සඳේ ගින්දර එළිදකී (ඡායාරූප)
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් සිය සත්‍ය ජීවන අත්දැකීම් අළලා රචිත ‘සඳේ ගින්දර - Fire Of The Moon නවකතාව එළි දැක්වීම ඔහුගේ 55 වන උපන්දිනය යෙදෙන ඊයේ (මාර්තු 7) පස්වරුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී සිදු කෙරිනි.
විමල් වීරවංශ මහතා ඔහු විසින් රචිත ‘සඳේ ගින්දර‘ කෘතිය ජනගත කරන ලද අතර මෙම අවස්ථාවට විශේෂයෙන් පැමිණ සිටි විමල් වීරවංශ මහතාගේ පාසල් ගුරුතුමිය වූ අප්සරා ගුණවර්ධන ගුරුතුමියට සහ 87-89 වකවානුවේ රාජ්‍ය මර්ධනය හමුවේ ඔහුගේ ජීවිතය රැකගත් රත්නා පතිරණ හෙවත් කළුතර අම්මා යන මෑණිවරුන් දෙපළට එහි පළමු පිටපත් පිළිගැන්විණි.
මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සහ කැලණි විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිමා නිශ්ශංක මහත්මිය යන විද්වතුන් මෙම කෘතිය පිළිබඳව විචාරාත්මක දේශන දෙකක් සිදු කරනු ලැබිය.
අනතුරුව විමල් වීරවංශ මහතා විසින් රචනා කොට, ගායනා කරන ලද ”තුංග කඳු මඩල පාමුල” ගීතය එළිදැක්වීමද, ගීතය යූටියුබ් අවකාශය වෙත මුදා හැරීමද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර නාහිමියන්, කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන්, අමරපුර සිරි සද්ධර්ම මහානිකායේ අනුනායක දේශපේ‍්‍රමී භික්‍ෂු පෙරමුණේ නායක පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන්, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉත්තෑදෙමළියේ ඉන්ද්‍රසාර නාහිමිපාණන්, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිපාණන්, පූජ්‍ය අක්මීමන දයාරතන හිමිපාණන්, පූජ්‍ය පදනංගල ධම්මදේව හිමිපාණන්, පූජ්‍ය තීනියාවල පාලිත හිමිපාණන් ප‍්‍රධාන වන්දනීය පූජනීය මහා සංඝරත්නයද,
රුසියා සහ චීන තානාපති කාර්යාල නියෝජනය කරමින් තානාපති කාර්යාල නිලධාරීන්ද, ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර ප‍්‍රමුඛ විද්වතුන්ද, ලාල් කුලරත්න, අජිත් ලොකුගේ ප‍්‍රමුඛ කලාකරුවෝද, හිටපු අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, ටිරාන් අලස්, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලිත් ජයවීර, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ජී වීරසිංහ යන මහත්වරුන් පැමිණ සිටියේය.+


















සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්