News Category
From Date
To Date
Maximum Number of Result

දේශපාලන සමීපත්වයක් පවත්වාගත් දෙපිරිසක් හදිසියේ ”‍බටලන්ද කොමිසමක්”‍ කරළියට ගෙනෙමින් විරසක වීම පිළිගත හැක්කේ කාහටද? - විමල්ගෙන් ෆේස්බුක් සටහනක්

Mar 16, 2025 at 02:09 PM
|

මේ දිනවල වඩාත් කතාබහට ලක්ව තිබෙන බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා  තම  ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ දේශපාලන සමීපත්වයක් පවත්වාගත් දෙපිරිසක් හදිසියේ ”‍බටලන්ද කොමිසමක්”‍ කරළියට ගෙනෙමින් විරසක වීම පිළිගත හැක්කේ කාහටද? යන්නයි. ඒ සම්බන්ධයෙන් දීර්ඝව කරුණු පැහැදිලි කර ඇති එම ෆේස්බුක් සටහන පහතින් 


අල් ජසීරා මාධ්‍යවේදියෙකුගේ ප‍්‍රශ්ණ කිරීම මත කරළියට ආ ”‍බටලන්ද කොමිසම”‍ පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කෙරිනි.එය ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ ගරු කථානායක තුමා හැඟීම්බර වී හඬා වැටුනි.

බටලන්ද වධකාගාරය ගැනත් එහි කෲරත්වයට පත් කළ ශ‍්‍රී ලාංකික ජීවිත ගැනත් වඩාත්ම කම්පනයට පත් වූ බව පෙන්වූවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. නමුත් ඇයගේ වසර දහයකට වැඩි පාලන කාලය තුළ කිසිදු චූදිතයෙකුට එරෙහිව දඬුවම් නොලැබුනි. නමුත් බටලන්ද වධකාගාරය ඇති කළ මාධ්‍ය ආන්දෝලනය හා කම්පනය මත චන්ද්‍රිකාට ඡුන්ද කිහිපයක් දිනාගැනීමට නම් හැකි විය. බටලන්ද කොමිසම් වාර්තාව  ගැන දැන් ඇතිවී ඇති තත්වය ගැන අපගේ මතය වන්නේ ද මෙය නැවත ගමන් කරන්නේ ඒ දිශාවට බවයි.

වසර හතලිකට ආසන්න කාලයක් ගතවී ඇති පසුබිමක් තුළ බොහෝ සාක්ෂිකරුවන්/වගකිවයුත්තන් මිය ගොස් ඇත. නැතිනම් ජීවිතවල සැඳෑ සමය ගත කරයි. ඒ කෙසේ හෝ වේවා මෙම කොමිසම් වාර්තාව යම් යම් නිර්දේශ ඉදිරිපත් කර ඇති නමුත් මෙය නෛතික බැඳීම් ඇති කරන ලියැවිල්ලක් නොවේ.මෙහි ඇති කරුණු ක‍්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාදායක,විධායක හා අධිකරණ ක‍්‍රියා මාර්ග අවශ්‍ය වේ.එයට තව තවත් කල් ගත වනු ඇත.

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ නායකත්වය මෑත ඉතිහාසයේ ”‍බටලන්ද සිදුවීම්”‍ ගැන චෝදනා එල්ලවෙන එක්සත් ජාතික පක්ෂ නායකයා සමඟ දේශපාලනිකව ඉතා සමීපව කටයුතු කරනු අප සියළු දෙනා දැක ඇත. යහපාලන ආණ්ඩුව සමයේ (2015-19) රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය තනතුර දරද්දී එතුමාගේ නිල මන්දිරයේදී තමන්ට අගමැති රනිල් මහතාට වඩා හමු වූයේ වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා බව එක්තරා හිටපු නීතිපතිවරයෙක් ප‍්‍රකාශ කර තිබේ. එවන් දේශපාලන සමීපත්වයක් පවත්වාගත් දෙපිරිසක් අද හදිසියේ ”‍බටලන්ද කොමිසමක්”‍ කරළියට ගෙනෙමින් විරසක වීම පිළිගත හැක්කේ කාහටද?

ඒ නිසා ශ‍්‍රී ලංකා ඉතිහාසයේ ඉතා අඳුරු අභ්යන්තර කැරළි සමයක බටලන්ද නම් වධකාගාරයක් පවත්වාගෙන යමින් කවුරුන් හෝ කෲර හා අමානුෂික වධහිංසා කොට දේශපාලන සිරකරුවන් ඝාතනය කළේ නම් ඒ සඳහා යුක්තිය ඉටුවීම අපිට මෙම පරිපාලනයෙන් බළාපොරොත්තු විය හැකි ද ? අපගේ විශ්වාසය වන්නේ ”‍කිසිසේත්ම නැත”‍ යන්නයි.

