කර්ස්ක් කලාපයේ හිරවී සිටින යුක්රේන හමුදාවන්ට යටත් වීමට ලබා දී තිබූ කාලය අවසන් වෙමින් යනවා - ක්‍රෙම්ලිනය
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කර්ස්ක් කලාපයේ සිරවී සිටින යුක්රේන හමුදා වලට යටත් වීමට කළ යෝජනාව තවමත් වලංගු නමුත් ලබා දී තිබූ කාලය අවසන් වෙමින් පවතින බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසීය.
"එය තවමත් ක්‍රියාත්මකයි," ඔහු සෙනසුරාදා TASS ප්‍රවෘත්ති ඒජන්සියේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. "ඔවුන්ගේ කාලය ෂැග්‍රීන් සම මෙන් හැකිලෙමින් පවතී," ඔහු තවදුරටත් පැවසුවේ, හොනෝර් ඩි බල්සාක්ගේ ' මැජික් සම' නවකතාව උපුටා දක්වමිනි.
පසුගිය 14 වනදා, කර්ස්ක් කලාපයේදී රුසියානු හමුදා විසින් වටලනු ලැබූ යුක්රේන සටන්කරුවන්ට යටත් වුවහොත් රුසියානු ජනාධිපති පුටින් දයානුකම්පිතව සැලකීම සහතික කළේය. "ඔවුන් ආයුධ බිම තබා යටත් වුවහොත්, ජාත්‍යන්තර නීතියට සහ රුසියානු නීති සම්මතයන්ට අනුකූලව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සහ ගෞරවනීය ලෙස සැලකීමට අපි ඔවුන්ට සහතික වෙනවා." ජනාධිපතිවරයා පැවසීය. කෙසේ වෙතත්, කියෙව් ඔවුන්ට යටත් වීමට නියෝග කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
පුටින්ගේ ප්‍රකාශය, "රුසියානු හමුදාව විසින් සම්පූර්ණයෙන්ම වට කර ඇති" "දහස් ගණනක් යුක්රේන හමුදා සාමාජිකයන්ගේ " ජීවිත බේරා දෙන ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් විය.
"මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු නොදුටු බිහිසුණු සංහාරයක් වනු ඇත," ට්‍රම්ප් "Truth Social " හි අදහස් දක්වමින් පැවසීය.
කියෙව් හමුදා 2024 අගෝස්තු මාසයේදී කර්ස්ක් කලාපයට දැවැන්ත ප්‍රහාරයක් දියත් කළ අතර, සුඩ්ෂා නගරය සහ ගම්මාන ගණනාවක් සාර්ථකව අල්ලා ගත්තේය. ජාත්‍යන්තරව පිළිගත් දේශසීමාව හරහා ආක්‍රමණය කිරීම අනාගත සාම සාකච්ඡා සඳහා ලීවරයක් ලබා ගැනීම අරමුණු කරගත් බව යුක්රේන ජනපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, රුසියානු හමුදාව ඉක්මනින් යුක්රේන ඉදිරි ගමන නැවැත්වූ අතර එතැන් සිට භූමිය නැවත අත්පත් කර ගනිමින් සිටී.පසුගිය 12 වනදා වන විට, යුක්රේනය විසින් අත්පත් කරගෙන සිටි භූමියෙන් 86% ක් නැවත අත්පත් කර ගත් බව රුසියානු හමුදාවේ කාර්ය මණ්ඩල ප්‍රධානී ජෙනරාල් වැලරි ජෙරසිමොව් පැවසීය. ප්‍රදේශයේ ඉතිරිව තිබෙන යුක්රේන හමුදා ඒකක බොහෝ දුරට "වට ලෑමට" හෝ "හුදකලා කිරීමට" ලක්ව ඇති බව ඔහු සඳහන් කළේය.
Time running out for Ukrainian forces in Kursk Region to surrender – Kremlin
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්