News Category
From Date
To Date
Maximum Number of Result

කැපූ දීමනා නොදුන්නොත්... GMOA එකෙන් නිවේදනයක්

Mar 21, 2025 at 07:29 AM
|

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

අතෘප්තිකර සහ අනාරක්ෂිත පරිසරයක් තුළ රෝගී සත්කාර සේවාවන් සපයන වෛද්‍යවරුන්ගේ සේවාවේ වටිනාකම අයවැය හරහා අවතක්සේරු කිරීමේ ගැටලුව සඳහා එකඟ වූ විසඳුම් ක්‍රියාත්මක කිරීම.

ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය පද්ධතිය තුල, ජාත්‍යන්තරයේ පවා ඉහළ පිළිගැනීමක් ලබා ඇති රෝගී සත්කාර සේවාවන්, වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සපයනුයේ අවම වැටුපක් ලබමින් අහිතකර වෘත්තීය පරිසරයක් තුළය. ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම, නිල නිවාස නොමැතිවීම, ප්‍රවාහන ගැටලු, ඖෂධ ගැටලු ආදී ගැටලු ගණනාවක් මධ්‍යයේ වුව ද ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් තම වෘත්තීය වගකීම අභිබවා ගිය මානුෂීය සහ ජාතික වගකීමක් ඔවුන් විසින් ඉටු කරනු ලබයි.

එවන් අහිතකර වෘත්තීය පරිසර තත්ත්වයන් කළමනාකරණය කර ගනිමින් සේවයේ යෙදෙන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳ බරපතල අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට පසුගිය සතියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුවුණු අවාසනාවන්ත සිදුවීම හේතු වී ඇත. විශේෂයෙන් වෛද්‍යවරියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහෝදර සේවිකාවන් ඇතුළු සියලු දෙනාට අනාරක්ෂිත පරිසර තත්ත්වයන් යටතේ සෞඛ්‍ය සේවාවන් සැපයීමට සිදුවීම, මේ මොහොතේදී හෝ ප්‍රමුඛතාවය ලබා දී විසඳිය යුතු ගැටලුවකි.

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබා දුන් යෝජනා වේගයෙන් ක්‍රියාත්මක කිරීමට දැන්වත් සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගනු ඇතැයි අපි විශ්වාස කරමු.

අතෘප්තිකර සහ අනාරක්ෂිත පරිසර තත්ත්වයන් යටතේ වුවද, දැඩි කැපවිමෙන් රෝගී සත්කාර සේවාවන් සපයන වෛද්‍ය සේවාවේ වටිනාකම මෙවර අයවැය යෝජනා හරහා අසාධාරණ ලෙස අවතක්සේරුවට ලක් වී ඇති බව මෙරට සමස්ත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ මතයයි.

වෛද්‍යවරුන් තම සාමාන්‍ය රාජකාරියට අමතරව රාජකාරි ගණනාවක් ඉටුකරන අතර සාමාන්‍ය රාජකාරී වේලාවෙන් අනතුරුව ද අඛණ්ඩව වසරේ සෑම දිනකම පැය 24  පුරා රෝගී සත්කාර සේවාවන් පවත්වාගනිමින් සිදුකරන සුවිශිෂ්ට සේවාව වෙනුවෙන් අමතර රාජකාරි දීමනාවට සුවිශේෂී අගයක් සහ අනුපාතයක් ලබා දී ඇත. එය මෙවර අයවැයෙන් 50% කින් අඩු කර ඇත.

මූලික වැටුපෙන් 1/20 ක් ලෙස ලබාදුන් නිවාඩු දින/ඉරිදා දීමනාව ද, 1/30 ක් දක්වා අඩු කිරීමෙන්, එම දිනවලදී වෛද්‍යවරුන් රාජකාරියේ යෙදීම අධෛර්යමත් කර ඇත.

වෛද්‍යවරුන්ට පමණක් සුවිශේෂී සහ අනන්‍ය වූ අමතර රාජකාරි දීමනාව සහ එහි අගයන් අතීතයේ සිටම නිර්ණය කරනු ලැබුවේ මහා භාණ්ඩාගාරය ඇතුළු අදාළ සියලු පාර්ශවයන්හි එකඟතාවයෙනි. නමුත් මෙවර අයවැයේදී වෛද්‍ය සේවාවේ සුවිශේෂී බව ද නොසලකා හරිමින් කිසිදු පාර්ශවයක් සමග සාකච්ඡාවකින් හෝ එකඟතාවයකින් තොරව නිලධාරීන් කිහිපදෙනෙකුගේ මැදිහත්වීමෙන් ප්‍රකාශයට පත් වූ මෙම අත්තනෝමතික තීරණය හේතුවෙන් වෛද්‍යවරුන්, රජය, මහජනතාව ඇතුළු පාර්ශව ගණනාවක් අවසානයේ අපහසුතාවයට පත් වී සිටි.