සැබෑ බටලන්ද අපරාධකරුවන්ට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වෙනුවෙන් තාරාතිරම නොබලා කටයුතු කළ යුතුව තිබූ කාලවකවානු රාශියක් පසු කරවිත් නැවත මාධ්‍ය සංදර්ශණ සඳහා පමනක් ”‍බටලන්ද කොමිසම”‍ පෙරට ගැනීමෙන් වින්දිතයන්ට හෝ ඉතිහාසයට වන සාධාරණයක් නැත.ඒ අහිමි වූ ශ‍්‍රී ලාංකික ජීවිත වෙනුවෙන් අපි ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් අපගේ සාතිශය කනගාටුව මේ මොහොතේ ප‍්‍රකාශකර සිටින්නෙමු.

සම්බන්ධිත පුවත් | Related News

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 30 වැනි ඉරිදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 01 වැනි බ්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (11 දා) සිය සහතිකය සටහන් කළේය.
වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත්කළ තීරුබදු ප්‍රකාශයත් සමග ගෝලීය වෙළෙඳපොළේ රන් මිල නව ඉහළම අගයකට පැමිණ තිබේ.
පෙර වසරවලදී මෙන් ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම මෙවර සිදුනොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තීරණයක් ගෙන තිබෙනවා.
ඉන්දීය යුධ අවි කර්මාන්තශාලා සහ අවි ගබඩා ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට ‍ශ‍්‍රී ලංකාව ඉන්දියාව සමග ආරක්‍ෂක ගිවිසුමකට එළැඹ ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරන්නේ යයි දේශපාලන විචාරක දයාන් ජයතිලක මහතා සඳහන් කරයි.
ශාසන ඉතිහාසයේ සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහොය දිනය දිනය අදට (12) යෙදී ඇත.
ශාසන ඉතිහාසයේ සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහොය දිනය දිනය අදට (12) යෙදී ඇත.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ හට පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම්වත් කිරීමක් අද (11) සිදුකෙරුණා.

ප්‍රධාන පුවත්

වැට් සංශෝධන පනත බලාත්මක වෙයි..

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (11 දා) සිය සහතිකය සටහන් කළේය.

ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි

අප්‍රේල් 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි චීනය එක්සත් ජනපදයෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා වන අතිරේක තීරුබදු සියයට 84 සිට 125% දක්වා ඉහළ නංවන බව චීන රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම අද(11) නිවේදනය කළේය.

ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි

අප්‍රේල් 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි චීනය එක්සත් ජනපදයෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා වන අතිරේක තීරුබදු සියයට 84 සිට 125% දක්වා ඉහළ නංවන බව චීන රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම අද(11) නිවේදනය කළේය.

ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා: එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන

ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රමාදයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන මහතා අද(11) පැවසීය.

ඇමෙරිකාව ලංකාවට බදු පැනවීම අහම්බකයක්ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග්‍රඑග්‍රහණයේ පිටුපස සිටින ගොලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සදහා ප්‍රතිපත්තියේ ප්‍රධාන හැඩතලයන් නැගී එන චීනයේ ආර්ථික බලය බිද දමමින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථිකය ාලෝකය මත පැයවීමේ උත්සාහයක නිරතව සිටි බ ව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග්‍රඑග්‍රහණයේ පිටුපස සිටින ගොලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සදහා ප්‍රතිපත්තියේ ප්‍රධාන හැඩතලයන් නැගී එන චීනයේ ආර්ථික බලය බිද දමමින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථිකය ාලෝකය මත පැයවීමේ උත්සාහයක නිරතව සිටි බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දේශබන්දුගේ ඇප කැන්සල් කරන්නැයි අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනයක්?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඇප ලබාදීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

දූෂණ විරෝධී පස් අවුරුදු සැලසුමට පළමු පැමිණිල්ල ජාතික ව්‍යාපාරයෙන්: සතොස සභාපතිට එරෙහිව

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් එළි දැක්වූ දූෂණ විරෝධී පස් අවුරුදු සැලැස්මට අදාළව පළමු පැමිණිල්ල දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය විසින් කොමිසමට ඉදිරිපත් කර ඇත.

