
දේශබන්ධු සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව නිවැරැදියි- අභියාචනාධිකරණය පවසයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් අද නිෂ්ප්‍රභ කර ඇතැයි වාර්තාවේ. 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ පෙත්සම මෙසේ නිෂ්ප්‍රභා කර ඇතැයි වාර්තාවේ .
ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇතැයි වාර්තාවේ.
දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් ඉකුත් 12 වැනිදා අභියාචනාධිරණය හමුවේ සළකා බැලිණි.
එහි තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර ඇත්තේ, අදාළ පෙත්සම විභාගයට ගැනීමකින් තොරවම නිශ්ප්‍රභ කරන බවයි.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර ඇත්තේ, මෙහි පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියකු නොව රටේ පොලිස්පතිවරයා බවයි.
රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ වගකීම පෙත්සම්කරු වෙත පැවරී තිබෙන බව පෙන්වාදුන් විනිසුරුවරයා එවැනි වගකිවයුතු පුද්ගලයකු අධිකරණ නියෝග මඟහරිමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවද සඳහන් කළේය.
මෙවැනි ක්‍රියා තුළින් නීතියේ ආධිපත්‍යයට මෙන්ම නීතිය කෙරෙහි තිබෙන මහජන විශ්වාසය බිඳවැටීමටද හේතුවන බවත් විනිසුරු මඩුල්ලේ තීරණය වූ බවද වාර්තා වේ.
පහළ අධිකරණ වලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ තිබිය යුතු බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔවුන්ගේ කටයුතුවලට මැදිහත්වීමට ඉහළ අධිකරණ අපේක්ෂා නොකරන බව ප්‍රකාශ කළ විනිසුරුවරයා,
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ යම් ගැටලු සහගත තත්ත්වයක් තිබුණේ නම් ඔහු මුලින්ම කළ යුතුව තිබුණේ එම අධිකරණ නියෝගයට අවනත වී පසුව ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම බව ප්‍රකාශ කළේය. එහෙත් පෙත්සම්කරු එම නීතිමය මූලධර්මය අනුගමනය කර නොමැති බව ප්‍රකාශ කළේය.
සමස්ත කරුණු විශ්ලේෂණය කර බැලීමේදී පෙත්සම්කාර පොලිස්පතිවරයා කටයුතු කළ ආකාරය තුළින් ඔහු පිරිසුදු දෑත් වලින් අධිකරණය හමුවට පැමිණි බවක් පෙනීනොයන හෙයින්, ඔහුගේ පෙත්සම සහ අතුරු සහන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් මාතර මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීත්‍යානුකූල බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
අද පෙරවරුවේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥවරු විසින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබිණු අතර එම මෝසම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියාසිටියේ මෙම සිද්ධියට අදාළ මාතර මහේස්ත්‍රාත් අධිකරණ නඩුවේ සම්පූර්ණ පිටපත ලැබුණේ ඉකුත් සිකුරාදා බවත් එය අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව, මෝසම සම්බන්ධයෙන් කරුණු සළකා බලන තෙක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල්තබන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් දැඩි විරෝධය පළ කරමින්
මෙවැනි ඉල්ලීම් වලට ඉඩනොදෙන ලෙසත් අදාළ මෝසෙම ප්‍රතික්ෂේප කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සළකාබැලූ මිනිසුරු මඩුල්ල අදාළ මෝසම ඉවත දමමින් තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.
පෙත්සම්කරුට අධිකරණය මගහැර සඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයන් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස විනිසුරු මඩුල්ල විසින් මාතර මහේස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් නියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
