ජෝන් එෆ් කෙනඩි ලිපිගොනු: සෝවියට් සංගමය වෙත කියුබාව යැවූ සීනි සී අයි ඒ සංවිධානය විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු කරලා.
1960 ගණන්වල කියුබාවේ සිට සෝවියට් සංගමය වෙත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකින් යවන ලද සීනි බෑග් 800 ක් ඇමරිකානු ඔත්තුකරුවන් විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් කර ඇති බව ජෝන් එෆ්. කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් නිකුත් කරන ලද නවතම ලිපිගොනුවලින් හෙළි වී තිබේ.
මාධ්‍යවේදියෙකු මෙන්ම බ්ලොග්කරුවෙකු වන බෙන් නෝර්ටන් සහ වොෂින්ටන් පෝස්ට් එක්ව විශ්ලේෂණය කරන ලද ලිපිගොනු වලින් එකක් 1962 කියුබානු මිසයිල අර්බුදයට මාස කිහිපයකට පෙර මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA ) විසින් සිදු කරන ලද “රහස් මෙහෙයුමක්” ලේඛනගත කර තිබේ.
එම වසරේ අගෝස්තු මාසයේදී, සෝවියට් සංගමයට කියුබාවේ සිට දුඹුරු සීනි බෑග් 80,000 ක් ප්‍රවාහනය කරන භාණ්ඩ නෞකාවක් පිළිබඳව CIA සංවිධානය දැනගත් බව, එවකට පෙන්ටගනයේ විශේෂ මෙහෙයුම් සඳහා නියෝජ්‍ය සහකාර ලේකම්වරයා මෙන්ම CIA සංවිධානය සමඟ වැඩ කිරීමේ දිගු ඉතිහාසයක් ඇති ජෙනරාල් එඩ්වඩ් ලැන්ස්ඩේල් වෙත යවන ලද රහසිගත පත්‍රිකාවකට අනුව, CIA සංවිධානය කියුබාවෙන් නැව්ගත කළ සීනි තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට තීරණය කර ඇති බව තහවුරු වේ.
තොරතුර දැනගත් ඇමරිකානු ඔත්තුකරුවන් නැව්ගත කළ සීනි තොගය මිනිස් පරිභෝජනය්ට නුසුදුසු තත්වයට පත් කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට තීරණය කළහ. අදාළ නෞකාවේ සුළු අලුත්වැඩියාවන් සඳහා පුවර්ටෝ රිකෝ වරායේ කෙටි කාලයක් සඳහා නැංගුරම් ලන බවත් එහි භාණ්ඩ වලින් කොටසක් ඉවත් කිරීමට සිදුවන බවත් ඔවුන් දැනගත්හ.
“අනාවරණය නොවූ සහ සොයාගත නොහැකි රහසිගත මෙහෙයුමක් හරහා, අපට සීනි තොගයේ තිබූ බෑග් 800 කට විෂ එක් කිරීමට හැකි විය.” වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කළේය. Cඓඇ සංවිධානය ට අනුව, විෂ එකතුවූ බෑග් තොගය පසුව මුළු නැව්ගත කළ සීනි තොගයම අපවිත්‍ර බවට පත් කරන අතර, එය “කිසිම ආකාරයකින් මිනිස් හෝ සත්ව පරිභෝජනයට නුසුදුසු බවට” පත් කරනු ලබයි.
කෙසේ වෙතත්, සැලැස්ම වූයේ සෝවියට් ජනතාවට විෂ සීනි කැවීම නොව, ඔවුන්ට ලැබෙන සීනි තොගය භාවිතයට් ගැනීමට නොහැකි තත්වයකට පත් කිරීම පමණි.
“අප භාවිතා කළ රසායනික ද්‍රව්‍ය සීනි වලට ඉවත් කළ නොහැකි අමිහිරි කටුක රසයක් ලබා දෙන අතර, එය කිසිදු ක්‍රියාවලියකින් ඉවත් කළ නොහැක,” අය්නුවෙන් පැවසූ ඔත්තුකරුවන් එය “කිසිම අර්ථයකින් සෞඛ්‍යයට භයානක නොවන” බව තහවුරු කළේය. මෙහෙයුම පිටුපස සිටි අය තවමත් විශ්වාස කරන්නේ එම සීනි පරිභෝජනය කරන තැනැත්තා හෝ තැනැත්තිය සැලකිය යුතු කාලයකට කිසිම ආහාරයක රසය විඳ ගැනීමට නොහැකි තත්වයට පත්වන බවයි.
ලේඛනයට අනුව,මෙහෙයුම සාර්ථක වුවහොත්, එදා පැවැති තත්වයට අනුව සෝවියට් සංගමයට ඩොලර් 350,000 ත් 400,000 ත් අතර මූල්‍යමය පාඩු සිදුවනු ඇතැයි අපේක්ෂා කරන ලදී. කෙසේ වුවද අමෙරිකානු ලේඛන වලට අදාළ කිසිදු දතතයක් සෝවියට් රුසියානු දත්තයන් ගෙන් සොයා ගැනීමට නොහැකි වූ බැවින් නැව්ගත කිරීමේ ඉරණම අපැහැදිලි බව මේ සම්බන්ධයෙන් විශ්ලේෂනයක යෙදෙන ආර් ටී පුවත් සේවය පවසයි.
1960 දී, එක්සත් ජනපදය කියුබාවට එරෙහිව එහි පළමු බරපතල සම්බාධක පැනවූ අතර, අනෙකුත් පියවරයන් අතර රටෙන් සියලුම සීනි මිලදී ගැනීම් නතර කළේය. මෙම පියවර ගනු ලැබුවේ කියුබානු විප්ලවයට ප්‍රතිචාර වශයෙන් වන අතර කියුබානු විප්ලවය හේතුවෙන් එක්සත් ජනපදයේ සහාය ලත් ඒකාධිපති ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ පාලනය අවසන් විය.
වොෂින්ටනය එහි නේටෝ සහචරයින් කියුබානු සීනි ආනයනය ද අත්හැරීමට සැලැස්වීය. පසුව සෝවියට් සංගමය කියුබාවේ ප්‍රධාන සීනි ආනයනකරුවන්ගෙන් එකක් බවට පත්විය.
JFK files: CIA contaminated sugar destined for USSR
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්