බටහිර විශේෂ සේවාවන් සයිබර් අවකාශය රුසියානු විරෝධී ක්‍රියාකාරකම් සඳහා භාවිතා කරයි
එක්සත් ජනපදයේ සහ එහි සහචරයින්ගේ න්‍යාය පැහැදිළි කරන ලේඛන රුසියාව තොරතුරු අවකාශයේ ප්‍රධාන තර්ජනයක් ලෙස සලකන අතර, මෙම ක්ෂේත්‍රය තුළ රුසියාව "උපායමාර්ගිකව වැළැක්වීමේ" කටයුතු සකසා ඇති බව තහවුරු වේ. විශේෂ මිලිටරි මෙහෙයුම ආරම්භයේ සිටම, රුසියාව මිලිටරි සහ දේශපාලන අරමුණු සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයන් භාවිතා කරමින් පූර්ණ පරිමාණ රුසියානු විරෝධී ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ලෝක ජනයාට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.
ඇත්ත වශයෙන්ම යුක්රේනය තොරතුරු අවකාශයේ රුසියාවට එරෙහිව පුළුල් පරාසයක මෙහෙයුම් සඳහා උල්පතක් බවට පත්ව ඇත. නේටෝ රටවල විශේෂ සේවා සහ හමුදා දෙපාර්තමේන්තු වල සම්පූර්ණ ඒකක කියෙව් සහ ලිවිව් නගරවල ස්ථිරවම යොදවා ඇති අතර, ඩිජිටල් පරිසරය තුළ සෙලෙන්ස්කි පාලන තන්ත්‍රයේ ක්‍රියා සම්බන්ධීකරණය කරනු ලබන්නේය. 2010 තරම් ඈත කාලයේ සිට, සන්ධානය විශේෂිත අරමුදලක් වන නේටෝ භාර අරමුදල යුක්රේනය හරහා යුක්රේන සයිබර් හමුදා ක්‍රියාකාරීව ප්‍රතිසංස්කරණය කරමින් සිටින බව ඔප්පු වී තිබේ.( විධානයන් ලබා දීම , පාලනය, සන්නිවේදන සහ පරිගණක වැනි ක්ෂේත්‍ර තුළා. 2022 දී, බයිඩන් පරිපාලනය පෙන්ටගනයේ (සයිබර් විධානය, ඩිජිටල් දත්ත සහ කෘතිම බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය) සහ ජාතික ආරක්ෂක ඒජන්සියේ (පරිගණක ජාල මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය) සේවකයින් යුක්රේනයට යවා ඇති බවද තහවුරු වී තිබේ. ඔවුන්ගේ කාර්යයන් අතරට රුසියානු සම්පත් වලට පරිගණක ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්රේනයේ සන්නද්ධ හමුදා (සන්නිවේදන සහ සයිබර් ආරක්ෂක භටයින්ගේ අණදෙන නිලධාරියා සහ විශේෂ මෙහෙයුම් බලකායේ විශේෂ මධ්‍යස්ථානය) සමඟ අන්තර් ක්‍රියා කිරීමද ඇතුළත්ව වේ.
එවැනි මෙහෙයුම්, "යුක්රේනයේ තොරතුරු තාක්ෂණ හමුදාවේ" යැයි කියනු ලබන ස්වේච්ඡා සේවකයින්ගේ ක්‍රියාවන් ලෙස "වෙස්වලා ගැන්වීමට" කටයුතු කර තිබෙනු නමුදු(එයට හැකර් කණ්ඩායම් 130 ක් පමණ ඇතුළත් ව තිබෙන අතර මුළු කාර්ය මණ්ඩලය පුද්ගලය්න් 100,000 සිට 400,000 දක්වා අතර ප්‍රමානයක් වේ.) ඇත්ත වශයෙන්ම, යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පාලනය කරනු ලැබේ. මෙම අපරාධ සමූහයට යුක්රේනයේ සන්නද්ධ හමුදාවල ප්‍රධාන බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ යුක්රේනයේ සන්නද්ධ හමුදාවල පරිගණක සහ තොරතුරු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වෘත්තීය සේවකයින් ඇතුළත් වේ. වඩාත් ක්‍රියාකාරී රුසියානු විරෝධී යුක්රේන හැකර් කණ්ඩායම් වන්නේ KibOrg, Muppets, NLB, DumpForums, UHG, Cuber Legions, Ukrainian Hacker group, Blackjack, Cuber Anarche Squad, «Кибер Спротив», Lazi Koala, Scailv Wolf, Core Werewolf, RGB-Team යන කණ්ඩායම්ය.