සියලු පිළිගත් ක්‍රමවේද උල්ලංඝනය කරමින්, ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය පද්ධතිය තුල අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය කිරීමට මූලික වූ මෙම තීරණය ගැනීමට සැබෑ හේතු සහ පසුබිම තවමත් නිවැරදිව පැහැදිලි කිරීමට වගකිවයුත්තන් සමත් වී නැත.

ඉතිහාසයේ නොවූ පරිදි වෛද්‍යවරුන් රට හැර යන මොහොතක, ඔවුන් රට තුළ සහ සෞඛ්‍ය පද්ධතිය තුළ රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම වගකිවයුත්තන්ගේ කාර්යභාරය වුවද, ඒ වෙනුවට මෙම තීරණ හරහා සිදුවී ඇත්තේ මෙරට වෛද්‍යවරුන් තම මව්බිමෙන් සහ නිදහස් සෞඛ්‍ය සේවාවෙන් තවත් දුරස් කිරීමයි.

මෙම සියලු ගැටලුවල අවසාන ප්‍රතිඵලය වනුයේ  මෙරට ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරකින නිදහස් සෞඛ්‍ය සේවාව තවත් අඩපණ වීම වන අතර, මෙම තීරණය පිටුපස සිටින නිලධාරීන් කිහිපදෙනාගේ සැගවුණු අරමුණ වනුයේ නිදහස් සෞඛ්‍ය සේවාව අඩපණ කිරීමද යන සාධාරණ සැකය මතුවී ඇත.

ඊට අමතරව වෛද්‍යවරුන් සහ රජය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කිරීමේ සැලැස්මක් ද මේ තීරණය පිටුපස පවතින්නේද යන වග විමර්ශනය කළ යුතුය.

මෙම අසාධාරණය නිවැරදි කර ගැනීම සඳහා ගරු ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමා සමග සාධනීය සාකච්ඡාවන් පැවැති අතර, ගැටලුව හොඳින් වටහාගනිමින් ධනාත්මක විසඳුම් ලබාදීමට ද ඔවුන් එකඟ විය. ඒ වෙනුවෙන් අයවැය තුන්වෙනි වර කියවීම අවසන් වන 2025 මාර්තු මස 21 දිනය දක්වා කාලය ලබාදීමට ද එකඟ විය.

මෙම සාකච්ඡාවන්හිදී, රටේ ආර්ථික ඉලක්කයන්ට සහ සීමාවන්ට හානියක් නොවන පරිදි, අයවැය මඟින් වෛද්‍යවරුන්ට සිදු කළ අසාධාරණය නිවැරදි කර ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන ලදී.

ඒ අනුව, අමතර රාජකාරි දීමනාවේ 1/80 අගයත්,  නිවාඩු දින සහ ඉරිදා දින ගෙවීම් සඳහා 1/20 අගයත් සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වෙමින්, වැටුප් වැඩි කිරීම සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන වල සීමාවන් කිසිසේත් ඉක්මවා නොයන පරිදි යම් එකඟ වුණු කාලයක් සඳහා එම අගයෙන් 2/3 ක ප්‍රමාණයක් මාසිකව ගෙවීමටත්, ඉන් අනතුරුව මූල්‍ය තත්ත්වය මත පදනම්ව ඉදිරි තීරණ ගැනීමටත් යෝජනා කරන ලදී.

මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා වගකිව යුතු වෘත්තිය සමිතියක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතිශයින් විවෘත සහ සාකච්ඡාමය ප්‍රවේශයක් අනුගමනය කරන අතර, එකඟ වූ පරිදි හෙට දිනයේදී මෙරට වෛද්‍යවරුන්ගේ සේවාවේ වටිනාකමට සාධාරණයක් ඉටුවන, වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් වන සාධනීය තීරණයක් ගරු ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ඇතැයි සමස්ත වෛද්‍යවරුන් තරයේ විශ්වාස කරයි.

මෙරට වෛද්‍යවරුන්ගේ විශ්වාසය සුරකිමින් ගරු ජනාධිපතිතුමන් සහ සෞඛ්‍ය අමාත්‍යතුමන් එකඟ වූ තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනිවී යැයි අප අපේක්ෂා කරන අතර, ඒ වෙනුවෙන් රජයේ ඉදිරි සැලැස්ම සහ වැඩපිළිවෙල තිරණය කිරීමේදි අදාල සියලු පාර්ශවයන්හි එකඟතාවය සහිත ක්‍රියාවලියක් හරහා මෙම ගැටලුව වඩා සාධනීය ලෙස විසදා ගැනීමට සියලු වගකිවයුත්තන් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

සම්බන්ධිත පුවත් | Related News

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (13) සිව්වන දිනටත් පැවැත්වේ.
මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි පහකට අදාළව අධිකරණය හමුවට පමුණුවනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් සහ පක්ෂයේ දැරූ අනෙකුත් සියලු තනතුරුවලින් හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඉල්ලා අස්වී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම කොමිසමේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.
චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.
පැවැත්වෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක එම කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.