
බුද්ධගයාවේ පරිපාලනය සම්පූර්ණයෙන්ම බෞද්ධයන්ට දෙන්න! - මහා නායක හිමිවරුන්ගෙන් මෝදිට සංදේශයක්
බුද්ධගයාවේ පරිපාලන කටයුතු සම්පූර්ණයෙන්ම බෞද්ධයන් වෙත ලබාදෙන මෙන් ඉල්ලමින් මෙරට මහ නායක හිමිවරුන් සිව්නම විසින් සකස් කරන ලද විශේෂ සංදේශයක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලබාදී තිබේ. මෙම සංදේශය භාරදීම සිදුව ඇත්තේ පසුගිය සෙනසුරාදා ඉන්දීය අගමැතිවරයා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවේ දී වීම විශේෂත්වයකි.
මෙම සංදේශයට මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමි, අමරපුර නිකායේ උත්තරීතර මහ නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමුර්ති නාහිමි, රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නාහිමි විසින් අත්සන් තබා තිබේ.
ශ්‍රී ලංකාව හා බුද්ධගයාව අතර ඓතිහාසික සම්බන්ධයක් ඇති බවත් එය අශෝක අධිරාජ්‍ය සමය දක්වා දිවෙන බවත් එම ලිපියෙන් අවධාරණය කර ඇත.
ඒ කවරක් නමුත් බුද්ධගයාවේ පරිපාලනය සම්පූර්ණයෙන්ම බෞද්ධයන්ට පවරා නොතිබීම බරපතළ ප්‍රශ්නයක් බව මේ ලිපිය මගින් අවධාරණය කර තිබේ. බුද්ධගයාවේ පරිපාලනය සම්පූර්ණයෙන් බෞද්ධයන්ට පැවරීමේ අවශ්‍යතාව ලොව පුරා වෙසෙන බෞද්ධයන් අවධාරණය කරන බව මෙම ලිපියේ සඳහන් කර ඇත. ලොව පුරා විවිධ ආගමික ස්ථාන පිළිබඳව ප්‍රශ්න ඇති නමුත් බුද්ධගයාවේ ගැටලුව ඉතා සාමකාමීව විසඳාගත යුතු බවත් මේ ලිපියේ සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
