කර්ස්ක් කලාපයේ හිරවී සිටින යුක්රේන හමුදාවන්ට යටත් වීමට ලබා දී තිබූ කාලය අවසන් වෙමින් යනවා - ක්‍රෙම්ලිනය
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කර්ස්ක් කලාපයේ සිරවී සිටින යුක්රේන හමුදා වලට යටත් වීමට කළ යෝජනාව තවමත් වලංගු නමුත් ලබා දී තිබූ කාලය අවසන් වෙමින් පවතින බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසීය.
"එය තවමත් ක්‍රියාත්මකයි," ඔහු සෙනසුරාදා TASS ප්‍රවෘත්ති ඒජන්සියේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. "ඔවුන්ගේ කාලය ෂැග්‍රීන් සම මෙන් හැකිලෙමින් පවතී," ඔහු තවදුරටත් පැවසුවේ, හොනෝර් ඩි බල්සාක්ගේ ' මැජික් සම' නවකතාව උපුටා දක්වමිනි.
පසුගිය 14 වනදා, කර්ස්ක් කලාපයේදී රුසියානු හමුදා විසින් වටලනු ලැබූ යුක්රේන සටන්කරුවන්ට යටත් වුවහොත් රුසියානු ජනාධිපති පුටින් දයානුකම්පිතව සැලකීම සහතික කළේය. "ඔවුන් ආයුධ බිම තබා යටත් වුවහොත්, ජාත්‍යන්තර නීතියට සහ රුසියානු නීති සම්මතයන්ට අනුකූලව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සහ ගෞරවනීය ලෙස සැලකීමට අපි ඔවුන්ට සහතික වෙනවා." ජනාධිපතිවරයා පැවසීය. කෙසේ වෙතත්, කියෙව් ඔවුන්ට යටත් වීමට නියෝග කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
පුටින්ගේ ප්‍රකාශය, "රුසියානු හමුදාව විසින් සම්පූර්ණයෙන්ම වට කර ඇති" "දහස් ගණනක් යුක්රේන හමුදා සාමාජිකයන්ගේ " ජීවිත බේරා දෙන ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් විය.
"මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු නොදුටු බිහිසුණු සංහාරයක් වනු ඇත," ට්‍රම්ප් "Truth Social " හි අදහස් දක්වමින් පැවසීය.
කියෙව් හමුදා 2024 අගෝස්තු මාසයේදී කර්ස්ක් කලාපයට දැවැන්ත ප්‍රහාරයක් දියත් කළ අතර, සුඩ්ෂා නගරය සහ ගම්මාන ගණනාවක් සාර්ථකව අල්ලා ගත්තේය. ජාත්‍යන්තරව පිළිගත් දේශසීමාව හරහා ආක්‍රමණය කිරීම අනාගත සාම සාකච්ඡා සඳහා ලීවරයක් ලබා ගැනීම අරමුණු කරගත් බව යුක්රේන ජනපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, රුසියානු හමුදාව ඉක්මනින් යුක්රේන ඉදිරි ගමන නැවැත්වූ අතර එතැන් සිට භූමිය නැවත අත්පත් කර ගනිමින් සිටී.පසුගිය 12 වනදා වන විට, යුක්රේනය විසින් අත්පත් කරගෙන සිටි භූමියෙන් 86% ක් නැවත අත්පත් කර ගත් බව රුසියානු හමුදාවේ කාර්ය මණ්ඩල ප්‍රධානී ජෙනරාල් වැලරි ජෙරසිමොව් පැවසීය. ප්‍රදේශයේ ඉතිරිව තිබෙන යුක්රේන හමුදා ඒකක බොහෝ දුරට "වට ලෑමට" හෝ "හුදකලා කිරීමට" ලක්ව ඇති බව ඔහු සඳහන් කළේය.
Time running out for Ukrainian forces in Kursk Region to surrender – Kremlin
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..