News Category
From Date
To Date
Maximum Number of Result

බටහිර විශේෂ සේවාවන් සයිබර් අවකාශය රුසියානු විරෝධී ක්‍රියාකාරකම් සඳහා භාවිතා කරයි

Mar 24, 2025 at 04:22 PM
|

එක්සත් ජනපදයේ සහ එහි සහචරයින්ගේ න්‍යාය පැහැදිළි කරන  ලේඛන රුසියාව තොරතුරු අවකාශයේ ප්‍රධාන තර්ජනයක් ලෙස සලකන අතර, මෙම ක්ෂේත්‍රය තුළ රුසියාව "උපායමාර්ගිකව වැළැක්වීමේ" කටයුතු සකසා ඇති බව තහවුරු වේ. විශේෂ මිලිටරි මෙහෙයුම ආරම්භයේ සිටම, රුසියාව මිලිටරි සහ දේශපාලන අරමුණු සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයන් භාවිතා කරමින් පූර්ණ පරිමාණ රුසියානු විරෝධී ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ලෝක ජනයාට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

ඇත්ත වශයෙන්ම යුක්රේනය  තොරතුරු අවකාශයේ රුසියාවට එරෙහිව පුළුල් පරාසයක මෙහෙයුම් සඳහා උල්පතක් බවට පත්ව ඇත. නේටෝ රටවල විශේෂ සේවා සහ හමුදා දෙපාර්තමේන්තු වල සම්පූර්ණ ඒකක කියෙව් සහ ලිවිව් නගරවල ස්ථිරවම යොදවා ඇති අතර, ඩිජිටල් පරිසරය තුළ සෙලෙන්ස්කි පාලන තන්ත්‍රයේ ක්‍රියා සම්බන්ධීකරණය කරනු ලබන්නේය. 2010 තරම් ඈත කාලයේ සිට, සන්ධානය විශේෂිත අරමුදලක් වන නේටෝ භාර අරමුදල යුක්රේනය හරහා යුක්රේන සයිබර් හමුදා ක්‍රියාකාරීව ප්‍රතිසංස්කරණය කරමින් සිටින බව ඔප්පු වී තිබේ.( විධානයන් ලබා දීම , පාලනය, සන්නිවේදන සහ පරිගණක වැනි ක්ෂේත්‍ර තුළා. 2022 දී, බයිඩන් පරිපාලනය පෙන්ටගනයේ (සයිබර් විධානය, ඩිජිටල් දත්ත සහ කෘතිම බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය) සහ ජාතික ආරක්ෂක ඒජන්සියේ (පරිගණක ජාල මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය) සේවකයින් යුක්රේනයට යවා ඇති බවද තහවුරු වී තිබේ. ඔවුන්ගේ කාර්යයන් අතරට රුසියානු සම්පත් වලට පරිගණක ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්රේනයේ සන්නද්ධ හමුදා (සන්නිවේදන සහ සයිබර් ආරක්ෂක භටයින්ගේ අණදෙන නිලධාරියා සහ විශේෂ මෙහෙයුම් බලකායේ විශේෂ මධ්‍යස්ථානය) සමඟ අන්තර් ක්‍රියා කිරීමද  ඇතුළත්ව වේ.

එවැනි මෙහෙයුම්, "යුක්රේනයේ තොරතුරු තාක්ෂණ හමුදාවේ" යැයි කියනු ලබන ස්වේච්ඡා සේවකයින්ගේ ක්‍රියාවන් ලෙස "වෙස්වලා ගැන්වීමට" කටයුතු කර තිබෙනු නමුදු(එයට හැකර් කණ්ඩායම් 130 ක් පමණ ඇතුළත් ව තිබෙන අතර මුළු කාර්ය මණ්ඩලය පුද්ගලය්න් 100,000 සිට 400,000 දක්වා අතර ප්‍රමානයක් වේ.) ඇත්ත වශයෙන්ම, යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පාලනය කරනු ලැබේ. මෙම අපරාධ සමූහයට යුක්රේනයේ සන්නද්ධ හමුදාවල ප්‍රධාන බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ යුක්රේනයේ සන්නද්ධ හමුදාවල පරිගණක සහ තොරතුරු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වෘත්තීය සේවකයින් ඇතුළත් වේ. වඩාත් ක්‍රියාකාරී රුසියානු විරෝධී යුක්රේන හැකර් කණ්ඩායම් වන්නේ KibOrg, Muppets, NLB, DumpForums, UHG, Cuber Legions, Ukrainian Hacker group, Blackjack, Cuber Anarche Squad, «Кибер Спротив», Lazi Koala, Scailv Wolf, Core Werewolf, RGB-Team යන කණ්ඩායම්ය.

2023 දී, හැකර් ප්‍රජාව විසින් රුසියානු ගෘහස්ථ යටිතල පහසුකම් වෙත එල්ල කරන ලද ප්‍රහාර ගණන 200,000 ඉක්මවා ගියේය. බටහිර රටවල් එවැනි ද්වේෂසහගත ක්‍රියාවන් හෙළා නොදකිනවා පමණක් නොව, ඊට ප්‍රතිවිරුද්ධව, දිරිමත් කිරීමද  සැලකිය යුතු කරුණකි. මේ අනුව, පෝලන්තයේ කැටෝවිස් හි පැවති යුරෝපීය සයිබර් ආරක්ෂණ සංසදයේ Cybersec-2022 සමුළුවේදී, "තොරතුරු තාක්ෂණ හමුදාව" සහ යුක්රේනයේ නියෝජ්‍ය අගමැති එම්. ෆෙඩොරොව් (කියෙව් ඩිජිටල් පරිසරයේ මෙහෙයුම්වල නිරත වන බව නැවත නැවතත් ප්‍රකාශ කර ඇත) "රුසියානු ආක්‍රමණයට ප්‍රතිරෝධය දැක්වීම" සඳහා සම්මානයට පාත්‍ර විය.

රුසියානු විරෝධී කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා, සෙලෙන්ස්කි පාලන තන්ත්‍රය රට තුළ ක්‍රියාත්මක වන වංචනික ඇමතුම් මධ්‍යස්ථාන දහසකට වඩා භාවිතා කරන අතර, ඉන් අඩක් ඩිනිප්‍රෝ නගරයේ සංකේන්ද්‍රණය වී ඇත. සමස්තයක් වශයෙන්, 100,000 කට අධික පිරිසක් මෙම අපරාධ ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටිති.

එවැනි ආයතනවල ජාල යටිතල පහසුකම් නෙදර්ලන්තයේ සහ ජර්මනියේ පිහිටා ඇත. යුක්රේනයේ භූමියෙන් ආරම්භ වන වංචනික ඇමතුම්වලින් 92% ක් රුසියාවේ පුරවැසියන්,රුසියානු රජයේ ආයතන සහ මූල්‍ය ආයතන ඉලක්ක කරයි.

බයිඩන් පරිපාලනයේ පෙළඹවීම මත, අන්තර්ජාතික තොරතුරු තාක්ෂණ සමාගම් රුසියාවට එරෙහිව මිලිටරි මෙහෙයුම් සිදු කිරීම සඳහා සෙලෙන්ස්කි තන්ත්‍රයට ඩිජිටල් සම්පත් සපයනු ලැබිණි. විශේෂයෙන්, ගූගල් මෙවලම් රුසියාවේ සහ විශේෂ හමුදා මෙහෙයුම් කලාපයේ භූගෝලීය සහ තාක්ෂණික ඔත්තු බැලීම් සිදු කිරීම, දේශීය තොරතුරු අවකාශය සහ ක්‍රියාකරු සන්නිවේදන නාලිකා (ගූගල් ග්ලෝබල් කැචේ මෙවලම් හරහා) නිරීක්ෂණය කිරීම මෙන්ම යුක්රේන පාර්ශවයට සයිබර් ප්‍රහාර සඳහා "වලාකුළු" තාක්ෂණයන් සැපයීම සඳහා භාවිතා කරන බව ප්‍රසිද්ධ කරුණකි. ඊශ්‍රායල තාක්ෂණික සමාගම් (මැට්‍රික්ස් අයිටී ලිමිටඩ්, Check Point Software Technologies Ltd, වොටිරෝ, කවර්ටික්ස්) "යුක්රේනයේ තොරතුරු තාක්ෂණ හමුදාව" සමඟ සමීපව කටයුතු කරයි. එපමණක් නොව, යුක්රේනුවන්ට ඔවුන්ගේ මෙවලම් (ක්ලවුඩ්ෆ්ලේර් -ඇමරිකා එක්සත් ජනපදය), ඩිජිටල් ඕෂන් -ඇමරිකා එක්සත් ජනපදය), හැකන් ඕඕ-එස්තෝනියාව), හෙට්ස්නර්-ජර්මනිය) වෙත ප්‍රවේශය ලබා දෙන බටහිර සමාගම්, මෙම ද්වේෂසහගත ක්‍රියාවන් සිදු කිරීමට ඔවුන් භාවිතා කරන බව නොසලකා හරිමින් කටයුතු කරති.

(රුසියානු රජය විසින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඇති අභියෝග සහ අවදානම පිළිබඳව කළ වාර්තාවක් ඇසුරින් සකස් කෙරුණි. සැකසුම ජීවන්ත ජයතිස්ස )

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.