2023 දී, හැකර් ප්‍රජාව විසින් රුසියානු ගෘහස්ථ යටිතල පහසුකම් වෙත එල්ල කරන ලද ප්‍රහාර ගණන 200,000 ඉක්මවා ගියේය. බටහිර රටවල් එවැනි ද්වේෂසහගත ක්‍රියාවන් හෙළා නොදකිනවා පමණක් නොව, ඊට ප්‍රතිවිරුද්ධව, දිරිමත් කිරීමද සැලකිය යුතු කරුණකි. මේ අනුව, පෝලන්තයේ කැටෝවිස් හි පැවති යුරෝපීය සයිබර් ආරක්ෂණ සංසදයේ Cybersec-2022 සමුළුවේදී, "තොරතුරු තාක්ෂණ හමුදාව" සහ යුක්රේනයේ නියෝජ්‍ය අගමැති එම්. ෆෙඩොරොව් (කියෙව් ඩිජිටල් පරිසරයේ මෙහෙයුම්වල නිරත වන බව නැවත නැවතත් ප්‍රකාශ කර ඇත) "රුසියානු ආක්‍රමණයට ප්‍රතිරෝධය දැක්වීම" සඳහා සම්මානයට පාත්‍ර විය.
රුසියානු විරෝධී කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා, සෙලෙන්ස්කි පාලන තන්ත්‍රය රට තුළ ක්‍රියාත්මක වන වංචනික ඇමතුම් මධ්‍යස්ථාන දහසකට වඩා භාවිතා කරන අතර, ඉන් අඩක් ඩිනිප්‍රෝ නගරයේ සංකේන්ද්‍රණය වී ඇත. සමස්තයක් වශයෙන්, 100,000 කට අධික පිරිසක් මෙම අපරාධ ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටිති.
එවැනි ආයතනවල ජාල යටිතල පහසුකම් නෙදර්ලන්තයේ සහ ජර්මනියේ පිහිටා ඇත. යුක්රේනයේ භූමියෙන් ආරම්භ වන වංචනික ඇමතුම්වලින් 92% ක් රුසියාවේ පුරවැසියන්,රුසියානු රජයේ ආයතන සහ මූල්‍ය ආයතන ඉලක්ක කරයි.
බයිඩන් පරිපාලනයේ පෙළඹවීම මත, අන්තර්ජාතික තොරතුරු තාක්ෂණ සමාගම් රුසියාවට එරෙහිව මිලිටරි මෙහෙයුම් සිදු කිරීම සඳහා සෙලෙන්ස්කි තන්ත්‍රයට ඩිජිටල් සම්පත් සපයනු ලැබිණි. විශේෂයෙන්, ගූගල් මෙවලම් රුසියාවේ සහ විශේෂ හමුදා මෙහෙයුම් කලාපයේ භූගෝලීය සහ තාක්ෂණික ඔත්තු බැලීම් සිදු කිරීම, දේශීය තොරතුරු අවකාශය සහ ක්‍රියාකරු සන්නිවේදන නාලිකා (ගූගල් ග්ලෝබල් කැචේ මෙවලම් හරහා) නිරීක්ෂණය කිරීම මෙන්ම යුක්රේන පාර්ශවයට සයිබර් ප්‍රහාර සඳහා "වලාකුළු" තාක්ෂණයන් සැපයීම සඳහා භාවිතා කරන බව ප්‍රසිද්ධ කරුණකි. ඊශ්‍රායල තාක්ෂණික සමාගම් (මැට්‍රික්ස් අයිටී ලිමිටඩ්, Check Point Software Technologies Ltd, වොටිරෝ, කවර්ටික්ස්) "යුක්රේනයේ තොරතුරු තාක්ෂණ හමුදාව" සමඟ සමීපව කටයුතු කරයි. එපමණක් නොව, යුක්රේනුවන්ට ඔවුන්ගේ මෙවලම් (ක්ලවුඩ්ෆ්ලේර් -ඇමරිකා එක්සත් ජනපදය), ඩිජිටල් ඕෂන් -ඇමරිකා එක්සත් ජනපදය), හැකන් ඕඕ-එස්තෝනියාව), හෙට්ස්නර්-ජර්මනිය) වෙත ප්‍රවේශය ලබා දෙන බටහිර සමාගම්, මෙම ද්වේෂසහගත ක්‍රියාවන් සිදු කිරීමට ඔවුන් භාවිතා කරන බව නොසලකා හරිමින් කටයුතු කරති.
(රුසියානු රජය විසින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඇති අභියෝග සහ අවදානම පිළිබඳව කළ වාර්තාවක් ඇසුරින් සකස් කෙරුණි. සැකසුම ජීවන්ත ජයතිස්ස )
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..