News Category
From Date
To Date
Maximum Number of Result

මේ ආරක්ෂක ගිවිසුම කොටි වලිගයක් අල්ලා ගැනීමක් - උදය ගම්මන්පිල

Apr 7, 2025 at 04:52 PM
|

‘ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමෙන් ලංකාව අඛණ්ඩ භාරතයේ කොටසක් බවට පත්වී කොටි වළිගය අල්ලා ගැනීමට සමාන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

නිදහස් ලංකාවේ කිසිම රාජ්‍ය නායකයෙකු නොකළ අයුරින් ලංකාව ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමකට එළැඹිලා තිබෙනවා. බණ්ඩාරනායක අගමැතිතුමා, සිරිමාවෝ මැතිණිය, ජේ ආර් ජයවර්ධන ජනපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ ජනපතිතුමාට ලෝක දේශපාලන ප්‍රවණතා පිළිබඳ හොඳ ඉවක් තිබුණා. සිරිමාවෝ අගමැතිතුමිය, මහින්ද රාජපක්ෂ ජනපතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමාට ජාතික ආරක්ෂාව පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. මේ කිසිම රාජ්‍ය නායකයෙකු ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමකට එළැඹුනේ නැත්තේ එය ලංකාව ලෝක බල අරගලයේ එක් පැත්තක් ගැනීමෙන් ලංකාවේ විනාශය සිදුවන බව දකින්න තරම් ඒ නායකයින් බුද්ධිමත් වුණු නිසා. විචක්ෂණ වුණු නිසා. අත්දැකීම් තිබුණු නිසා. ලංකාව නිදහස ලැබීමට පෙර බ්‍රිතාන්‍යයට ලංකාවේ ගුවන් සහ නාවික කඳවුරු පවත්වා ගෙන යෑමට එළැඹුණු ආරක්ෂක ගිවිසුමත් බණ්ඩාරනායක අගමැතිතුමා අහෝසි කර ගත්තා.

වසර 2050 වන විට ලෝකයේ ප්‍රධානතම බලවතුන් වෙන්නේ චීනය සහ ඉන්දියාව. ඒ නිසා චීනයෙන් එන තර්ජනයට මුහුණ දෙන්න බටහිර බලවතුන් ඉන්දියාව වටා එකතු වෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව එකතු වී පිහිටුවා ගත් ද කොඩ් නමැති සංවිධානයත් එවැනි සංවිධානයක්. එදා සෝවියට් දේශය සහ ඇමෙරිකාව අතර බල කඳවුරු දෙකක් තිබුණා වගේ හෙට දවසේ බල කඳවුරු වෙන්නේ ඉන්දියාව සහ චීනය. අපි එදා ඇමෙරිකාව සහ සෝවියට් දේශය කියන බල කඳවුරු දෙකෙන් එකකටවත් එකතු නොවී නොබැඳිව හිටියා වගේම මේ අවස්ථාවේ දීත් ස්වාධීන විය යුතුයි. එවැනි පසුබිමක ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමකට එළැඹීමෙන් පේන්නේ ජාතික ආරක්ෂාව වගේම ලෝක ප්‍රවණතා පිළිබඳ වත්මන් ආණ්ඩුවට මෙලෝ හසරක අවබෝධයක් නැති බවයි.

ලංකාව වඩාත් සුරක්ෂිත වෙන්නෙත් ආර්ථික ප්‍රතිලාභ හිමි වෙන්නෙත් කිසිම බල කඳවුරකට එකතු නොවී ස්වාධීන වීමෙන්. පසුගිය වසර 2,600 පුරා ලංකාවට පැමිණි ආක්‍රමණ 21න් 17ක්ම ආවේ ඉන්දියාවෙන්. ඉන්දියාව බිහි කළ විශිෂ්ටතම දාර්ශනිකයෙක් වෙන කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍ර පොතේ කියනවා “ඔබේ අසල්වැසියා ඔබේ තර්ජනයයි. අසල්වැසියාගේ සතුරා ඔබේ ආරක්ෂකයායි” කියලා. ඒ ඉන්දියානු දර්ශනය මත ගියත් ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමක එළැඹීමට බරපතල වරදක්.