මෝදි හින්දු අන්තවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සූක්ෂමව කටයුතු කරමින් සිටිනවා- ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුව

ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ හූ කියනු ලැබුවේ දැනුවත්ව බවත් ඔහු ඉන්දියාවේ ශිව සේනා සංවිධානයේ නායකයෙකුව සිටිමින් ගුජාරාට් ප්‍රාන්තයේ මහ ඇමති ධූරය දරමින් ඉන්දියාවේ මුස්ලිම් වැසියන් දාහකට ආසන්න සංඛ්‍යාවක් මරා දැමූ පුද්ගලයෙකු බවත් ජන අරගල සන්ධානයේ දුමින්ද නාගමුව මහතා පැවසූවේය.

වොෂින්ටනයේ තීරුබදු පියවර මධ්‍යයේ බොහෝ ජාත්‍යන්තර සමාගම් චීනය ව්‍යාපාරික මෙහෙයුම් සඳහා 'ආරක්ෂිතම වරාය' ලෙස සලකයි- නිව් යෝක් ටෛයිම්ස්

ගෝලීය වෙළඳාමේ කැලඹීම් මධ්‍යයේ සමාගම් කඩිනම් තීරණයක් ගැනීමට බිය වන බැවින්, බොහෝ ආසියානු රටවල් මත එක්සත් ජනපදය තීරුබදු පැනවීම චීනය වඩාත් "ආකර්ශනීය විකල්පයක්" බවට පත් කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් ඊයේ(09) "තීරුබදු කුණාටුවකදී, බොහෝ සමාගම් චීනය ආරක්ෂිතම වරාය ලෙස දකී" යන මාතෘකාවෙන් යුත් පලකල පුවත් වාර්තාවක සඳහන් කළේය.

ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාව ඇතුළු රටවල් රැසකට අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.

ලෝක නායකයින් තීරු බදු ඉවත් කර ගැනීමට මගේ පස්ස සිප ගනිමින් සිටිනවා- ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික රිපබ්ලිකන් කොන්ග්‍රස් කමිටු රාත්‍රී භෝජන සංග්‍රහයේදී පවසයි (වීඩියෝ )

පසුගිය අප්‍රේල් 2 වනදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කළ දැඩි තීරුබදු පියවර සම්බන්ධයෙන් ඇති වූ කැලඹීම් මධ්‍යයේ ලෝක නායකයින් තමා සමඟ "ගිවිසුම් ඇති කර ගැනීම පිණිස මාරාන්තික සටනකට අවතීර්ණ වෙමින් සිටින" බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 8 වනදා ප්‍රකාශ කළේය.

මෝදි නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කරලා...

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේදී ඉන්දියාව නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කර ඇති නමුත් ශ්‍රී ලංකා රජය මෙතෙක් එයට එකඟතාවය දක්වා නැති බව වාර්තා වේ.

සත්‍ය සෙවීමේ කොමිසම ‘‘මිලේනියමි සිටි බුද්ධි නිලධාරීන්“ පාවාදීමට වඩා බරපතළයි

වර්තමාන ආණ්ඩුව විසින් සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවා බෙදුම්වාදීන්ගේ උපාය මාර්ගික සැළැස්ම ක්‍රියාත්මක කළහොත් එය එදා මිලේනියම් සිටි පාවාදීම, ගිරිතලේ හමුදා කඳවුර පාවාදීම වැනි පාවාදීම් වලට වඩා බොහෝ සෙයින් බරපතළ බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බ්‍රිතාන්‍ය රජයේ රණවිරු තහනමේ අවසන් අරමුණ ජිහාන් පෙරේරාගෙන් එළියට

බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව අදහස් දක්වන බෙදුම්වාදීන්ගේ සහ දෙමළ ඩයස්‌පෝරාවේ මාධ්‍ය ප්‍රකාශකයෙකු ලෙස සැලකෙන ජෙහාන් පෙරේරා නැමැත්තා සඳහන් කරන්නේ අන්තර්ජාතික තලයේ පැන නගින යුධ අපරාධ චෝදනාවලින් ගැලවීම සඳහා කුමන හෝ ක්‍රමයක් අවශ්‍ය බවය. ඒ අනුව ඔහු ඉදිරිපත් කරන විසඳුම සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමය.

104 % ක තීරු බදු පනවමින් ට්‍රම්ප්ගෙන් චීනයට 'ආඩම්බරකාර' ප්‍රහාරයක්

එක්සත් ජනපදය සියලුම චීන ආනයන සඳහා 104% දක්වා ඉහළ නැංවූ දැවැන්ත තීරු බදු පනවා ඇති අතර, එය පවතින වෙළඳ ගැටුම උත්සන්න කරමින් ඊයේ(8) එක්සත් ජනපද කොටස් වෙළඳපොළෙන් තවත් ඩොලර් ට්‍රිලියන 1.5 ක් අතුගා දැමීමට කටයුතු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.