
සඳේ ගින්දර එළිදකී (ඡායාරූප)
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් සිය සත්‍ය ජීවන අත්දැකීම් අළලා රචිත ‘සඳේ ගින්දර - Fire Of The Moon නවකතාව එළි දැක්වීම ඔහුගේ 55 වන උපන්දිනය යෙදෙන ඊයේ (මාර්තු 7) පස්වරුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී සිදු කෙරිනි.
විමල් වීරවංශ මහතා ඔහු විසින් රචිත ‘සඳේ ගින්දර‘ කෘතිය ජනගත කරන ලද අතර මෙම අවස්ථාවට විශේෂයෙන් පැමිණ සිටි විමල් වීරවංශ මහතාගේ පාසල් ගුරුතුමිය වූ අප්සරා ගුණවර්ධන ගුරුතුමියට සහ 87-89 වකවානුවේ රාජ්‍ය මර්ධනය හමුවේ ඔහුගේ ජීවිතය රැකගත් රත්නා පතිරණ හෙවත් කළුතර අම්මා යන මෑණිවරුන් දෙපළට එහි පළමු පිටපත් පිළිගැන්විණි.
මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සහ කැලණි විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිමා නිශ්ශංක මහත්මිය යන විද්වතුන් මෙම කෘතිය පිළිබඳව විචාරාත්මක දේශන දෙකක් සිදු කරනු ලැබිය.
අනතුරුව විමල් වීරවංශ මහතා විසින් රචනා කොට, ගායනා කරන ලද ”තුංග කඳු මඩල පාමුල” ගීතය එළිදැක්වීමද, ගීතය යූටියුබ් අවකාශය වෙත මුදා හැරීමද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර නාහිමියන්, කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන්, අමරපුර සිරි සද්ධර්ම මහානිකායේ අනුනායක දේශපේ‍්‍රමී භික්‍ෂු පෙරමුණේ නායක පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන්, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉත්තෑදෙමළියේ ඉන්ද්‍රසාර නාහිමිපාණන්, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිපාණන්, පූජ්‍ය අක්මීමන දයාරතන හිමිපාණන්, පූජ්‍ය පදනංගල ධම්මදේව හිමිපාණන්, පූජ්‍ය තීනියාවල පාලිත හිමිපාණන් ප‍්‍රධාන වන්දනීය පූජනීය මහා සංඝරත්නයද,
රුසියා සහ චීන තානාපති කාර්යාල නියෝජනය කරමින් තානාපති කාර්යාල නිලධාරීන්ද, ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර ප‍්‍රමුඛ විද්වතුන්ද, ලාල් කුලරත්න, අජිත් ලොකුගේ ප‍්‍රමුඛ කලාකරුවෝද, හිටපු අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, ටිරාන් අලස්, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලිත් ජයවීර, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ජී වීරසිංහ යන මහත්වරුන් පැමිණ සිටියේය.+
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
