News Category
From Date
To Date
Maximum Number of Result

බටලන්ද වාර්තාව ආණ්ඩුවේ තවත් නාටකයක්

Mar 18, 2025 at 08:04 AM
|

බටලන්ද වාර්තාව ආණ්ඩුවේ තවත් නාටකයක් වන බවත් එසේම වාර්තාව ආණ්ඩුව පිළිගත්තා නම් ජවිපෙ භීෂකයන්ට දඬුවම් දෙන්නේද යන්න තමන් ප්‍රශ්න කරන බවත් පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේම පක්ෂ කාර්යාලයේදී ඊයේ පක්ෂ කාර්යාලයේදී ඊයේ (17දා) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට දඩුවම් කිරීම ආණ්ඩුවේ ලොකුම බොරුව වන බවද කී ගම්මන්පිළ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද සඳහන් කළේය.

“පසුගිය සිකුරාදා සභානායක බිමල් රත්නායක මැතිතුමා බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළා. ආණ්ඩුව කියන විධියට මේ වාර්තාව සභාගත කලේ ඇමති මණ්ඩල තීරණයක් අනුව. ඒ කියන්නේ ඇමති මණ්ඩලය තීරණය කළා කියන්නේම මේ වාර්තාව ආණ්ඩුව පිළි අරගෙන තිබෙනවා කියන ඒකයි. මේ වාර්තාවේ තුන්වැනි පරිච්ඡේදය වෙන් කරලා තිබෙන්නේ ජවිපෙ භීෂණය ගැන කියන්න.

ඒ පරිච්ඡේදයට අනුව එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් විතරක් 1960ක් ජවිපේ ත්‍රස්තවාදයෙන් මරා දැමනවා, මෙන්ම පොලීසියේ හමුදාවේ සාමාජිකයින් පමණක් නොව පොලීසියේ සහ හමුදාවේ අයගේ පවුල්වල අය මරා දැමීම ගැන චෝදනාව එල්ල වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. මිනීමැරීම් කවුරු කළත් ඒක වැරදියි. එජාපයේ රාජ්‍ය ත්‍රස්තවාදයත් වැරදියි. ඒ වගේම ජවිපෙ ත්‍රස්තවාදයත් වැරදියි. දැන් ආණ්ඩුව මේ වාර්තාව පිළිඅරගෙන තිබෙන නිසා මේ වාර්තාවේ ජවිපෙ කළ මිනීමැරීම් සම්බන්ධයෙන් ගන්නා තීන්දුව මොකක්ද කියන එකත් රටට කිව යුතුයි.

චන්ද්‍රිකා ජනාධිපතිතුමිය බටලන්ද වාර්තාව යට ගැහුව්වා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. ඒක ඩීල් එකක් යනාදි වශයෙන් මාලිමා මන්ත්‍රීවරුන් කතා කරනවා. මේ කතා ඇහුව්වාම අපට පේන්නේ මේ අය මේ වාර්තාව අධ්‍යයනය කරනවා තබා ඇස් දෙකටවත් දැකලා නැති බවයි.චන්ද්‍රිකා මැතිනිය යට ගහපු බටලන්ද වාර්තාව ඔන්න අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා කියලා මාලිමා නායකයන් පුරසාරම් කිව්වාට එතුමිය බටලන්ද වාර්තාව යට ගැහුව්වේ නෑ.

2000 මාර්තු මාසයේ දී රජයේ ප්‍රකාශන කාර්යාංශය විසින් බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මුද්‍රණය කර ප්‍රසිද්ධ කළා. ඒක දැන් අන්තර්ජාලයේ සිංහල භාෂාව දෙමළ භාෂාව හා ඉංග්‍රීසි භාෂව යන භාෂා තුනේනම තිබෙනවා. ඒ විතරක් නොවේ. ආණ්ඩුව වෙනුවෙන්එවකට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයා වූ විජයපාල මෙන්ඩිස් ඇමතිතුමා 2001 මාර්තු 29 දින පාර්ලිමේන්තුවේ සභාගත කළා. ඒයෙම නෑයි කියලා හිතාගෙන බොරු කියන මාලිමා ආණඩුවේ නායකයන් 2001 මාර්තු මස 21 වැනි දින හැන්සාඩ් වාර්තාවේ 1581 පිටුව බලන්න. එවිට වාර්තාව සභාගත කළාය කියන සාක්ෂිය ඔබට හමුවෙයි.

මේ මාලිමාවේ නායකයන් කියන කතාවක් තමා අපි බටලන්ද මිය ගිය ජනතාවට යුක්තිය ඉටු කරනවා. රනිල්ට දඬුවම් කරනවා. රනිල්ගේ ප්‍රජා අයිතිය නැති කරනවා වගේ ලොකු පුරසාරම් දොඩනවා. අපි මේ දවස් වල දකිනවා මේ වගේ ලොකු පොරොන්දු මාලිමා නායකයන් දුන්නාට මේ කොමිෂන් සභා වාර්තාව පුස්සක්. මේකෙන් රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නවත් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නවත් කිසිම පදනමක් සපයලා නෑ .ඇයි අපි ඒහෙම කියන්නේ.

