අමෙරිකාවේ බදු ප්‍රතිපත්තියට ඉදිරිපත්කරන අවසාන යෝජනා ලබන අඟහරුවාදා
අමෙරිකානු නිර්දේශ පරිදි දෙරටේ වෙළෙඳ පරතරය අවම කර ගැනීම සඳහා වන යෝජනාවලියක් එළඹෙන අඟහරුවාදා (08) පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදී එරට බලධාරීන්ට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අද (06) අනාවරණ කළේය.
ඒ අමෙරිකානු නව තීරු බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා,
"44%ක තීරු බදු පනවන්න පටන් ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් අපනයන භාණ්ඩ ප්‍රධාන කාණ්ඩවලින් 80-86% ක් අදාළ වෙනවා. ඇඟලුම් ක්ෂේත්‍රය, ප්ලාස්ටික් සහ රබර් නිෂ්පාදන, ආහාර සැකසුම් නිෂ්පාදන, ආභරණ සහ තවත් දේ අදාළ වෙනවා. එකතුව 86%ක් බවට පත්වෙනවා. බදු පැනවීමත් සමග අපේ භාණ්ඩ තරඟකාරී බවින් ඉවත්වෙනවා. අපිට මොකක්ද කරන්න පුළුවන්? වෙළෙඳ පරතරය අඩුකරන්න අමෙරිකාව යෝජනා කළා. අපි අමෙරිකානු වෙළෙඳ නියෝජතයින් සමග රැස්වීමක් ගත්තා. වෙළෙඳ පරතරය අඩු කරන්න අපේ යෝජනා ඉදිරිපත් කරන්න කිව්වා. අවසාන යෝජනා ලබන අඟහරුවාදා අපි ඉදිරිපත් කරනවා."
ප්‍රශ්නය - වියට්නාමය අමෙරිකාවට බදු 0% දක්වා අඩු කරලා තියෙනවා, අපෙත් එහෙම තීරණයක් තියෙනවාද?
"පොදු අනුපාතය 10%ක් කියලා අමෙරිකාව ඉදිරිපත් කළානේ. ඒ අමෙරිකාව ආනයනය කරද්දි අනුපාතය 20% හෝ අඩුනම්. 20%ක වගේ අනුපාතයක් සාකච්ඡා කරන්න පුළුවන්. පෙර සඳහන් කළ කාණ්ඩ 5ට විශේෂ අවධානයක් දෙනවා."
ප්‍රශ්නය - ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය අතරතුර මේ ප්‍රශ්නයට විසඳුම් ඉන්දියාවෙන් රජය ඉල්ලා සිටියාද?
"අපි ඉල්ලීමක් කළා, සලකා බලනවා කියලා කිව්වා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි