
ලයිකා නඩුව විභාගයට දින දෙයි... අලිරාජා ලොකු ලොකු ලෙයර්ලා අල්ලයි..
ලයිකා සමූහය විසින් ජනමාධ්‍ය ආයතන 11 කට අධික සංඛ්‍යාවක් සහ විකාශන බලපත්‍ර ලබාගැනීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.
ඒ, සමාජ ක්‍රියාකාරියකු වන ජාමුණි කමන්ත තුෂාර විසින් ගොනුකරන ලද අදාළ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුවය.
ජාතික ආරක්‍ෂාවට බරපතල තර්ජනයක් ඇති බව පෙන්වා දෙමින් EAP සමූහ ව්‍යාපාරය සතුව තිබූ බලපත්‍ර ඇතුළු ජනමාධ්‍ය සහ විකාශන බලපත්‍ර ලබාගැනීමේදී ලයිකා සමූහය ශ්‍රී ලංකාවේ නීතිය උල්ලංඝනය කර ඇති බව පෙත්සම්කරු පවසයි.
ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම විභාගයට අවසර ලබා දී තිබේ.
ජනාධිපති නීතිඥ උදිත එගලහේවා සමඟ නීතිඥ එන්.කේ.අශෝක්භාරන් පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටියහ.
වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් හිටපු නීතිපති (විශ්‍රාමික) සංජය රාජරත්නම්, ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු, ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර සහ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පෙනීසිටියහ.
රජයේ පාර්ශ්ව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන සහ අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන පෙනීසිට තිබේ.
පෙත්සම 2025 දෙසැම්බර් 2 වැනි දිනට විභාගයට ගැනීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