1948 විමර්ශන කොමිෂන් සභා පනතින් පිහිටුවන කොමිෂන් සභාවලට පුළුවන් යම්කිසි කාරණයක් ගැන තොරතුරු සොයලා තමන්ගේ නිර්දේශ සමග වාර්තා කිරීමයි. යම් කිසි පුද්ගලයෙකු වැරදිකරුවෙකුද නිවැරදිකරුවකුද කියලා තීරණය කිරීමේ අධිකරණ බලයක් නෑ. දඬුවම් නිර්දේශ කරන්න මේ පනතින් පිහිටුවන කොමිෂන් සභාවලට බෑ. පාස්කු කොමිසම විමර්ශන කොමිසමකට මෑත කාලයේ තියෙන හොඳම උදාහරණයක්.

1977 විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය යටතේ පිහිටුවන විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවලට අධිකරණ බලයක් තිබෙනවා. එහි සාමාජිකයන් විය හැක්කේ විනිසුරන්ට පමණයි. ඒ කොමිෂන් සභාවලට යම් අයෙකු වැරදිකරුද නිවැරදි කරුද තීරණය කරලා ප්‍රජා අයිතිය අහිමි කරන්න නිර්දේශ කරන්න පුළුවන්. ඒ පනත යටතේ මෙතෙක් පිහිටුවලා ඇත්තේඑකමඑක කොමිෂන් සභාවක් විතරයි.

ඒ තමයි හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ මැතිනියගේත් හිටපු අමාත්‍ය ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න 1980 පිහිටුවපු කොමිෂන් සභාව. ඒ පිළිබඳ ඇති වුණු විවේචන නිසා මේ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා නැවත පිහිටුවූයේ නෑ.

බටලන්ද කොමිසම විමර්ශන කොමිසමක් විතරයි. ඒකට තීන්දු දෙන්න බලයක් නෑ. ඒ නිසාම ඒ කොමිසමෙන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා වැරදිකරු කරලාත් නෑ. ප්‍රජා අයිතිය අහිමි කරන්න නිර්දේශ කරලාත් නෑ. එහෙම නම් මේ කොමිසමෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න නිර්දේශ කරලා තියෙනවාය ඒ අනුව අපි ප්‍රජා අයිතිය අහෝසි කරන්න කටයුතු කරනවාය යනුවෙන් මාලිමා මන්ත්‍රීවරුන් කියන්නේ තවත් එක් ලොකු පචයක්ද?.

මාලිමා පච වැලට එක්වුණ අලුත් පචයක්ද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රජා අයිතය අහෝසි කිරීම. මේ අය ඔය වාර්තාව නොකියවා හරිහැටි තේරුම් නොගෙන කතා කිරීම නිසා තමයි සුපුරුදු පරිදි මේ ආණ්ඩුව නැවත වතාවක් අමාරුවේ වැටෙන්නේ. දැන් මොකද්ද මේ වාරතාවෙන් කියන්නේ සමහර පොලිස් නිලධාරින් පුදගලයන් නිතිවිරෝධීව අත්අඩංගුවට අරගෙන වද හිංසා දීලා නිදහස් කරාම මේ අය ගිහිල්ලා මූලික අයිතිවාසිකම් නඩු දානවා.

වින්දිතයන් පොලිස් නිලධාරින්ට නඩු දාලා වැරදිකරුවන් වුණාම නඩු දාපු එකේ තරහා පිරිමහන්න නැවත අත්අඩංගුවට ගැනීම් ගැන මේ වාර්තාවේ තිබෙනවා. ඒ නිසා වාර්තාවේ තිබෙන එක නිර්දේශයක් තමයි දිගින් දිගටම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කරන අයගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට බලය දෙන්න කියන එක. ඒක සිතා මතා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න නිර්දේශ කර තිබෙන බවට වැරදි මතයක් හදනවා. එය පටලවා ගත්තාද හිතා මතා එසේ කරගත්තාද කියන්න දන්නේ ආණ්ඩුව විතරයි.

එහෙම නම් ජනතාවගේ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න ආණ්ඩුව වරින් වර රඟ දක්වන සෙව්වන්දි සොකරිය, පොලිස්පති කෝලම, කථානායක රූකඩ නැටුම වගේමයි බටලන්දත් නාඩගමක් විතරයි කියන එක අපි ප්‍රකාශ කරනවා.”

සම්බන්ධිත පුවත් | Related News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (13) සිව්වන දිනටත් පැවැත්වේ.
මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි පහකට අදාළව අධිකරණය හමුවට පමුණුවනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් සහ පක්ෂයේ දැරූ අනෙකුත් සියලු තනතුරුවලින් හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඉල්ලා අස්වී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම කොමිසමේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.
චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.