
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට
පසුගියදා මිද්දෙනිය ප්‍රදේශයේදී අනුර විදානගමගේ නොහොත් ‘කජ්ජා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා සහ ඔහුගේ දරුවන් දෙදෙනාට මරු කැඳවමින් සිදු වූ මාරක වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තුවක්කුකරු මිද්දෙනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු තම කුඩා පුතා සහ දියණිය සමඟ තවත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අනුර විදානගමගේ නොහොත් ‘කජ්ජා’ නමැති පුද්ගලයා ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමෙන් මෙම ඝාතනය සිදුකෙරිණි.
එම ප්‍රහාරයෙන් පියා ක්ෂණිකව මිය ගිය අතර, ඔහුගේ දියණිය රෝහලේදී තුවාල ලබා මියගියේය.
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහුගේ පුතා ද පසුදා මියගියේය.
පොලීසිය පැවසුවේ T56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
මෙම අපරාධයට අදාළව අද අත්අඩංගුවටගත් සැකකරු සමඟ මේ දක්වා සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට වැඩිදුර විමර්ශන සිදු කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