ඉන්දියානු අගමැතිතුමා ලංකාවේ දී කිව්වේ ඉන්දියානු අවශ්‍යතා පිළිබඳ අනුර ජනාධිපතිතුමා සංවේදි වීම සතුටට කරුණක් කියලා. අද ඉන්දියාවේ අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ හින්දු විශ්ව පරිෂාද් මතු කළ සිහිනය වන නොබෙදුනු ඉන්දියාව නැතිනම් අඛණ්ඩ් භාරත් බිහි කිරීමයි. ඒ සංකල්පයට අනුව ලංකාවත් ඉන්දියාවේ කොටසක් විය යුතුයි. මේ අඛණ්ඩ් භාරත් සංකල්පය අද ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනය කරමින් එය ජාතික දැක්මක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. එවැනි පසුබිමක මේ ආරක්ෂක ගිවිසුම කොටි වලිගයක් අල්ලා ගැනීමක් ලෙසටයි අපි දකින්නේ.

පාස්කු ප්‍රහාරය ගැන නලින්ද මෝදිගෙන් ඇහුව්වාද?

පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂයේ දී නිරතුරුවම කතා කළ නලින්ද ජයතිස්ස ඇමතිතුමා ඒ දවස්වල නිතර කියූ කතාවක් තමයි පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ ඉන්දියානු ආණ්ඩුව බව. ඒ විතරක් නොවේ. කටුවාපිටිය පල්ලිය ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ බිරිඳ සාරා කාටත් හොරා ඉන්දියාවට පැන ගත් බවත් මේ සියල්ල පිටුපස ඉන්දියාව සිටින බවත් ගෝඨාභය ජනාධිපතිතුමාටවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටවත් මෝදි අගමැතිතුමාගෙන් සාරාව අපට ඉල්ලන්න කොන්දක් නෑ කියලා එතුමා චෝදනා කලා.

දෛවයේ සරදමක් වගේ මෝදි අගමැතිතුමා ලංකාවට පැමිණි අවස්ථාවේ පරිවාර ඇමති ලෙස කටයුතු කරමින් මුළු සංචාරය පුරාම මෝදි අගමැතිතුමා ලඟින් සිටියේ නලින්ද ඇමතිතුමා. ඒ නිසා ජනාධිපතිතුමා විසින් එතුමාව පරිවාර ඇමති කලේ “ඔන්න දැන් ගිහින් උඹ පාස්කු ප්‍රහාරය ගැනයි සාරා ගැනයි මෝදිගෙන් අහපන්” කිව්වා වගේ වැඩක්. ගෝඨාභය සහ රනිල් ජනාධිපතිවරුන්ට කොන්දක් නෑ කිව්වාට මාලිමා දේශප්‍රේමින්ට එහෙම වෙන්න බෑනෙ. ඒ නිසා අනිවාර්රයෙන්ම නලින්ද ඇමතිතුමා මෝදි අගමැතිතුමාගෙන් සාරාව අපට ඕනි කියලා ඉල්ලන්න ඇති. පාස්කු ප්‍රහාරය එල්ල කලේ ඇයි කියලා අහන්න ඇති. ඒ නිසා මෝදි අගමැතිතුමාගෙන් සාරාව ඉල්ලුවාම අගමැතිතුමාගේ ප්‍රතිචාරය මොකක්ද කියන එක මීලඟ කැබිනට් මාධ්‍ය හමුවේ දී නලින්ද ඇමතිතුමා කියාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

හොර ගිවිසුම් ගහන මෝදි “ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ” කියලා කලින්ම කිව්වා නම් ජීවිත 83,000ක් බේරේ

“මව්බිම නැතිනම් මරණය” කියලා ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව 1971 දී ජවිපෙ නායකයින්ගේ කීම අහලා අපේ තරුණ ජීවිත 17,000ක් පූජා කලා. ඒ වගේම 1987 දී ඉන්දු – ලංකා ගිවිසුමට විරුද්ධව ජවිපෙ කීමට සටන් කරලා ජීවිත 67,000 බිලි කලා. එහෙම නම් ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව මේ රටේ දේශප්‍රේමින් 83,000ක් ජීවිත පූජා කර තිබෙනවා. ගෝඨාභය ජනාධිපතිතුමා රනිල් ජනාධිපතිතුමා මෝදි අගමැතිවරයා සමග ගිවිසුම් ගහන විට අනුර ජනාධිපතිතුමා කිව්වේ හොර ගිවිසුම් කියලා. හැබැයි එහෙම කිව්ව අනුර ජනාධිපතිතුමා මෝදි අගමැතිතුමා ආවාම අර ව්‍යාප්තවාදි ඉන්දියාව අපි වැළඳ ගන්නේ හදවතේ උණුසුම්ම තැනින් කියලා ගිවිසුම් හොරා කිව්ව කෙනාට විදේශිකයෙකුට ලබා දිය හැකි උසස්ම සම්මානය වෙන “ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ” කියන සම්මානය පිරිනැමුවා. ඉන්දියාව කියන්නේ හදවතේ උණුසුම්ම තැනින් පිලිගත යුතු අපේ හොඳම මිතුරා කියලා කලින්ම කිව්වා නම් අපට දේශප්‍රේමි ජීවිත 83,000ක් බේරා ගන්න තිබුණා. එහෙම නම් මේ ජීවිත 83,000ක් බිලි දීම ගැන සමස්ථ ජාතියෙන්ම සහ දේශප්‍රේමීන්ගෙන් සමාව ගැනීමට ජනාධිපතිවරයා වහාම කටයුතු කළ යුතුයි.

