වාර්ෂික පොල් ඵලදාව මිලියන 300කින් පහළට
මෙරට වාර්ෂික පොල් ඵලදාව දළ වශයෙන් පොල් ගෙඩි මිලියන 3,000ක් බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.
නමුත් පසුගිය 2024 වර්ෂයේ දී එය මිලියන 300කින් පමණ අඩුව ඇතැයිද එය පොල් මිළ ඉහළ යාමට හේතු වූ බවද පොල් වගා කිරීමේ මණ්ඩලය පෙන්වා දෙනවා.
එමෙන්ම සතුන්ගෙන් සිදුවන හානි, රටේ පවතින කාලගුණික හා දේශගුණික බලපෑම මෙන්ම පෝෂණ ගැටලු මත පසුගිය වසරවලට සාපේක්ෂව 2024 වර්ෂයේ දී පොල් ඵලදාව කැපී පෙනෙන ලෙස අඩු වීමට හේතු වූ බවයි පැවසෙන්නේ.
මේ අතර තාක්ෂණික මෙන්ම කළමණාකරණ ගැටළු නිසාද පොල් ඵලදාව අඩු වී ඇති බවත් සඳහන් වන අතර ඒවාට කඩිනම් විසදුම් දීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගනිමින් සිටිනවා.
පසුගිය වර්ෂයේදී රිලවුන්, දඬුලේනන්ගෙන් සහ කෘමි උවදුරු හේතුවෙන් පොල් ඵලදාව විශාල ලෙස අඩු වූ බවත් පොල් වගා කිරීමේ මණ්ඩලය හඳුනාගෙන තිබෙනවා.
මේ හේතුවෙන් පොල් ඵලදාව ඉහළ දැමීමේ අරමුණින් මෙම වසර තුළ පොල් පැල ලක්ෂ 25 ක් සිටුවීමට සැලසුම් කර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..