සම්බාධකවලට එරෙහිව දැඩි ස්ථාවරයක් ගන්න ... කරන්නාගොඩ රජයෙන් ඉල්ලයි
හිටපු හමුදා නායකයින් තිදෙනෙකු ඇතුළු ශ්‍රී ලංකා නිලධාරීන්ට එක්සත් රාජධානිය පනවා ඇති සම්බාධකවලට ප්‍රතිචාර දක්වමින්, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, බ්‍රිතාන්‍ය යටත් විජිත ම්ලේච්ඡ ක්‍රියා සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකර තිබියදීත්, එක්සත් රාජධානිය මානව හිමිකම් සම්බාධක මගින් ශ්‍රී ලංකාවට එල්ල කරන ප්‍රකාශ කුහක කම නිසා සිදුකරන ක්‍රියාවන් බවට චෝදනා කළේය..
ඩේලි මිරර් පුවත්පතට අදහස් දැක්වා ඇති කරන්නාගොඩ මහතා මෙසේද පවසා ඇත. , බ්‍රිතාන්‍යය සිය අතීත ක්‍රියා සම්බන්ධයෙන් කිසිවිටෙක සමාව නොගත් බවත් ගාසා, සිරියාව, ඇෆ්ගනිස්ථානය සහ ලිබියාව වැනි ගෝලීය ගැටුම් සම්බන්ධයෙන් නිහඬව සිටින්නේ මන්දැයි ප්‍රශ්න කළේය.
එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ යුරෝපය වැනි බටහිර රටවල එල්ටීටීඊ හිතවාදීන් සක්‍රීයව ක්‍රියා කරමින් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අරමුණින් කටයුතු කරන බවටද අද්මිරාල් කරන්නාගොඩ චෝදනා කළේය. එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ශ්‍රී ලංකා හමුදා නායකයින්ට සම්බාධක පැනවීම සඳහා මෙම රටවල දේශපාලනඥයන්ට බලපෑම් කිරීමට මුදල් එකතු කරන බව ඔහු කියා සිටියේය.
බාහිර බලපෑම් හේතුවෙන් තවදුරටත් සම්බාධක පැනවීමට ඉඩ ඇති බැවින් මෙය ආරම්භය පමණක් විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය. "හිටපු මානව හිමිකම් නීතිවේදියෙකු වන බ්‍රිතාන්‍ය අගමැතිතුමා මේ ප්‍රශ්නය පාවිච්චි කරන්නේ බහුතර ඡන්ද ලබාගන්න. මේක හරිම අසාධාරණයි, යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මේ අතර, අද්මිරාල් කරන්නාගොඩ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ සම්බාධකවලට එරෙහිව දැඩි ස්ථාවරයක් ගන්නා ලෙසත් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් කිරීමට උදව් කළ එහි හමුදා නායකයින් සමඟ සිටින ලෙසත් ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..