
රුසියාවේ විරල පාංශු පාෂාණ (Rear Earth Minerals ) නිධිවල ආයෝජනයට ඇමෙරිකාව ප්‍රමුඛ රටවලට පුටින්ගේ ආරාධනය... දැකිය යුත්තේ කෙලෙසද? වෛද්‍ය සුමිත් වන්නිආරච්චිගෙන් පැහැදිලි කිරීමක්
ඇමරිකානු ජනාධිපති ටෘම්ප් මහතාගේ සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා අතර ඇති වූ සජීව සාකච්ඡාවෙන් පසුව රුසියානු ජනාධිපති පූටින් මහතා විසින් පුවත්පත් සාකච්ඡාවක් හා සම්බන්ධ වෙමින් පැවසුවේ රුසියාවේ ඇති විරල පාංශු පාෂාණ නිධිවල ආයෝජනයට ඇමෙරිකාව ප්‍රමුඛ රටවල සමාගම් වලට ආරාධනා කරන බවයි. සතුරු පාර්ශව දෙකක් එකිනෙකට මුහුණ ලා සටන් කරන මොහොතක මෙම ප්‍රකාශනයේ ආන්දෝලනාත්මක සහ රුසියාවට ලැදි අයට ප්‍රශ්නයක් නොවන්නේ කෙලෙසකද? මේ පිළිබදව අප ශ්‍රී ලංකාවේ අධිරාජ විරෝධී ජාතික සංසදයේ කැදවුම්කරු වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතාගෙන් ප්‍රශ්න කළ අතර මේ ඔහු අපට ලබාදුන් දීර්ඝ පිළිතුරයි.
ඔව් ඔබ විසින් අසන ලද ප්‍රශ්නය මතුපිටින් බලන කල ඉතා සාධාරණයි.
රුසියාවට සහ පූටින්ට ආදරය කරන ලද ඕනෑම සාමාන්‍ය පුරවැසියෙකුට ඔහුගේ මෙම ප්‍රකාශය ඔහු නැවත කියවා ගන්නා තෙක් ප්‍රශ්නාර්ථයක් විය හැකිය .
එහෙත් ඔබ පූටින් ජනාධිපති වරයාගේ කෘතහස්ත රාජ්‍ය පාලනය හරි හැටි නැවත කියවා ගන්නේ නම් ඔබට සියල්ල පැහැදිලි වනු ඇත.
පසුගිය සතිය තුළ ලෝකය තුළ ප්‍රචලිත වූ ටෘම්ප්- සෙලෙන්ස්කි හමුවත් සමග යුක්‍රේන යුද්ධයේ තිත්ත පරාජය බාර ගැනීමට සෙලෙන්ස්කිට තම ස්වාමියා විසින් කරනලද බලපෑම මුලු ලෝකයම දකින්නට ඇත. එය සෙලෙන්ස්කිගේ පරාජය කට වඩා ඇමෙරිකානු අධිරාජ්‍යයේ පරාජයක් බවට ටෘම්ප් මහතාට ද වක්‍රෝතියෙන් පිළිගන්නට වින.
එපමණක් නොව එම පරාජය ප්‍රසිද්ධියේ භාර ගැනීමත් සමඟ යුද්ධයේ මුවාවෙන් යුක්‍රේන ප්‍රොක්සි යුද්ධය තුළින් රුසියාව ආක්‍රමණය කළ නොහැකි බවත්, අතීතයේ මෙන්ම අනාගතයේදීද රුසියානුවන් යුදමය වශයෙන් පරාජය කිරීමට නොහැකි බව ටෘම්ප් ජනාධිපතිවරයා ගේ හැසිරීම් තුලින් ඔප්පු වූවේ යැයි ඔබ පිළිගන්නවා ද?
පරාජිත යුද්ධයේ අවසානයේ සෙලෙන්ස්කි නමැති ඔවුන්ගේ රූකඩ පාලකයා බිය වද්දා සහ ලැජ්ජාවට පත් කොට, යුක්‍රේන යුද්ධය සදහා ඇමරිකාව වියදම් කල මුදලට අමතරව පොලී ද එකතු කොට එම මුදලට යුක්‍රේනය මුදලට හිලව් කර ගැනීමට සහ යුක්‍රේනයේ විරල පාංශු ඛනිජ ද්‍රව්‍ය (Rear Earth Minerals ) නිධි අත්පත් කර ගැනීමට කල අවසන් උත්සාහය ඔබ නොදැක්කේද?
දියුණු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ සැබෑ ලෝක සාමය ප්‍රාර්ථනා කරණ සහ ඒ වෙනුවෙන් ඉතා පරිස්සමින් සැලසුම් සහගතව කටයුතු කරන ලෝක නායකයකු ලෙස පූටින් ජනාධිපතිවරයා යුද්ධය අවසානයේ සාමය සදහා ඇමරිකාවට, බටහිරට සහ සමස්ත ලෝක ජනතාවට ඔහු දෙන පණිවිඩය ඔබ නොදුටුවේද?
අවශ්‍ය නම් මෙම ටෘම්ප් සෙලෙන්ස්කි නාඩගම උපයෝගී කරගෙන ඔවුන් දෙදෙනා ම හාස්‍යයට ලක් කරමින් තම ජයග්‍රාහී ක්‍රියාන්විතය ගැන උදම් අනමින් පම්පෝරි ගැසීමට ඔහුට මේ අවස්ථාව උපයෝගී කර ගැනීමට නොතිබුනේද?
එසේ ක්‍රියා කලේ නම් පූටින් - රුසියානු හිතවතුන් හුරේ නො දමනවා යැයි ඔබ සිතන්නේ ද?
එහෙත් ඒ වෙනුවට මෙම කෙටි ප්‍රකාශය තුලින් පූටින් ජනාධිපතිවරයා අතීතය සහ අනාගතය විශ්ලේශණය කරමින් අනාගත ලෝක නීරවි කරනයේ සේයාවත්, සාමය සහ සංවර්ධනය කරා සමස්ත ලෝකයට පාර කැපීමේ පලමු පස් පිඩැල්ල ලෙස මෙම කෙටි පැහැදිලි කිරීමේ වචන තුල ගැබ් වී ඇති බව ඔබට නොහැගේද?
ඔහුගේ වචන තුල පහත සදහන් සියල්ල ගැබ් වී ඇති බව ඔබට එම ප්‍රකාශයට නැවත සවන් දීමේ දී පැහදිලිවනු ඇත.
1. බටහිර පාලකයිනි, අපගේ මහත්මා ගති උපයෝගී කර ගනිමින් ඔබට ටික දිනකට අප රැවටිය හැක. එහෙත් එය තාවකාලිකය.
2. නුඹලාට කිසි දිනක මේ ශ්‍රේෂ්ඨ ජාතිය යුදමය වශයෙන් පරාජය කල නොහැක. එමෙන්ම යටත් කල නොහැක.
3. ඕනෑම අසීරු අවස්ථාවකට මුහුනදීමට රුසියානු ජනතාව වෙනස් වනු ඇත. මම එයට නායකත්වය දෙමි.
4. තවදුරටත් නුඹලා විසින් රුසියාව යටත් කිරීමට කරන නිශ්පල උත්සාහය නවත්තපල්ලා. සියළු යුදමය සහ යුදමය නොවන බල ඇනි විසුරුවා පල්ලා.
5. නුඹලා විසින් ලෝක ජනතාවගේ මනස් තුල පැල පැදියන් කිරීමට නිරන්තරයෙන් උත්සාහ කල රුසියානු භීතිකාව (rusphobhia) නිරවි යුද්ධය තව දුරටත් වලංගු නැති බැවින් එය අත් හැරපල්ලා.
6. ඇමරිකානු පාලකයිනි ! සමස්ත යුරෝපීය ඇමරිකානු ගැත්තන් වන යුරෝපීය පාලකයිනි ! නුඹලාගේ රුසියාව යටත් කොට එහි වස්තුව ලබාගැනීමට ශත වර්ෂ ගණනක් නුඹලාගේ මුතුත් මිත්තන්න්ගේ නායකයින් ද කල අසාර්ථක උත්සාහය දැන් වත් නතර කරපල්ලා!
7. රුසියානු බිල්ලා පෙන්වා යුක්‍රේන කුලී යුද්ධය(proxy war) තුලින් අත්පත් කර ගැනීමට උත්සාහ කල යුක්‍රේන -රුසියානු භූමීන් තුල ඇති විරල පාංශු ඛනිජ නිධි වල ඇති අයිතිය ලබාගැනීමෙ සිහිනය සිහිනයක් ම පමනක් බව මතක් කර ගනිල්ලා.
8. නුඹලා යුක්‍රේනය ආක්‍රමණය කලේ එහි ඇති වස්තුව සදහා වුවද, අප අකමැත්තෙන් වුවද යුද්ධය සදහා පෙලඹුණේ අප දේශයේ සහ ජාතියේ ආරක්ෂාව සහ රුසියානු ජනතාවගේ අභිමානය සඳහායි.
9. නුඹලාට යුක්‍රේනයේ විරල පාංශු ඛනිජ වටිනා දෙයක් වුවද , අපිට එහි සාපේක්ෂ වටිනා කමක් මිස. ඒ සදහා රටවල් ආක්‍රමණය කිරීමට අපට අවශ්‍යතාවයක් ඇත්තේම නැත.
10. ඔබ සොයන ඔය විරල පාංශු ඛනිජ ඕනෑ තරම් අප දේශයේ උතුරු කරයේ Murmansk වලත් Caucasus,Irkutsk,Yakutia, සහ Tuva ප්‍රදේශවල ඕන තරම් ඇත. එම නිසා යුක්‍රේනයේ ඇති කුඩා නිධියක් නුඹලාට මරා ගෙන මැරී අත්පත් කර ගැනීමට අවශ්‍ය වූවාට, රුසියානු අපිට එවා එතරම් වටින දේවල් නොවන්නේය.