හොර ගිවිසුම් ප්‍රසිද්ධ කරන්න ඉල්ලීමට ගම්මන්පිලට ඇති අයිතිය මෙන්න

2002 දී ගිවිසුමකින් ඉන්දියාවට භාර දුන්නු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99න් 85ක් නැවත අපට අරන් සංවර්ධනය කිරීම ආරම්භ කලේ අපි. අපි ඒකට 2022 දී ගිවිසුමක් අත්සන් කලාම රට ඉන්දියාවට පාවා දෙනවෝ කියලා මාලිමා නායකයින් උද්ඝෝෂණය කලා. අපි මොකද කලේ? ගිවිසුම අත්සන් කරන්න මාස තුනකට කලින් ගිවිසුමේ අන්තර්ගතය ගැන බලශක්ති අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනවල සේවකයින් දැනුම්වත් කලා. වෘත්තිය සමිති දැනුම්වත් කලා. ප්‍රසිද්ධ විවාද දෙකක් කළා. පළමු විවාදය කලේ හිරු රූපවාහිනි නාලිකාවේ දී තෙල් වෘත්තිය සමිති එක්ක. මාලිමාව නියෝජනය කරලා සහභාගි වුණේ හිටපු කතානායක අසෝක රන්වල මැතිතුමා. ඒ වගේම දෙරණ නාලිකාවේ දේශපාලන පක්ෂ සමග විවාදයක් කලා. ඒකට මාලිමාව නියෝජනය කරලා සහභාගි වුණේ මෝදි අගමැතිතුමාගේ පරිවාර ඇමති නලින්ද ජයතිස්ස මැතිතුමා.

අපි ගිවිසුමට විරුද්ධ සෑම සංවිධානයක්ම අමාත්‍යාංශයට ගෙන්නලා ගිවිසුම ගැන දැනුම්වත් කලා. “තෙල් ටැංකි යළි රටට” කියලා පොතක් මුද්‍රණය කරලා අනුර දිසානායක විපක්ෂයේ මන්ත්‍රිතුමා ඇතුළු සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම දුන්නා. ඒ විතරක් නොවේ මාධ්‍ය හමුවක් පවත්වලා ගිවිසුමේ අන්තර්ගතය පැහැදිලි කලා. අවසානයේ දී ගිවිසුම අත්සන් කරලා පැය කිහිපයක් ඇතුලත ගිවිසුමේ පිටපතක් අමාත්‍යාංශ වෙබ් අඩවියට එක් කලා.

එහෙම අත්සන් කරපු ගිවිසුමට හොර ගිවිසුම කිව්වා මාලිමා නායකයින් මේ වන විට රටට හොරෙන් හොර ගිවිසුම් හතක් ගහලා. ඉහළම විනිවිද භාවයකින් ගිවිසුම් අත්සන් කළ අය විධියට අත්සන් කළ හොර ගිවිසුම් වහාම ප්‍රසිද්ධ කරන්න කියලා ආණ්ඩුවට බල කරන්න අපට අයිතියක් තිබෙනවා.

සම්බන්ධිත පුවත් | Related News

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි පහකට අදාළව අධිකරණය හමුවට පමුණුවනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් සහ පක්ෂයේ දැරූ අනෙකුත් සියලු තනතුරුවලින් හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඉල්ලා අස්වී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම කොමිසමේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.
චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.
පැවැත්වෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක එම කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ සිවුර බලහත්කාරයෙන් ඉවත් කර ජම්පරයක් ඇන්දවීමට කටයුතු කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.

ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.