News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකාවේ බදු ප්‍රතිපත්තියට ඉදිරිපත්කරන අවසාන යෝජනා ලබන අඟහරුවාදා

Apr 7, 2025 at 08:16 AM
|

අමෙරිකානු නිර්දේශ පරිදි දෙරටේ වෙළෙඳ පරතරය අවම කර ගැනීම සඳහා වන යෝජනාවලියක් එළඹෙන අඟහරුවාදා (08) පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදී එරට බලධාරීන්ට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අද (06) අනාවරණ කළේය.

ඒ අමෙරිකානු නව තීරු බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා, 

"44%ක තීරු බදු පනවන්න පටන් ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් අපනයන භාණ්ඩ ප්‍රධාන කාණ්ඩවලින් 80-86% ක් අදාළ වෙනවා. ඇඟලුම් ක්ෂේත්‍රය, ප්ලාස්ටික් සහ රබර් නිෂ්පාදන, ආහාර සැකසුම් නිෂ්පාදන, ආභරණ සහ තවත් දේ අදාළ වෙනවා. එකතුව 86%ක් බවට පත්වෙනවා.  බදු පැනවීමත් සමග අපේ භාණ්ඩ තරඟකාරී බවින් ඉවත්වෙනවා. අපිට මොකක්ද කරන්න පුළුවන්? වෙළෙඳ පරතරය අඩුකරන්න අමෙරිකාව යෝජනා කළා.  අපි අමෙරිකානු වෙළෙඳ නියෝජතයින් සමග රැස්වීමක් ගත්තා. වෙළෙඳ පරතරය අඩු කරන්න අපේ යෝජනා ඉදිරිපත් කරන්න කිව්වා. අවසාන යෝජනා ලබන අඟහරුවාදා අපි ඉදිරිපත් කරනවා."

ප්‍රශ්නය - වියට්නාමය අමෙරිකාවට බදු 0% දක්වා අඩු කරලා තියෙනවා, අපෙත් එහෙම තීරණයක් තියෙනවාද?

"පොදු අනුපාතය 10%ක් කියලා අමෙරිකාව ඉදිරිපත් කළානේ. ඒ අමෙරිකාව ආනයනය කරද්දි අනුපාතය 20% හෝ අඩුනම්. 20%ක වගේ අනුපාතයක් සාකච්ඡා කරන්න පුළුවන්. පෙර සඳහන් කළ කාණ්ඩ 5ට විශේෂ අවධානයක් දෙනවා."

ප්‍රශ්නය -  ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය අතරතුර මේ ප්‍රශ්නයට විසඳුම් ඉන්දියාවෙන් රජය ඉල්ලා සිටියාද?

"අපි ඉල්ලීමක් කළා, සලකා බලනවා කියලා කිව්වා." 

සම්බන්ධිත පුවත් | Related News

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.
2024 වසරේ ජන හා නිවාස සංගණනය ප්‍රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුව, මෙවර සංගණනයේදී අනාවරණ වී ඇති පරිදි මෙරට ජනගහනය 21,763,170 කි.
ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ද හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකතනයෙන් සෘජුව ඇමතිය හැකි නායකයන් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
2025 - 2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ඊයේ (09) එළිදක්වනු ලැබුවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දැන් පැවැත්වෙන උත්සවයකදීයි
2021 වසරට පසු වසර 04කින් බොරතෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය උත්සන්න වීමත් සමගය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේදී ඉන්දියාව නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කර ඇති නමුත් ශ්‍රී ලංකා රජය මෙතෙක් එයට එකඟතාවය දක්වා නැති බව වාර්තා වේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරයට මුදල් යෙදවූයේ අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමේ කොන්දේසිය මත බව සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
වර්තමාන ආණ්ඩුව විසින් සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවා බෙදුම්වාදීන්ගේ උපාය මාර්ගික සැළැස්ම ක්‍රියාත්මක කළහොත් එය එදා මිලේනියම් සිටි පාවාදීම, ගිරිතලේ හමුදා කඳවුර පාවාදීම වැනි පාවාදීම් වලට වඩා බොහෝ සෙයින් බරපතළ බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව අදහස් දක්වන බෙදුම්වාදීන්ගේ සහ දෙමළ ඩයස්‌පෝරාවේ මාධ්‍ය ප්‍රකාශකයෙකු ලෙස සැලකෙන ජෙහාන් පෙරේරා නැමැත්තා සඳහන් කරන්නේ අන්තර්ජාතික තලයේ පැන නගින යුධ අපරාධ චෝදනාවලින් ගැලවීම සඳහා කුමන හෝ ක්‍රමයක් අවශ්‍ය බවය. ඒ අනුව ඔහු ඉදිරිපත් කරන විසඳුම සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමය.

ප්‍රධාන පුවත්

ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාව ඇතුළු රටවල් රැසකට අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.

මෝදි නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කරලා...

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේදී ඉන්දියාව නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කර ඇති නමුත් ශ්‍රී ලංකා රජය මෙතෙක් එයට එකඟතාවය දක්වා නැති බව වාර්තා වේ.