11. කොටින් ම නුඹලාට ඒවා විරල පාංශු ඛනිජ වූවාට අපට ඒවා බහුලය. පෘතුවි පෘෂ්ඨයේ මෙම මූල ද්‍රව්‍ය බොහෝ ප්‍රදේශවල ඇත. එහෙත් ඒවා නිස්සාරණය කර ලබා ගැනීමට අධි තාක්ශනය සහ වියදම් සහිත කාර්‍යය කි. තාක්ෂණය තුල අද නොහැකි දේ හෙට සාමාන්‍ය දෙයකි. නැතහොත් විරල දෙය බහුල වන්නේය. මිල අධික තාක්ශණයේ උපකාරයෙන් සරල බහුල ලාබ දෙයක් බවට පත්වන්නේය.
උදාහරණ ලෙස ඇලුමිනියම් සොයා ගත් කල එය විරල මූලද්‍රව්‍යයක් විය. එදා ඇලුමීනියම් රිදී වලටත් වඩා මිලෙන් අධික විය. එහෙත් තාක්ෂණය විසින් බොක්සයිට් නිස්සාරණය දියුණු කළ පසු ඇලුමීනියම් යනු අද දවසේ මිලෙන් අඩු බහු භාවිතයන් සඳහා යොදා ගන්නා සරල ප්‍රධාන මූල ද්‍රව්‍යයක් බවට පත්වී ඇත.
අද දවසේ කතා කරණ විරල පාංශු මූලද්‍රව්‍ය වල කතාවද මෙසේ ම වන්නේය.
ටෘම්ප් මහතාට මෙම සරල අවබෝධය නො තිබුනත් පූටින් මහතාගේ තීක්ෂණ බුද්ධියට මෙම තාක්ෂණය සහ කාලය අතර ප්‍රශ්නයක් බව ඔහු හොඳින් දන්නේ ය.
තම රටේ ම තියෙන විරල පාංශු ඛනිජ නිධි, ඉදිරි ලෝක අවශ්‍යතාවයට උපරිමයෙන් ලබා ගැනීමට නම් එය අද දවසේ භාවිතයෙන් ලබන සාපේක්ෂ වාසියක් ලබා ගැනීමට කටයුතු කළ යුතුය. එසේ නොවුනහොත් ඒවායේ වටිනාකම පහළ යන්නේ ය. මේ බව දියුණු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හා කළමනාකරුවෙකු වන පූටින් ජනාධිපති වරයාගේ දියුණු මනසට වැටහී ඇත.
ඔහු තම රටෙහි ඇති විරල පාංශු ඛනිජ නිධි වෙත ආයෝජනයට ඇමරිකාව ඇතුළු සමස්ත ලෝකයටම ආරාධනා කරන්නේ එම නිසා බව ඔබට වැටහෙනු ඇත. මන්ද මෙම ක්ෂේත්‍රයේ ආයෝජනයට මූල්‍ය ශක්තිය සහ කාර්මික අවශ්‍යතා ඇත්තේ දියුණු කාර්මීකරණය වූ රටවලට ය. මෙම විරල පාංශු ඛනිජ සදහා ඉල්ලුම ඇත්තේ ද ඇමෙරිකාව ඇතුලු යුරෝපීය කර්මාන්ත කරුවන් හට වන්නේය .
ජනාධිපති පූටින් මහතාගේ කතාවේ දී ඔහු තව දුරත් තහවුරු කර පවසන්නේ රුසියානු භූමියේ ඇති ඛනිජ සම්පත් පමනක් නොව 2022 න් පසු යුක්‍රේන යුද්ධයෙන් අත්පත් කරගත් ප්‍රදේශය වල පවතින විරල පාංශු නිධි වලට ද ඔහුගේ ප්‍රකාශය වලංගු වන බවයි.
මින් ගම්‍ය වන්නේ කුමක් ද?
අපගේ ප්‍රතිපත්ති අපගේ සමස්ත භූමියට ම අදාළ වන්නේය. යුක්‍රේන යුද්ධයෙන් පසු නිදහස් කර ගන්නා භූමියද රුසියානු භූමියයි. දේශයේ ස්වයිරීත්වය ත් භෞමික අඛන්ඩත්වයත් ගැන අපට අපේ ම ප්‍රතිපත්ති සහ ක්‍රමවේද ඇත. එම නිසා නුඹලා නුඹලාගේ වැඩක් බලා ගනිල්ලා. නුඹලාගේ රුසියානු භීතිය සහ රුසියාව යටත් කර ගැනීමේ සිහිනය අත් හැරපල්ලා.
අපත් සමග එකතුව යුද්ධය වෙනුවට සාමයෙන් වැඩ කිරීමට අත්වැල් බැද ගනිල්ලා.
ඒ තුලින් සමස්ත ලෝක වාසීන්ට මෙන්ම සතා සීපාවුන්ටද අපගේ පෘතුවිය දියුණු ආරක්ෂිත ස්තානයක් බවට පත් කිරීමට අපිත් සමග අත් වැල් බැද ගනිල්ලා!!!
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
