
දෙමළ ජනයා සමූළ ඝාතනය කළ බව තහවුරු කිරීමට කැනඩාවේ ව්‍යවස්ථාදායකයට ගෙනා පනත කැනඩා නීතියට පටහැනියි- කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
ඔන්ටාරියෝ අභියාචනාධිකරණය තීරණය කළ 104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (104 Tamil Genocide Education Week Act-TGEWA) ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය පිළිබඳව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් විමසීමක් නොකරන බවත් පනත් කෙටුම්පත කැනඩාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ අංක 93 යටතේ පළාත් අධිකරණ බල ප්‍රදේශයට අයත් නොවන බවත් කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද අනුමත කරනු ලැබීය. ඒ අනුව අදාළ පනත සම්බන්ධයෙන් කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුර විමර්ශන කිරිම අවශ්‍ය නොවන බව 2025 මාර්තු 27 වන දින තීරණය කළ බව අදාළ පනත සම්බන්ධයෙන් තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය පවසන ලදී.
ඒ අනුව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ ඔන්ටාරියෝ අභියාචනාධිකරණය යන අධිකරණ ද්විත්වයම ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වී ඇතැයි යන්න තීරණය කර නොමැත. ඒ අනුව කැනඩාවේ ඉහළම තලයේ අධිකරණ ලබා දුන් තීන්දුව බලාත්මකව පවතින බැවින් කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඊනියා ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය පිළිබඳව වන චෝදනාව තවදුරටත් විමසීමක් නොකරනු ඇත.
දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායමක් වන එල්ටීටීඊය කැනඩාවේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පිළිගනු ලබයි.
ඔන්ටාරියෝ අභියාචනාධිකරණයේදී ආචාර්ය නෙවිල් හේවගේ විනිසුරු අක්බරාලිගේ තීන්දුවට එරෙහිව සාර්ථකව කරුණු ඉදිරිපත් කරනු ලැබුවේය . ඔන්ටාරියෝ අභියාචනාධිකරණය 104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත් කෙටුම්පතට (104 Tamil Genocide Education Week Act-TGEWA) අධ්‍යාපනික අරමුණු නොමැති බවද තීරණය කළේය.
ඔන්ටාරියෝ අභියාචනාධිකරණය සිය ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කරමින්,104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත් (TGEWA) කෙටුම්පත සම්බන්ධයෙන් ඔන්ටාරියෝ උසස් අධිකරණයේ විනිසුරු අක්බරාලිගේ තීන්දුව ප්‍රතික්ෂේප කළේය.
1867 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ, 93 වන වගන්තියේ "අධ්‍යාපනය" සම්බන්ධයෙන් දක්වා ඇති පරිදි TGEWA පනත් කෙටුම්පත පළාත් අධිකරණ බලය තුළ නොමැති විෂයක් බව අභියාචනාධිකරණය නිගමනය කළේය.
තීන්දුවේ (9) ඡේදයේ සඳහන් වන්නේ "අක්බරාලි විනිසිරුවරිය පනත (TGEWA ) “අධ්‍යාපනික” කාණ්ඩයට ඇතුලත් කර විස්තර කිරීම සමඟ අපි එකඟ නොවෙමු." ලෙසයි.
කැනඩා අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව වැඩිදුර විශ්ලේෂණය කිරීමේදී එහි 54 ඡේදය මෙසේ නිගමනය කර ඇති බව තහවුරු වේ: “අපගේ මතය අනුව, අයදුම්පත සලකා බැලූ පළාත් අධිකරණ විනිසුරුවරිය TGEWA හි ඇතුලත්ව ඇති ප්‍රශ්නය සහ එහි සාරය සංලක්ෂිත කිරීමේදී වැරද්දක් කර ඇති බව තහවුරු වේ. ඒ වෙනුවට විශ්ලේෂණයේ ලක්ෂණ සහ වර්ගීකරණය පැහැදිලිව තබා ගැනීමට සහ ප්‍රමාණවත් නිරවද්‍යතාවයකින් නීතිය සංලක්ෂිත කිරීමට ඇය අපොහොසත් වි තිබේ.
වඩාත්ම වැදගත් කාරණය නම්, තීන්දුවේ 76 ඡේදය මගින්, අභියාචනාධිකරණය ඔන්ටාරියෝ නීතිපතිවරයාගේ තර්කය ප්‍රතික්ෂේප කිරීමයි. එම ඡේදය මෙසේ පවසයි: TGEWA හි ප්‍රමුඛ අරමුණ හුදෙක් ජන සංහාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම බව ඔන්ටාරියෝ ඉදිරිපත් කිරීම ද අපි ප්‍රතික්ෂේප කරමු.
නීති විශාරදයින්ට අනුව මෙම තීන්දුව විශ්ව විද්‍යාල, විද්‍යාල සහ පාසල් මණ්ඩලවල විද්වතුන් සහ අධ්‍යාපනඥයින් සඳහා ඓතිහාසික ජයග්‍රහණයකි.
දෙමළ ඊලම් විමුක්ති කොටි (LTTE) යනු ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ඒක-වාර්ගික රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව සටන් කළ දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායමකි. ශ්‍රී ලංකාවේ හමුදාව 2009 මැයි 18 වන දින එම සංවිධානයේ නායකයා සහ එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකන් විනාශ කර දැමීමෙන් දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කළේය.
එතැන් සිට, ශ්‍රී ලංකාවේ සියලුම ජනවාර්ගික කණ්ඩායම් සාමයෙන් හා සමගියෙන් ජීවත් වෙති.
ඔන්ටාරියෝ හි අධ්‍යාපනය සඳහා 104 පනත් කෙටුම්පත භාවිතා කළ නොහැක. එය ස්වයං දැනුවත්භාවය සහ අනුස්මරණ අරමුණු සඳහා පමණක් භාවිතා කළ හැකිය.
(කැනඩාවේ දෙමළ ඩයස්පෝරාව විසින් 104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත නමින් එරට ව්‍යවස්ථාදායකය වෙත ඉදිරිපත් කරන ලද පනත් කෙරුම්පත එරට අධිකරණ හමුවේ අභියෝගයට ලක් කරන්නට විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ පිරිසක් කටයුතු කර තිබුණි. කැනඩාවේ ඔන්ටාරියෝ පළාතේ ඉහළ අධිකරණය අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබා දු තීන්දුව වැරදිසහගත තීන්දුවක් බව ඔන්ටාරියෝ පළාතේ අභියාචනාධිකරණය සහ කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබීය. එම නඩු තීන්දුව සම්බන්ධයෙන් Ontario Centre for Policy Research වෙබ් අඩවියේ 2025 මාර්තු මස 28 වන දි පලවූ මාධ්‍ය වාර්තාවේ සිංහල අනුවර්තනය මෙසේ පල කරමු )
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.
රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු
