මාලිමාව පිටුපස සැඟවී සිටින මුස්ලිම් අන්තවාදී සෙවණැලි ගැන ඥානසාර හිමිගෙන් සුවිශේෂී හෙළිදරව්වක්... (වීඩියෝ)
ආගමික කෘති ගෙන්වීමට තිබූ තහනම ආණ්ඩුව විසින් ඉවත්කරන බවට ඉකුත් දා මාධ්‍ය වාර්තා පළවී තිබූ බවත්, මෙම පොත්පත් ගෙන්වීමට ආණ්ඩුව තීරණය කළේ කුමන නිර්ණායක යටතේ දැයි හෙළිකළ යුතු බවත් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ පවසන්නේ ඉස්ලාමය වැරදියට කියවාගත් ගෝලීයව ගොඩ නැගී ඇති ත්‍රස්ත උවදුර තවමත් පහව නොගිය පසුබිමක මුදලට මිනිසුන් මරන ජනඝාතක කල්ලි විශාල ප්‍රමාණයක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවය.
පාස්කු ප්‍රහාරයෙන් පසුව සහ ඊට පෙරත් ලංකාවේ පාසල් තුළ පළමු වසරේ සිට 13 වසර දක්වා දමිළ සහ සිංහල භාෂාවෙන් ලියා ඇති පෙළපොත්වල දරුවකුට ඉගැන්විය යුතු නැති සහ කුරානය වරදවා කියවාගත්, ලෝකයේ ආගමික ත්‍රස්තවාදය ගොඩනැංවීම උදෙසා මතවාද සැපයූ වර්තමාන ඉස්ලාමීය නායකයන්ගේ අන්තවාදී අදහස් අඩංගු කර ඇති බවත්, මේවා මුද්‍රණය කර ඇත්තේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් බවත් උන්වහන්සේ මෙහිදී හෙළිකළේය.
මෙම ප්‍රශ්නය විසඳීම පසෙක තබා ආගමික පොත්පත් ගෙන්වීමට ආණ්ඩුව අවසර දීම ඉඟුරුදී මිරිස් ගැනීමක් හා සමාන දෙයක් බවද පවසන උන්වහන්සේ සහරාන් වැනි ත්‍රස්තවාදීන් බිහිවන්නේද මෙම කෘතීන්වල අඩංගු මතවාද සහ අන්තවාදී අදහස් නිසා බවද පෙන්වා දෙයි.
තමන්වටේ තබාගෙන සිටින මෙවැනි කල්ලි පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආරක්ෂක අමාත්‍යංශය දැනුවත් දැයි ප්‍රශ්න කරන ඥානසාර හිමියෝ, මේ සියවසේ ලෝකයේ කිසිඳු අන්තවාදී නායකයකු තමන්ගේ දෙවියන් උදෙසා මරාගෙන මැරෙන්න යැයි නොපැවසු බවත්, එහෙත් යුසුෆ් අල් කර්ලාවි නමැති නායකයා එසේ පවසා ඇති බවත්, ඔහුව මුණගැසීම සඳහා ආණ්ඩුව විසින් හජ්ජුල් අක්බර් නමැත්තා කටාර්වලට යවා ඇති බවත් සඳහන් කරයි.
යුසුෆ් අල් කර්ලාවි වැනි අන්තවාදීන් ලියූ අන්තවාදී කරුණු ඇතුළත් ආගමික පොත්පත් මගින් අන්වාදීන් නිර්මාණය වන බවත්, පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර සිදුවූයේද මෙම පොත්පත් නිසා බවත්, පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන බව පවසා බලයට පත්වූ ආණ්ඩුව වර්තමානයේ කටයුතු කරන්නේ මෙම අන්තවාදීන් සමගදැයි උන්වහන්සේ මෙහිදී ප්‍රශ්න කළේය.
සවිස්තරාත්මක වීඩියෝව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..