැතිද යන්න පැහැදිලිව රටට ප්‍රකාශ කළ යුතු බවත් සර්වජන බලය උප සභාපති වෛද්‍ය චන්න ජයසුමන මහතා බොරලැස්ගමුවේදී පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේය.
2007 වර්ෂයේදී එවකට ජපාන අග්‍රාමාත්‍ය ශින්සූ අබේගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු මෙම ගිවිසුම සෘජුවම චීනයට එරෙහි ආසියා-පැසිෆික් යුදමය එකඟතාවක් වන හෙයින් යම් හෙයකින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ ආරක්ෂක ගිවිසුම මගින් ලංකාව කොඩ් එකගතා සමඟ සෘජුව හෝ වක්‍රාකාරව බැඳ දැමුවේ නම් එය නිදහසෙන් පසු ශ්‍රී ලංකාව අනුගමනය කළ නොබැඳී විදේශය ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් බවත්, එමඟින් චීනය සහ චීනය හිතවාදී රටවල් අමනාප කර ගැනීම දරුණු දේශපාලන, ආර්ථික විපාක ගණනාවකට මුහුණ දීමේ ඇරඹුමක් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
කොඩ් ප්ලස් (Quad Plus) නමින් හැඳින්වූ සාකච්ඡා සහ එකඟතා සඳහා නවසීලන්තය, දකුණු කොරියාව, වියට්නාමය, බ්‍රසීලය වැනි රටවල් සහභාගී වූව ද ඒ කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා රජය ඒ සඳහා අනුබලයක් නොදැක්වූ බවද හෙතෙම පැවසීය.
මේ නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසු අත්සන් කළ ආරක්ෂක ගිවිසුම රට හමුවේ එළිදරව් කිරීම කඩිනම් අවශ්‍යතාවක් බවත්, එය දැන ගැනීම සියලු පුරවැසියන්ගේ අයිතියක් බවත් හෙතෙම අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
