
ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සිංහල සංගමය සංවිධානය කරන පොත් ප්‍රදර්ශනය මාර්තු 17 දා සිට ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රධාන ශාලාවේදී
ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සිංහල සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන පොත් ප්‍රදර්ශනය මාර්තු මස 17 සිට 20 දක්වා පැවැත්වීමට නියමිතය. නීතිය, අධ්‍යාපනය, කලාව සහ සාහිත්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් යාවත්කාලීන පොත් දහස් ගණනක් මෙවර පොත් ප්‍රදර්ශනයට එක් වීමට නියමිත බව සංවිධායකයෝ පවසති. මෙරට ප්‍රධාන පොත් ප්‍රකාශකයන් මෙන් ම විදෙස් පොත්පත් අළෙවි කරන්නන්ද සිය සහභාගීත්ය තහවුරු කර තිබීම විශේෂත්වයක් බව සංවිධායකයෝ පවසති. නීති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ලේඛකයන් රැසකගේ පොත්පත් එකම ස්ථානයෙන් ලබා ගැනීමේ අවස්ථාව මෙවර ප්‍රදර්ශනයෙන් පාඨකයාට විවෘත වී තිබෙන බවද සංවිධායකයෙඔ පවසති.
නීති සිසුන්, නීතී වෘතිකයන්, පර්යේෂකයන්, ශාස්ත්‍රඥයන් ඇතුළු පාඨකයන් ඉළක්ක කරමින් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය එළඹෙන මාර්තු 17වන දා පෙ.ව 10.00ට විවෘත වීමට නියමිතය.පොත් ප්‍රදර්ශනය දිනපතා පෙ.ව. 09.00 සිට ප.ව 05.00 දක්වා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වෙන බව පොත් ප්‍රදර්ශනයේ සංවිධායකයන් වන ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සිංහල සංගමය පවසයි.
මෙරට නීති සාහිත්‍යයේ උන්නතිය අපේක්ෂාවෙන් පවත්වනු ලබන මෙම පොත් ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අභ්‍යන්තර හා බාහිර සිසුන්, ආදි විද්‍යාර්ථීන්, රාජ්‍ය, පෞද්ගලික හා විදෙස් විශ්වවිද්‍යාලවල නීති සිසුන්, නීති වෘතිකයන්, පාසල් සිසුන් ඇතුළු සියලු පාඨකයන්ට ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සිංහල සංගමය ආරාධනා කරන බව අවධාරනය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වැට් සංශෝධන පනත බලාත්මක වෙයි..
බක් පුර පසළොස්වක පොහොය අදයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා: එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන
ඇමෙරිකාව ලංකාවට බදු පැනවීම අහම්බකයක්ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර
දේශබන්දුගේ ඇප කැන්සල් කරන්නැයි අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනයක්?
දූෂණ විරෝධී පස් අවුරුදු සැලසුමට පළමු පැමිණිල්ල ජාතික ව්‍යාපාරයෙන්: සතොස සභාපතිට එරෙහිව
මෝදි හින්දු අන්තවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සූක්ෂමව කටයුතු කරමින් සිටිනවා- ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුව
වොෂින්ටනයේ තීරුබදු පියවර මධ්‍යයේ බොහෝ ජාත්‍යන්තර සමාගම් චීනය ව්‍යාපාරික මෙහෙයුම් සඳහා 'ආරක්ෂිතම වරාය' ලෙස සලකයි- නිව් යෝක් ටෛයිම්ස්
ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාව ඇතුළු රටවල් රැසකට අත්හිටුවයි
ලෝක නායකයින් තීරු බදු ඉවත් කර ගැනීමට මගේ පස්ස සිප ගනිමින් සිටිනවා- ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික රිපබ්ලිකන් කොන්ග්‍රස් කමිටු රාත්‍රී භෝජන සංග්‍රහයේදී පවසයි (වීඩියෝ )
මෝදි නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කරලා...
සත්‍ය සෙවීමේ කොමිසම ‘‘මිලේනියමි සිටි බුද්ධි නිලධාරීන්“ පාවාදීමට වඩා බරපතළයි
බ්‍රිතාන්‍ය රජයේ රණවිරු තහනමේ අවසන් අරමුණ ජිහාන් පෙරේරාගෙන් එළියට
104 % ක තීරු බදු පනවමින් ට්‍රම්ප්ගෙන් චීනයට 'ආඩම්බරකාර' ප්‍රහාරයක්
