ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සිංහල සංගමය සංවිධානය කරන පොත් ප්‍රදර්ශනය මාර්තු 17 දා සිට ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රධාන ශාලාවේදී
ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සිංහල සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන පොත් ප්‍රදර්ශනය මාර්තු මස 17 සිට 20 දක්වා පැවැත්වීමට නියමිතය. නීතිය, අධ්‍යාපනය, කලාව සහ සාහිත්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් යාවත්කාලීන පොත් දහස් ගණනක් මෙවර පොත් ප්‍රදර්ශනයට එක් වීමට නියමිත බව සංවිධායකයෝ පවසති. මෙරට ප්‍රධාන පොත් ප්‍රකාශකයන් මෙන් ම විදෙස් පොත්පත් අළෙවි කරන්නන්ද සිය සහභාගීත්ය තහවුරු කර තිබීම විශේෂත්වයක් බව සංවිධායකයෝ පවසති. නීති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ලේඛකයන් රැසකගේ පොත්පත් එකම ස්ථානයෙන් ලබා ගැනීමේ අවස්ථාව මෙවර ප්‍රදර්ශනයෙන් පාඨකයාට විවෘත වී තිබෙන බවද සංවිධායකයෙඔ පවසති.
නීති සිසුන්, නීතී වෘතිකයන්, පර්යේෂකයන්, ශාස්ත්‍රඥයන් ඇතුළු පාඨකයන් ඉළක්ක කරමින් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය එළඹෙන මාර්තු 17වන දා පෙ.ව 10.00ට විවෘත වීමට නියමිතය.පොත් ප්‍රදර්ශනය දිනපතා පෙ.ව. 09.00 සිට ප.ව 05.00 දක්වා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වෙන බව පොත් ප්‍රදර්ශනයේ සංවිධායකයන් වන ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සිංහල සංගමය පවසයි.
මෙරට නීති සාහිත්‍යයේ උන්නතිය අපේක්ෂාවෙන් පවත්වනු ලබන මෙම පොත් ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අභ්‍යන්තර හා බාහිර සිසුන්, ආදි විද්‍යාර්ථීන්, රාජ්‍ය, පෞද්ගලික හා විදෙස් විශ්වවිද්‍යාලවල නීති සිසුන්, නීති වෘතිකයන්, පාසල් සිසුන් ඇතුළු සියලු පාඨකයන්ට ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සිංහල සංගමය ආරාධනා කරන බව අවධාරනය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..