සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය ගැන අසත්‍ය පුවතක්
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම ව්‍යාජ නිවේදනයට අනුව,
මෙවර විද්‍යාව ප්‍රශ්න පත්‍රය විෂය බාහිරට ගොස් ප්‍රශ්න රටාව වෙනස්කොට සකසා ඇත.
ඊට පිළියමක් වශයෙන් විද්‍යාව විෂයට මුහුණ දුන් සියලු සිසුන්ට අමතර ලකුණු 08ක් හිමිවේ.
එමෙන්ම ඒ ඒ සාමාර්ථයන් සඳහා වන ලකුණු මට්ටම් ලකුණු 10කින්ද අඩු කර තිබෙන අතර, විශිෂ්ට සාමාර්ථයක් ලකුණු 65කට වඩා ලබාගත් සෑම කෙනෙකුටම හිමිය.
එබැවින් ඉහත ප්‍රකාශය ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය තුළ පමණක් සංසරණය වීමට සලස්වා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම්දෙයි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ නීත්‍යනුකූලව ලියාපදිංචි ජනමාධ්‍ය ආයතන සහ අන්තර්ජාල වෙබ් අඩවි සඳහා පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිවේදනයෙන් දැනුම්දෙයි.
ඒ සෑම නිවේදනයක්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශීර්ශය සහිතව හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ශය සහිතව අදාළ බලධාරියාගේ අත්සන ද සහිතව මාධ්‍ය වෙත නිවැරැදි සුපරීක්ෂණයකින් පසුව සිදු කෙරේ.
එමනිසා එවන් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් කාරුණික ව ඉල්ලාන්න යැයි එහි වැඩිදුරටත් දැක්වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..