
පුද්ගලයෙකු වසරකට පරිභෝජනය කළ යුත්තේ සීනි කිලෝ 10යි... අපි 34ක් කනවා
එක් පුද්ගලයෙකු වසරකට පරිභෝජනය කළ යුත්තේ සීනි කිලෝ දහයක් පමණ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබුණ ද මෙරට එක් පුද්ගලයෙකු වසරකට සීනි කිලෝ 34ක් ආහාරයට ගන්නා බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ ලෝක මුඛ සෞඛ්‍ය දින කමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක පවසයි.
කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඔහු පෙන්වාදුන්නේ, ශ්‍රී ලංකාව වැඩි පිරිසක් සීනි පරිභෝජනයට ගෙන දැත් දිරායෑම හා වෙනත් රෝග රැසකට මගපාදන සීනි අධි පරිභාජනයට ගන්නා රටක් වශයෙන් ඉතිහාසයට එක්වෙන බවයි.
ලෝක ජනගහණයෙන් 3.5 මුඛ රෝගවලින් පෙළෙන බවත් ලොව ඇති සුලභව දැකිය හැකි රෝග වන්නේ මුඛ රෝග බවත් ඔහු පැවැසුවේය.
මුඛ රෝගවලින් පෙළෙන පුද්ගලයන් හතරදෙනෙකුගෙන් තුන්දෙන්නකුම දුප්පත් රටවල දැකිය හැකි බව පෙන්වාදුන් වෛද්‍යවරයා පැහැදිළි කළේ, එය ගෝලීය ගැටළුවක් බවයි.
බෝ නොවන රෝවලින් වැඩිපුරම දැකිය හැකි රෝගය වන්නේ මුඛ රෝග බවත්, ලොව ජනගහණයෙන් සියයට 34 ක්ම දත් දිරා යෑමේ රෝගයට ගොඳුරු වී තිබෙන බවත් ඔහු පැවැසීය.
එම තත්ත්වය පාලනය කළ නොහැකි බවත්, මෙරට කුඩා දරුවන්ගෙන් වයස අවුරුදු 5ට අඩු දරුවන් අතර සියයට 63 ක් මුඛ රෝගවලින් පෙළෙන අතර දත්දිරා යෑම සියයට 63ක් පමණ වන බව පෙන්වා දිය හැකි බවත් ඔහු පවසයි.
එමෙන්ම විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක පවසන්නේ, නිරතුරුවම දන්ත වෛද්‍යවරුයෙක් හමුවී දත් පරික්ෂාව සිදුකර ගතයුතු බවයි.
ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපවලින් දත් මදින්නේ ලංකාවේ සියයට 75ක පමණ පිරිසක් බවත්, මෙරට සියයට 25ක් පමණ ප්‍රමාණයක් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිත නොකරන බවත් ඔහු පවසයි.
මේ අතර මුඛ සෞඛ්‍ය දිනය අදට (මාර්තු 20) යෙදී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
