News Category
From Date
To Date
Maximum Number of Result

රුසියාවේ විරල පාංශු පාෂාණ (Rear Earth Minerals ) නිධිවල ආයෝජනයට ඇමෙරිකාව ප්‍රමුඛ රටවලට පුටින්ගේ ආරාධනය... දැකිය යුත්තේ කෙලෙසද? වෛද්‍ය සුමිත් වන්නිආරච්චිගෙන් පැහැදිලි කිරීමක්

Mar 6, 2025 at 02:38 PM
|

ඇමරිකානු ජනාධිපති ටෘම්ප් මහතාගේ සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා අතර ඇති වූ සජීව සාකච්ඡාවෙන් පසුව රුසියානු ජනාධිපති පූටින් මහතා විසින් පුවත්පත් සාකච්ඡාවක් හා සම්බන්ධ වෙමින් පැවසුවේ රුසියාවේ ඇති විරල පාංශු පාෂාණ නිධිවල  ආයෝජනයට ඇමෙරිකාව ප්‍රමුඛ රටවල සමාගම් වලට ආරාධනා කරන බවයි. සතුරු පාර්ශව දෙකක් එකිනෙකට මුහුණ ලා සටන් කරන මොහොතක මෙම ප්‍රකාශනයේ  ආන්දෝලනාත්මක සහ රුසියාවට ලැදි අයට ප්‍රශ්නයක් නොවන්නේ කෙලෙසකද? මේ පිළිබදව අප ශ්‍රී ලංකාවේ අධිරාජ විරෝධී ජාතික සංසදයේ කැදවුම්කරු වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතාගෙන් ප්‍රශ්න කළ අතර මේ ඔහු අපට ලබාදුන් දීර්ඝ පිළිතුරයි. 

ඔව් ඔබ විසින් අසන ලද ප්‍රශ්නය මතුපිටින්  බලන කල ඉතා සාධාරණයි.

රුසියාවට සහ පූටින්ට  ආදරය කරන ලද ඕනෑම සාමාන්‍ය පුරවැසියෙකුට ඔහුගේ මෙම ප්‍රකාශය ඔහු නැවත කියවා ගන්නා තෙක් ප්‍රශ්නාර්ථයක් විය හැකිය .

එහෙත් ඔබ පූටින් ජනාධිපති වරයාගේ කෘතහස්ත  රාජ්‍ය  පාලනය හරි හැටි නැවත කියවා ගන්නේ නම් ඔබට සියල්ල පැහැදිලි වනු ඇත.

පසුගිය සතිය තුළ ලෝකය තුළ ප්‍රචලිත වූ ටෘම්ප්- සෙලෙන්ස්කි  හමුවත් සමග යුක්‍රේන  යුද්ධයේ තිත්ත පරාජය බාර ගැනීමට සෙලෙන්ස්කිට තම ස්වාමියා විසින් කරනලද බලපෑම මුලු ලෝකයම දකින්නට ඇත. එය සෙලෙන්ස්කිගේ පරාජය කට වඩා ඇමෙරිකානු අධිරාජ්‍යයේ පරාජයක් බවට ටෘම්ප් මහතාට ද වක්‍රෝතියෙන් පිළිගන්නට වින.

එපමණක් නොව එම පරාජය ප්‍රසිද්ධියේ භාර ගැනීමත් සමඟ යුද්ධයේ මුවාවෙන් යුක්‍රේන ප්‍රොක්සි යුද්ධය තුළින් රුසියාව ආක්‍රමණය කළ නොහැකි බවත්, අතීතයේ මෙන්ම අනාගතයේදීද රුසියානුවන් යුදමය වශයෙන් පරාජය කිරීමට නොහැකි බව ටෘම්ප් ජනාධිපතිවරයා ගේ හැසිරීම් තුලින් ඔප්පු වූවේ යැයි ඔබ පිළිගන්නවා ද?

පරාජිත යුද්ධයේ අවසානයේ  සෙලෙන්ස්කි නමැති ඔවුන්ගේ රූකඩ පාලකයා බිය වද්දා සහ ලැජ්ජාවට  පත් කොට, යුක්‍රේන යුද්ධය සදහා ඇමරිකාව වියදම් කල මුදලට අමතරව පොලී ද එකතු කොට එම මුදලට යුක්‍රේනය  මුදලට හිලව් කර ගැනීමට සහ යුක්‍රේනයේ  විරල පාංශු ඛනිජ ද්‍රව්‍ය (Rear Earth Minerals ) නිධි අත්පත් කර ගැනීමට කල අවසන් උත්සාහය ඔබ නොදැක්කේද?

දියුණු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ සැබෑ ලෝක සාමය ප්‍රාර්ථනා කරණ සහ ඒ වෙනුවෙන් ඉතා පරිස්සමින් සැලසුම් සහගතව කටයුතු කරන ලෝක නායකයකු ලෙස පූටින් ජනාධිපතිවරයා යුද්ධය අවසානයේ සාමය සදහා ඇමරිකාවට, බටහිරට සහ සමස්ත ලෝක ජනතාවට ඔහු දෙන පණිවිඩය ඔබ නොදුටුවේද?