සත්‍ය සෙවීමේ කොමිසම ‘‘මිලේනියමි සිටි බුද්ධි නිලධාරීන්“ පාවාදීමට වඩා බරපතළයි

වර්තමාන ආණ්ඩුව විසින් සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවා බෙදුම්වාදීන්ගේ උපාය මාර්ගික සැළැස්ම ක්‍රියාත්මක කළහොත් එය එදා මිලේනියම් සිටි පාවාදීම, ගිරිතලේ හමුදා කඳවුර පාවාදීම වැනි පාවාදීම් වලට වඩා බොහෝ සෙයින් බරපතළ බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බ්‍රිතාන්‍ය රජයේ රණවිරු තහනමේ අවසන් අරමුණ ජිහාන් පෙරේරාගෙන් එළියට

බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව අදහස් දක්වන බෙදුම්වාදීන්ගේ සහ දෙමළ ඩයස්‌පෝරාවේ මාධ්‍ය ප්‍රකාශකයෙකු ලෙස සැලකෙන ජෙහාන් පෙරේරා නැමැත්තා සඳහන් කරන්නේ අන්තර්ජාතික තලයේ පැන නගින යුධ අපරාධ චෝදනාවලින් ගැලවීම සඳහා කුමන හෝ ක්‍රමයක් අවශ්‍ය බවය. ඒ අනුව ඔහු ඉදිරිපත් කරන විසඳුම සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමය.

104 % ක තීරු බදු පනවමින් ට්‍රම්ප්ගෙන් චීනයට 'ආඩම්බරකාර' ප්‍රහාරයක්

එක්සත් ජනපදය සියලුම චීන ආනයන සඳහා 104% දක්වා ඉහළ නැංවූ දැවැන්ත තීරු බදු පනවා ඇති අතර, එය පවතින වෙළඳ ගැටුම උත්සන්න කරමින් ඊයේ(8) එක්සත් ජනපද කොටස් වෙළඳපොළෙන් තවත් ඩොලර් ට්‍රිලියන 1.5 ක් අතුගා දැමීමට කටයුතු කර තිබේ.

නලින්ද උස්සාගෙන ආව පොත කියෙව්වේ නැතත්, කවරය විතරක්වත් කියෙව්වානම්, පොත නිකුත් කළ ආයතනය ගැන දැන ගන්න තිබුණා - රවී කුමුදේශ්

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් තබන ලද සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදුකරන ලද ප්‍රකාශයකට අදාළව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ මහතා අදහස් පළ කරයි.

කොන්ද පණ තියෙනවනම් ගහපු ගිවිසුම් ටික එළියට දාන්න... විමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

ආණ්ඩුවට කොන්ද පණ තියෙනවානම් ඉන්දීය අගමැතිවරයා සමග ගැසූ ගිවිසුම් ප්‍රසිද්ධ කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහදන් කළේය.

පිල්ලයාන් අත්අඩංගුවට

හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ මඩකලපුව ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ වනවිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එමින් පවතින බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් වෙන්නේ.

ඉන්දියානු බලපෑම ගැන ලංකාව ප්‍රවේශම් විය යුත්තේ ඇයි? (වීඩියෝ)

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙවර ශ්‍රී ලංකා සංචාරය ඉතා ආන්දෝලනාත්මක බවත්, ඉන්දීය අගමැතිවරයාගේ මෙම සංචාරයේ දී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7ක් අත්සන් කළද ශ්‍රී ලංකා රජය හෝ ඉන්දීය රජය මේ වන තෙක් එම ගිවිසුම් පිළිබඳව පැහැදිලි අනාවරණයක් සිදුකොට නොමැති බවත්, මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන අන්තර්ජාල නාලිකාවක් විසින් හෙළිකරයි.

දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමට පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මත වෙයි... කිසිවෙකු විරුද්ධ නොවේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ට්‍රම්ප්ගේ තීරුබදු වලට එරෙහිව චීනය 'අවසානය දක්වා සටන් කිරීමට' ප්‍රතිඥා දෙයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ආනයන සඳහා අමතර තීරුබදු පනවන බවට තර්ජනය කිරීමෙන් පසුව, චීන වාණිජ අමාත්‍යාංශය වොෂින්ටනයට අනතුරු අඟවා ඇත්තේ, එක් එක් රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා නව තීරුබදු පුළුල් කරන බව පවසමිනි.

ඉන්දියාව දැන් වෙනස් වෙලා... අපි මොකටද තරහා වෙලා ඉන්නේ - ටිල්වින් සිල්වා (වීඩියෝ)

ඉන්දියාවට රට පාවා දුන් බවට පවසන ඕනෑම කෙනෙකුට එය ඔප්පු කර පෙන්වන ලෙසට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් ලංකාවේ කොටස් වෙළඳ පොළට දැඩි බලපෑම්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 02 දින හඳුන්වා දෙන ලද නවතම ආනයනික තීරුබදු ප්‍රතිපත්ති, මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමක් දක්වා දුරදිග ගොස් තිබේ.

ජනපති අනුර කලේ, හිටපු ජනාධිපති රනිල් එකඟ වූ ආරක්ෂක ගිවිසුමට නව එකතුකිරීම් සිදු කිරීමයි - ආරක්ෂක ලේකම් තුයියකොන්නා

‘ද අයිලන්ඩ්‘ පුවත්පතට ප්‍රකාශයක් කරමින් ආරක්ෂක ලේකම් තුයියකොන්නා මහතා සදහන් කරන්නේ ජනාධිපති අනුර දිසානායක මහතා සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර ඇතිකරගත් එකඟතාවය මත අත්සන් කළ ආරක්ෂක ගිවිසුම සකස් වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 ජුලි 21 දින ඇතිකරගත් එකඟතාවයේ දිගුවක් ලෙස බවය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.