ලයිකා නඩුව විභාගයට දින දෙයි... අලිරාජා ලොකු ලොකු ලෙයර්ලා අල්ලයි..
ලයිකා සමූහය විසින් ජනමාධ්‍ය ආයතන 11 කට අධික සංඛ්‍යාවක් සහ විකාශන බලපත්‍ර ලබාගැනීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.
ඒ, සමාජ ක්‍රියාකාරියකු වන ජාමුණි කමන්ත තුෂාර විසින් ගොනුකරන ලද අදාළ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුවය.
ජාතික ආරක්‍ෂාවට බරපතල තර්ජනයක් ඇති බව පෙන්වා දෙමින් EAP සමූහ ව්‍යාපාරය සතුව තිබූ බලපත්‍ර ඇතුළු ජනමාධ්‍ය සහ විකාශන බලපත්‍ර ලබාගැනීමේදී ලයිකා සමූහය ශ්‍රී ලංකාවේ නීතිය උල්ලංඝනය කර ඇති බව පෙත්සම්කරු පවසයි.
ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම විභාගයට අවසර ලබා දී තිබේ.
ජනාධිපති නීතිඥ උදිත එගලහේවා සමඟ නීතිඥ එන්.කේ.අශෝක්භාරන් පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටියහ.
වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් හිටපු නීතිපති (විශ්‍රාමික) සංජය රාජරත්නම්, ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු, ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර සහ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පෙනීසිටියහ.
රජයේ පාර්ශ්ව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන සහ අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන පෙනීසිට තිබේ.
පෙත්සම 2025 දෙසැම්බර් 2 වැනි දිනට විභාගයට ගැනීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..