අවශ්‍ය නම් මෙම ටෘම්ප් සෙලෙන්ස්කි නාඩගම උපයෝගී කරගෙන ඔවුන් දෙදෙනා ම හාස්‍යයට ලක් කරමින් තම ජයග්‍රාහී ක්‍රියාන්විතය ගැන උදම් අනමින් පම්පෝරි ගැසීමට ඔහුට මේ අවස්ථාව උපයෝගී කර ගැනීමට නොතිබුනේද?

එසේ ක්‍රියා කලේ නම් පූටින් - රුසියානු හිතවතුන් හුරේ නො දමනවා යැයි ඔබ සිතන්නේ ද?

එහෙත් ඒ වෙනුවට මෙම කෙටි ප්‍රකාශය තුලින් පූටින් ජනාධිපතිවරයා අතීතය සහ අනාගතය විශ්ලේශණය කරමින් අනාගත ලෝක නීරවි කරනයේ සේයාවත්, සාමය සහ සංවර්ධනය කරා සමස්ත ලෝකයට පාර කැපීමේ පලමු පස් පිඩැල්ල ලෙස මෙම කෙටි පැහැදිලි කිරීමේ වචන තුල ගැබ් වී ඇති බව ඔබට නොහැගේද?

ඔහුගේ වචන තුල පහත සදහන් සියල්ල ගැබ් වී ඇති බව ඔබට එම ප්‍රකාශයට නැවත සවන් දීමේ දී පැහදිලිවනු ඇත.

1. බටහිර පාලකයිනි, අපගේ මහත්මා ගති උපයෝගී කර ගනිමින් ඔබට ටික දිනකට අප රැවටිය හැක. එහෙත් එය තාවකාලිකය.

2. නුඹලාට කිසි දිනක මේ ශ්‍රේෂ්ඨ ජාතිය යුදමය වශයෙන්  පරාජය කල නොහැක. එමෙන්ම යටත් කල නොහැක.

3. ඕනෑම අසීරු අවස්ථාවකට මුහුනදීමට රුසියානු ජනතාව වෙනස් වනු ඇත. මම එයට නායකත්වය දෙමි.

4. තවදුරටත් නුඹලා විසින් රුසියාව යටත් කිරීමට කරන නිශ්පල උත්සාහය නවත්තපල්ලා. සියළු යුදමය සහ යුදමය නොවන බල ඇනි විසුරුවා පල්ලා.

5. නුඹලා විසින් ලෝක ජනතාවගේ මනස් තුල පැල පැදියන් කිරීමට නිරන්තරයෙන් උත්සාහ කල රුසියානු භීතිකාව (rusphobhia) නිරවි යුද්ධය තව දුරටත් වලංගු නැති බැවින්  එය අත් හැරපල්ලා.

6. ඇමරිකානු පාලකයිනි ! සමස්ත යුරෝපීය ඇමරිකානු ගැත්තන් වන යුරෝපීය පාලකයිනි ! නුඹලාගේ රුසියාව යටත් කොට එහි වස්තුව ලබාගැනීමට ශත වර්ෂ ගණනක් නුඹලාගේ මුතුත් මිත්තන්න්ගේ නායකයින් ද කල අසාර්ථක උත්සාහය දැන් වත් නතර කරපල්ලා!

7. රුසියානු  බිල්ලා පෙන්වා යුක්‍රේන කුලී යුද්ධය(proxy  war) තුලින් අත්පත් කර ගැනීමට උත්සාහ කල යුක්‍රේන -රුසියානු භූමීන් තුල ඇති විරල පාංශු ඛනිජ නිධි වල ඇති අයිතිය ලබාගැනීමෙ සිහිනය සිහිනයක් ම පමනක් බව මතක් කර ගනිල්ලා.

8. නුඹලා යුක්‍රේනය ආක්‍රමණය කලේ එහි ඇති වස්තුව සදහා වුවද, අප අකමැත්තෙන් වුවද යුද්ධය සදහා පෙලඹුණේ අප දේශයේ සහ ජාතියේ ආරක්ෂාව සහ රුසියානු ජනතාවගේ  අභිමානය සඳහායි.

9. නුඹලාට යුක්‍රේනයේ විරල පාංශු ඛනිජ වටිනා දෙයක් වුවද , අපිට එහි සාපේක්ෂ වටිනා කමක් මිස. ඒ සදහා  රටවල් ආක්‍රමණය කිරීමට අපට අවශ්‍යතාවයක් ඇත්තේම නැත.

10. ඔබ සොයන ඔය විරල පාංශු ඛනිජ ඕනෑ තරම් අප දේශයේ උතුරු කරයේ  Murmansk වලත් Caucasus,Irkutsk,Yakutia, සහ Tuva ප්‍රදේශවල  ඕන තරම් ඇත. එම නිසා යුක්‍රේනයේ ඇති කුඩා නිධියක් නුඹලාට මරා ගෙන මැරී අත්පත් කර ගැනීමට  අවශ්‍ය වූවාට, රුසියානු අපිට එවා එතරම් වටින දේවල් නොවන්නේය.

11. කොටින් ම නුඹලාට ඒවා විරල පාංශු ඛනිජ වූවාට අපට ඒවා බහුලය. පෘතුවි පෘෂ්ඨයේ මෙම මූල ද්‍රව්‍ය බොහෝ ප්‍රදේශවල ඇත. එහෙත් ඒවා නිස්සාරණය කර ලබා ගැනීමට අධි තාක්ශනය සහ වියදම් සහිත කාර්‍යය කි. තාක්ෂණය තුල අද නොහැකි දේ හෙට සාමාන්‍ය දෙයකි. නැතහොත් විරල දෙය බහුල වන්නේය. මිල අධික  තාක්ශණයේ උපකාරයෙන් සරල බහුල ලාබ දෙයක් බවට පත්වන්නේය.

උදාහරණ ලෙස ඇලුමිනියම් සොයා ගත් කල එය විරල මූලද්‍රව්‍යයක් විය. එදා ඇලුමීනියම් රිදී වලටත් වඩා මිලෙන් අධික  විය. එහෙත් තාක්ෂණය විසින් බොක්සයිට් නිස්සාරණය දියුණු කළ පසු ඇලුමීනියම් යනු අද දවසේ මිලෙන් අඩු බහු භාවිතයන් සඳහා යොදා ගන්නා සරල ප්‍රධාන මූල ද්‍රව්‍යයක් බවට පත්වී ඇත.

අද දවසේ කතා කරණ විරල පාංශු මූලද්‍රව්‍ය වල කතාවද මෙසේ ම වන්නේය.

ටෘම්ප් මහතාට මෙම සරල  අවබෝධය  නො තිබුනත් පූටින් මහතාගේ තීක්ෂණ බුද්ධියට මෙම තාක්ෂණය සහ කාලය අතර ප්‍රශ්නයක් බව ඔහු හොඳින් දන්නේ ය.

තම රටේ ම තියෙන විරල  පාංශු ඛනිජ නිධි, ඉදිරි ලෝක අවශ්‍යතාවයට උපරිමයෙන් ලබා ගැනීමට නම් එය අද දවසේ භාවිතයෙන් ලබන සාපේක්ෂ වාසියක් ලබා ගැනීමට කටයුතු කළ යුතුය. එසේ නොවුනහොත් ඒවායේ වටිනාකම පහළ යන්නේ ය. මේ බව දියුණු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හා කළමනාකරුවෙකු වන පූටින්  ජනාධිපති වරයාගේ දියුණු  මනසට වැටහී ඇත. 

ඔහු තම  රටෙහි ඇති විරල පාංශු ඛනිජ නිධි වෙත ආයෝජනයට ඇමරිකාව ඇතුළු සමස්ත ලෝකයටම ආරාධනා කරන්නේ එම නිසා බව ඔබට වැටහෙනු  ඇත. මන්ද මෙම ක්ෂේත්‍රයේ ආයෝජනයට මූල්‍ය ශක්තිය සහ කාර්මික  අවශ්‍යතා ඇත්තේ දියුණු කාර්මීකරණය වූ රටවලට ය.  මෙම විරල පාංශු ඛනිජ සදහා ඉල්ලුම ඇත්තේ ද ඇමෙරිකාව ඇතුලු යුරෝපීය කර්මාන්ත කරුවන් හට වන්නේය .

ජනාධිපති  පූටින්  මහතාගේ කතාවේ දී ඔහු තව දුරත් තහවුරු කර පවසන්නේ රුසියානු භූමියේ ඇති ඛනිජ සම්පත් පමනක් නොව 2022 න් පසු යුක්‍රේන යුද්ධයෙන් අත්පත් කරගත් ප්‍රදේශය වල පවතින විරල පාංශු නිධි වලට ද ඔහුගේ ප්‍රකාශය වලංගු වන බවයි.

මින් ගම්‍ය වන්නේ කුමක් ද?

අපගේ ප්‍රතිපත්ති අපගේ සමස්ත භූමියට ම  අදාළ වන්නේය. යුක්‍රේන  යුද්ධයෙන් පසු නිදහස් කර ගන්නා භූමියද රුසියානු භූමියයි. දේශයේ ස්වයිරීත්වය ත් භෞමික අඛන්ඩත්වයත් ගැන අපට අපේ ම ප්‍රතිපත්ති සහ ක්‍රමවේද ඇත. එම නිසා නුඹලා නුඹලාගේ වැඩක් බලා ගනිල්ලා. නුඹලාගේ රුසියානු භීතිය සහ රුසියාව යටත් කර ගැනීමේ සිහිනය අත් හැරපල්ලා.

අපත් සමග එකතුව යුද්ධය වෙනුවට සාමයෙන් වැඩ කිරීමට අත්වැල් බැද ගනිල්ලා.

ඒ තුලින් සමස්ත ලෝක වාසීන්ට මෙන්ම සතා සීපාවුන්ටද අපගේ  පෘතුවිය දියුණු  ආරක්ෂිත  ස්තානයක්  බවට පත් කිරීමට අපිත් සමග අත් වැල් බැද ගනිල්ලා!!!

සම්බන්ධිත පුවත් | Related News

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.