මාළිමා ආණ්ඩුව 71 විරුවන්ට සරදම් කරනවා... කුමාර් ගුණරත්නම්
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරය සමග තීරණාත්මක සහ බරපතළ දේශපාලන ප්‍රශ්න ගණනාවක් ඉදිරියේදී මතු වීමට නියමිත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පැවසීය.
ඉන්දීය අගමැති මෝදිගේ ලංකා සංචාරයේ දී අත්සන් කරන ආරක්ෂක ගිවිසුම ඇතුළු ගිවිසුම්වලට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නුගේගොඩ පක්ෂ කාර්‍යාලයේදී ඊයේ (04) ) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී ඔහු මේ අදහස් පළකළේය.
එදා අප්‍රේල් විරුවන් ජනතාද්‍රෝහී අධිරාජ්‍යවාදී ආණ්ඩුවට එරෙහිව 1971 දී අරගල බිමට ප්‍රවේශ වූ ඓතිහාසික දිනයේම ජාතික ජන බලවේගය පාවාදීමේ ගිවිසුම අත්සන් කිරීම දෛවයේ සරදමක් බව ද ඔහු සඳහන් කළේය.
“කැබිනට් ප්‍රකාශකවරයා පසුගියදා මාධ්‍ය හමුවේදි අපි දැක්කා කියනවා මේ සංචාරයේදී අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වන්දනා කරන්න ඉන්දීය අගමැතිවරයා යන්න සූදානමින් ඉන්නවා කියලා. ඒවගේම මන්නාරම රෝහලට යම් පරිත්‍යාගයන් ප්‍රමාණයක් ලබා දෙන්නත් මෙහිදී ඉන්දියාව කටයුතු කරනවා. දැන් මේ සීනි බෝල දීලා මෝදි බලාපොරොත්තු වෙන්නේ මොනවද ? ලංකාවේ වරායවල් , ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික, විදුලිබල පද්ධතිය, ඇතුළු සම්පත් ඉන්දියාවට අත්පත් කරගැනීමේ මෙහෙයුමක තමයි පහුගිය කාලෙම ඉන්දියාව හිටියේ.
එතකොට මෝදි ලංකාවට එන්නේ මේ ක්ෂේත්‍රවලට අදාළව ගිවිසුම් අත්සන් කරලා ඒ සම්පත් නීත්‍යනුකූලවම ඉන්දියාවට පවරා ගන්න. මේ සංචාරයේදී ඉන්දියාව සහ ලංකාව අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්න නියමිතයි කියලා මුලින්ම වාර්තා වුණේ ඉන්දීය මාධ්‍ය හරහා. නමුත් අද වෙනකල් ඒ ගිවිසුමේ අඩංගු කරුණු මොනවද කියන එක ලංකාවේ ආණ්ඩුව රටට හෙළිදරව් කරලා නෑ. අපි දන්නවා මේ වෙද්දිත් ඉන්දීය සාගරයේ භූ දේශපාලන බලය අත්පත් කරගැනීම සඳහා ලෝකයේ අධිරාජ්‍යවාදී රටවල් දැවැන්ත බලපොරයක පැටලිලා ඉන්නේ. විශේෂයෙන් චීනය, අමෙරිකාව, සහ ඉන්දියාව තමයි මේ බල සූදුවේ ප්‍රධානම පාර්ශවකරුවන් බවට පත් වෙලා ඉන්නේ. එහෙම වෙලාවක අපේ රට ඉන්දියාව එක්ක ආරක්ෂක ගිවිසුමකට එළඹීම කියන්නෙම ඔවුන්ගේ භූ දේශපාලන උපායමාර්ගයට රටක් විදිහට අපිත් ඇතුළු වීමක්. ඒක නිසා තමයි අපි කියන්නේ හෙට අත්සන් කරන්න සූදානම් වෙන මේ ආරක්ෂක ගිවිසුම ඓතිහාසික වැරද්දක් වගේම ඓතිහාසිකව රට ඉන්දියාවට පාවා දීමක්.” යැයි කුමාර් ගුණරත්නම් පැවසීය.
“මෑති ඉතිහාසෙදි ලංකාව Defence agreements වලට කිසිම රටක් එක්ක අත්සන් කරලා නෑ. අපි විවිධ රටවල එක්ක ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම එකඟතාවලට ඇවිත් තියනවා. හැබැයි මේ Defence කියන වචනෙ ඇතුළේ තියන දේශපාලන උවමනාවන් අර්ථයන් ඊට වඩා විශාලයි. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් විදිහට ඉන්න වෙලාවේ ඇමරිකාව එක්ක එකතුවෙලා ජනතාද්‍රෝහී ඇක්සා ගිවිසුම අත්සන් කලා. ඊටපස්සෙ රනිල් වික්‍රමසිංහ විසින් ඒ ගිවිසුම සදහටම වලංගු වෙන විදිහට දීර්ඝ කලා. ඒ නිශා රාජපක්ෂලා රනිල්ලා ඇතුළු කඳවුරට රට පාවාදෙන ගිවිසුම් අත්සන් කිරීම අළුත් දෙයක් නෙමෙයි. තමනගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ඔවුන් එදා ඉඳලම කලේ රට පාවා දීපු එක තමයි. නමුත් ඒ ජේ ආර් ජයවර්ධනලගේ ප්‍රේමදාසලගේ කාලේ ඉඳලම රටේ ස්වාධීනත්වය අධිරාජ්‍යවාදීන්ට පාවාදෙන ජනතාද්‍රෝහී ගිවිසුම්වලට විරුද්ධව හඬ අවධි කරපු, මහ පාරේ සටන් කරපු දේශපාලන ව්‍යාපාරයක් තමයි අද ආණ්ඩු බලය හොබවන්නේ. ඒ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව. දැන් ඒ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවම සූදනම් වෙනවා තමන් මෙතෙක් කල් ආව දේශපාලන ගමන් මාර්ගයට පිටුපස හරවමින් ඉන්දියාවට රට පාවාදෙන ගිවිසුම්වලට අත්සන් තියන්න. මේක ඉතිහාසයේ යළි කවදාවත් නිවැරදි කරන්න බැරි විදිහේ ඓතිහාසික වැරද්දක්.
පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ගිහින් ඒකාබද්ධ ප්‍රකාශ අත්සන් කළා. ඊටපස්සෙ මෑතක අනුර දිසානායක ජනාධිපතිවරයාත් ඉන්දියාවට ගිහින් ඒකාබද්ධ ප්‍රකාශ අත්සන් කළා. නමුත් දැන් මේ අත්සන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිවිසුම්. එතකොට අවබෝධයකින් එහාට ගිහිල්ලා මේවා නීත්‍යනුකූල ගිවිසුම් බවට පත් වෙනවා. එදා මෙවැනි ජනතාද්‍රෝහී පාවාදීම්වලට එරෙහිව හිටගත්ත ව්‍යාපාරයක් අද කොහොමද මෙවැනි පාවාදීමක් කරන්නේ ? මේක ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන්ගේ හෘද සාක්ෂිය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක්. අපි දන්නවා මේ ආණ්ඩුව බලයට ආවෙම යම වාමාංශික හැඩයක් පෙන්නගෙන. නමුත් බලය ගැනීමෙන් පස්සෙ ඒ හැඩය සම්පූර්ණයෙන් ඉවත් කරගෙන නවලිබර් සහ IMF මාර්ගයේ තමයි ගමන් ගනිමින් ඉන්නේ. රාජ්‍ය ආයතන වසා දැමීම්, පෞද්ගලිකකරණය, නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය පෞද්ගලිකකරණය කිරීම, රැකියා කප්පාදු කිරීම, භාණ්ඩ හා සේවා මත බදු ඉහළ දැමීම වගේ ජනතාවට බලපාන කාරණාවලදී අසංවේදීව කටයුතු කරන ගමන් ධනකුවේරයන්ට බදු සහන දෙමින් ඔව්න්ට එරෙහිව කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන ඒ ධනකුවේර පන්තිය ඉස්සරහා නැලවෙමින් කටයුතු කරනවා.
අපිට දැන් මේ ආණ්ඩුව යන මාර්ගය පැහැදිලියි. නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුව හදන්න ඡන්දය පාවිච්චි කල ජනතාවට වගකීමක් තියනවා මේ ඓතිහාසික වැරද්ද වෙන්න දෙන්නැතුව තමන් ඡන්දය දීලා පත්කල ආණ්ඩුව නිවැරදි පාරට ගන්න. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පැරණි සහෝදරවරුන්ගෙන් අපි මේ වෙලාවෙ අහනවා මේ වැරද්ද දිහා නිහඬතාව බලාගෙන ඉන්නෙ ඇයි. රට ඉන්දියාවට පාවාදෙන ලෝක දේශපාලන බල සූදුවට ලංකාව ඇදල දාන ගිවිසුම් අත්සන් කරනකල් නිහඬතාව බලාගෙන හිටියොත් ඔබට අනාගතයේදී හෘද සාක්ෂියෙන් ගැලවීමක් නැති වෙනවා. විශේෂයෙන් මේ ගිවිසුම අත්සන් කරන්න බලාපොරොත්තු වෙන අප්‍රේල් 5 කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට ඓතිහාසික දවසක්. එදා අප්‍රේල් විරුවන් මේ ජනතාද්‍රෝහී අධිරාජ්‍යවාදී ආණ්ඩුවට එරෙහිව 1971 දි අරගල බිමට ප්‍රවේශ වුනු ඓතිහාසික දවසෙම මේ පාවාදීමේ ගිවිසුම අත්සන් කිරීම දෛවයේ සරදමක් වගේ දෙයක්. අපි රටේ සියලු ජනතාවට අපි ආරාධනා කරනවා මේ ජනතාද්‍රෝහී ක්‍රියාව පරාජය කරන්න මැදිහත් වෙමු කියලා. ” යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි