News Category
From Date
To Date
Maximum Number of Result

කෝඹල සංරක්ෂිතයේ ඉඩම් ජාවාරම්කරුවන් අතට...

Mar 5, 2025 at 01:09 PM
|

ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සුවිශේෂී ම පහතරට වැසි වනාන්තරය වන කොට්ටව – කෝඹල සංරක්ෂිත වනාන්තරයේ ඉඩම් ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු විසින් ගාල්ල දිසා වන නිලධාරී හා පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර යන අයට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර  රක්ෂිත ඉඩම් බෙදා ගැනීමේ සැලැසුමක් ක්‍රියාත්මක වේ.

මේ අනුව වසර සියයකට වැඩි කාලයක් පදිංචි ව සිටින ජනතාව ගේ ඉඩම් කොට්ටව – කෝඹල සංරක්ෂිත වනාන්තරය බවට ප්‍රකාශයට පත්  කර ඇති බවට සාවද්‍ය තොරතුරු සඳහන් කරමින් මන්ත්‍රිවරයා විසින් එම ඉඩම්වල අයිතිය ජනතාවට ලබා දිය යුතු බවට ප්‍රකාශ කරයි. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ලැබුණු පැමිණිල්ලක් මත මෙය සිදු කරන බවත් ඉදිරියේ දී රක්ෂිතය තුළ පදිංචි ජනතාවට සාධාරණයක් ඉටු කරන බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අනුව රක්ෂිතයට අයත් ජනතාව භාවිත කරන ඉඩම් පිළිබඳ සංගණනයක් ද මේ වන විට ආරම්භ කර තිබේ.

මීට අමතර ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගාල්ල දිසා වන නිලධාරී සඳහන් කරන්නේ කොට්ටව – කෝඹල වනයේ ජනතාව භාවිත කරන ඉඩම් සියල්ල ම එම ජනතාවට ලබා දීමට කටයුතු කරන බව ය. තමන් නැගෙනහිර පළාතේ සේවය කළ සමයේ දී එම ජනතාව ගේ ඉඩම් අයිතිය ලබා දුන් ආකාරයට ම මෙම රක්ෂිතය තුළ පදිංචි ජනතාව ගේ ඉඩම් අයිතිය ලබා දෙන බවට දිසා වන නිලධාරී විසින් සඳහන් කරයි.

මේ සියලු තත්ත්වයන් පදනම් කර ගෙන අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීම මත රක්ෂිතයේ පදිංචි ව සිටින ජනතාව ගේ තොරතුරු එක්රැස් කිරීම සිදු කරමින් පවතී. එම තොරතුරු පත්‍රිකාවලට අනුව පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් තමන් රක්ෂිතය තුළ පදිංචි ව සිටින බවට ව්‍යාජ තොරතුරු ලේඛණ ඉදිරිපත් කර තිබේ.

ස්ථිර පදිංචිකරුවන් නොමැති බවට සනාථ වීම

මේ සියලු තත්ත්වයන් පදනම් කර ගෙන අප විසින් මෙම රක්ෂිත වනාන්තරයේ පදිංචිකරුවන් යැයි සඳහන් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනවල දී කරුණු බොහොමයක් අනාවරණය කර ගත හැකි විය. එහි දී ප්‍රධාන වශයෙන් තහවුරු කර ගත හැකි වූයේ මෙම රක්ෂිතය තුළ ස්ථිර පදිංචිකරුවන් කිසිවකු නොමැති බව සහ රක්ෂිතය ආසන්නයේ හා ඊට නුදුරින් ස්ථිර පදිංචිය සහිත පුද්ගලයන් කිහිපදෙනෙකු සංරක්ෂිත වනාන්තරය තුළ පිහිටි වනාන්තර සීඝ්‍රයෙන් එළි කරමින් කුරුදු හා තේ වගා බිම් ව්‍යාප්ත කරන බව ය. ඉඩම්වල අයිතිය ලබා දීමට වෛද්‍ය නිශාන්ත සමරවීර මන්ත්‍රිවරයා හා ගාල්ල දිසා වන නිලධාරීවරයා කටයුතු කරන බවට ප්‍රකාශ වීමත් සමඟ ම අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු කරන තොරතුරු ලේඛණ ලබා ගැනීමේ ක්‍රියාවලියට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම අනවසරින් ඉඩම් අත්පත් කර ගෙන වගා කටයුතු සිදු කරන ජනතාව විසින් සිදු කරයි. ඔවුන් විසින් ඥාතීන් ගේ නම්වලට ද ඉඩම් කැබලිවල තොරතුරු ඉදිරිපත් කරමින් සිටී. මීට ප්‍රථම අනවසර වගා කටයුතුවල නිරත ව සිටි පුද්ගලයන් ගණන 10 ක් පමණ වූ අතර වර්තමානය වන විට ඔවුන් විසින් 50 දෙනෙකු ගේ පමණ ව්‍යාජ තොරතුරු අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු කරන අධ්‍යයනයේ තොරතුරු ලේඛණවලට ලබා දී තිබේ.

රක්ෂිතය තුළ නීති විරෝධී වගාකරුවන් හා පාරම්පරික දෙනි වගාව

කොට්ටව – කෝඹල සංරක්ෂිත වනාන්තරය වටා පිහිටි කඳුරුගස්හේන, කලුවල, බැද්දෙගෙදර, හිරියමල් කුඹුර, හියාරේ නැගෙනහිර, මායාකඩුව, ගරාවල, බැදිපිට යන ගම්මානවල ජීවත්වන පුද්ගලයන් කිහිපදෙනෙකු රක්ෂිතයට අයත් ඉඩම් අනවසරින් අත්පත් කර ගෙන වනාන්තර එළිපෙහෙළි කර කුරුදු හා තේ වගා බිම් ව්‍යාප්ත කර තිබේ. වර්තමානය වන විට රක්ෂිතය තුළ සමස්ත අනවසර වගා බිම්වල ප්‍රමාණය අක්කර 50 ක් පමණ වන බව අප ගේ අධ්‍යයන මගින් තහවුරු වී තිබේ.

මෙම වනාන්තරය තුළ ජනතාව පාරම්පරික ව වගා කළ දෙනි 7 ක් පමණ වේ. පුංචි වැලිදෙනිය, බිම්බටේ දෙනිය, වැලි දෙනිය, නයා ඇඩූ දෙනිය, කඩියා දෙනිය, පුංචි දෙනිය, ගෝන කොළ දෙනිය වශයෙන් කුඹුරු ගොවිතැන සිදු කළ පාරම්පරික දෙනි පිහිටා තිබේ. මෙම දෙනි ආශ්‍රිත ව 1970 සිට 1977 කාල සීමා ව තුළ කුඹුරු ගොවිතැනට අමතර ව බුලත්, කිරි අල, ඉගුරු, මඤ්ඤොක්කා, තල හා මෙනේරි වගාවන් ද සිදු කර තිබේ. මෙම දෙනි අතුරින් අක්කර 2.5 ක් පමණ වන පුංචි වැලි දෙනිය, අක්කර 7.5 ක් පමණ වන බිම්බටේ දෙනිය හා අක්කර 4 ක් පමණ වන නයා ඇඩූ දෙනිය මැනීම් කර මායිම් සලකුණු කිරීම හා දෙනි බලපත්‍ර යටතේ පාරම්පරික වගා කටයුතු සිදු කරයි. මීට අමතර ව අක්කරය බැගින් වන වැලි දෙනිය, පුංචි වැලි දෙනිය, කඩියා දෙනිය හා ගෝන කොළ දෙනිය මැනීම් කර මායිම් සලකුණු කර නොතිබුණ ද පාරම්පරික ව වගා කර තිබේ. මීට අමතර ව ඇති කුරුදු හා තේ වගා බිම් සියල්ල ම අලුතින් වනාන්තර එළි කර අනවසරින් සිදු කළ වගා බිම් වේ.

රක්ෂිතයේ මහ පරිමාණ ඉඩම් ජාවාරම්කරුවන්

2011 වසර වන විට කොට්ටව – කෝඹල වනාන්තරයේ අක්කර 30 ක් පමණ වනාන්තර ඉවත් කර අනවසර වගා බිම් පවත්වාගෙන ගොස් තිබේ. 2015 – 2017 වසරවල දී මහ පරිමාණයෙන් ඉඩම් එළිපෙහෙළි කරමින් කුරුදු හා තේ වගා බිම් ව්‍යාප්ත කිරීම සීඝ්‍රයෙන් සිදු කර තිබේ. මෙම වනාන්තර මායිමේ ජීවත් වන මහදුරගේ සරත් කුමාර නැතහොත් “කිරී” යන අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයා විසින් මුත්තලයිහේන, කදුරුගස්හේන හා හියාරේ යන ප්‍රදේශවල රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 30 ක් පමණ එළිපෙහෙළි කර කුරුදු වගා බිම් ව්‍යාප්ත කර ඇත. ඊට අමතර ව මොහු විසින් රක්ෂිතය තුළ කුරුදු ගබඩා කිරීම සඳහා ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම ද ආරම්භ කර තිබේ. ඔහු විසින් සඳහන් කරන්නේ අක්කර 50 ක් දක්වා ඉතා කෙටි කාලයක් තුළ තමන් විසින් වගා බිම් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව ය.

රක්ෂිත ඉඩම් ඇල්ලීමට වන සංරක්ෂණයේ සහය

2011 වසරෙන් පසු ව මෙම රක්ෂිතය තුළ වනාන්තර එළිපෙහෙළි කර කුරුදු හා තේ වගා බිම් ව්‍යාප්ත කිරීමට සහයෝගය ලබා දී ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි. අල්ලස් ලබා ගනිමින් සංරක්ෂිත වනාන්තරයේ කොටස් භාවිත කිරීමට ඉඩම් ජාවාරම්කරුවන්ට අවස්ථාව ලබා දී ඇති අතර සමහර අනවසර වගාකරුවන්ට නඩු පැවරීම මගින් ද භූමිය භාවිත කිරීමේ අයිතිය ලබා දී තිබේ. එය සිදු කර ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අනවසර වගා කටයුතු සඳහා පමණක් නඩු පැවරීම සිදු කර ඉඩම් සන්තකය ආපසු පවරා ගැනීමේ නඩු පැවරීමෙන් වැළකී සිටීමෙනි. මේ ක්‍රියා සඳහා ද අනවසර වගාකරුවන්ගෙන් අල්ලස් ලබා ගැනීම අඛණ්ඩ ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කර ඇත. මේ නිසා මෙම රක්ෂිතය තුළ අනවසර වගා බිම් ව්‍යාප්තිය සීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ.

මේ ආකාරයෙන් කොට්ටව – කෝඹල වනය විනාශ කර ඇත්තේ ප්‍රදේශවාසී ඉඩම් ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකු එක් වෙමිනි. එසේ සිදු කළ විනාශය සාධාරණීකරණය කර එම විනාශය සිදු කළ, අනවසර ඉඩම් අත්පත්කර ගත් ජාවාරම්කරුවන්ට ඉඩම් අයිතිය ලබා දීමට වෛද්‍ය නිශාන්ත සමරවීර මන්ත්‍රිවරයා මැදිහත් වීමෙන් පෙනී යන්නේ මෙම ජාවාරම්කරුවන් විසින් ඔහු ව මුලා කර ඇති බව ය. නිවැරදි අවබෝධයකින් තොරව මන්ත්‍රිවරයා මෙම ජාවාරම්කරුවන් ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පෙනී සිටීමෙන් සිදු වන්නේ මෙම රක්ෂිතය වටා නීත්‍යානුකූල ව ජීවත් වන ජනතාව ගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීම ය. එම ජනතාව තමන්ට සංවර්ධනය වීමට ඇති අයිතිය අහිමි කර ගනිමින් වර්තමාන හා අනාගත පරපුරේ රැකවරණය වෙනුවෙන් කොට්ටව – කෝඹල සංරක්ෂණ වනය ආරක්ෂා කිරීමට විශාල කැපකිරීමක් සිදු කර ඇත. එවන් තත්ත්වයක් තුළ ජාවාරම්කරුවන් ගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීමට යාමෙන් සිදු වන්නේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ව ඇති විශ්වාසය මෙන් ම ජාතික ජන බලවේගය ආණ්ඩුව පිළිබඳ ව ඇති විශ්වාසය ද මෙම ජනතාවට අහිමි වීම ය.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරුන් ගේ කාර්යය විය යුත්තේ තමන්ට බලයට පැමිණීම සඳහා සහය වූ ජාවාරම්කරුවන් ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම නොව නීත්‍යානුකූලව ජීවත් වන ජනතාව ගේ විශ්වාසය තහවුරු කිරීම ය. එසේ නොමැති වූවහොත් සිදු වන්නේ නීතිය පිළිබඳ ව ඇති විශ්වාසය හා දේශපාලනය පිළිබඳ ව ඇති විශ්වාසය අහිමි වීමෙන් ජාවාරම්කාරී සමාජයක් බිහි වීම ය. මේ පිළිබඳ ව වෛද්‍ය නිශාන්ත සමරවීර මන්ත්‍රිවරයා අවබෝධ කර ගත යුතු ව ඇත. එපමණක් නොව මෙම වනාන්තර පද්ධතියේ ඇති වටිනාකම ද අවබෝධ කර ගත යුතු ය.

කොට්ටව කෝඹල වනයේ සුවිශේෂී සත්ත්ව විවිධත්වය

පහතරට තෙත් නිවර්තන වැසි වනාන්තරයක් වන කොට්ටව – කෝඹල සංරක්ෂිත වනයෙහි ඉතා ම දුර්ලභ හා මෙරටට ආවේණික මෙන් ම ඉතා ම සීමිත ව්‍යාප්තියක් සහිත වඳ වීමේ තර්ජනයට මුහුණපා සිටින සත්ත්ව විශේෂ බොහොමයක් වාර්තා වන බව ගාල්ල, වනජීවී සංරක්ෂණ සංගමයෙන් හා පර්යේෂකයන් කිහිපදෙනෙකු විසින් සිදු කර ඇති අධ්‍යයනවලින් තහවුරු වී තිබේ. මෙම වනාන්තරය සංරක්ෂිත තත්ත්වයට පත් කිරීමට ද හේතු සාදක වී ඇත්තේ මෙම අද්විතීය ජෛව විවිධත්වයයි.

ශ්‍රී ලංකාවට ආවේණික හා ඉතා ම සීමිත ව්‍යාප්තියක් සහිත සර්ප විශේෂ 4 ක් මෙම වනාන්තරයෙන් වාර්තා වේ. එනම් කුඩා මැඩිල්ලා (Aspidura guentheri), වික්‍රමසිංහලාගේ හාල්දණ්ඩා (Dendrelaphis wickrorum), දාර රදනකයා (Lycodon carinatus) හා නිහාලුවා (Rhabdophis ceylonensis) ය.

ඉතා ම සීමිත ව්‍යාප්තියක් සහිත මෙරටට ආවේණික හා දුර්ලභ උභයජීවීන් වන කෙලාට්ගේ කුරු ගෙම්බා (Adenomus kelaartii), නගාඕගේ මොට හොඹු මැඩියා (Uperodon nagaoi), කොනිෆර්ගේ පදුරු මැඩියා (Pseudophilautus conniffae), වකුටු කොළ පදුරු මැඩියා (Pseudophilautus folicola), මිටර්මයිර්ගේ පදුරු මැඩියා (Pseudophilautus mittermeieri), සිංගු පදුරු මැඩියා (Pseudophilautus singu) හා තැඹිලි හොඹු පදුරු මැඩියා (Pseudophilautus stictomerus) මෙම වනාන්තරයේ ඉතා සංවේ දී වාසස්ථානවල ජීවත් වේ.

කොට්ටව – කෝඹල වනයේ පිහිටි ගිං ගඟේ පෝෂක දියපහරවල ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ ගණනාවක් වාර්තා වේ. ඒ අතර විලිපිට දණ්ඩියා (Rasbora wilpita), හල්මල් දණ්ඩියා (Rasboroides vaterifloris) හා ලේ තිත්තයා (Rohanella titteya) යන දුර්ලභ විශේෂ වෙයි. මීට අමතර ව මෙම දියපහරවල මෙරටට ආවේණික වඳවීමේ තර්ජනයට මුහ`ණපා ඇති මිරිදිය කකුළු විශේෂ කිහිපයක් වන Ceylonthelphusa kandambyi, Pastilla ruhuna, Oziotelphusa ceylonensis, Mahatha ornatipes යන විශේෂ වෙති.

මීට අමතර ව ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ කිහිපයක් ම මෙම වනාන්තරයෙන් වාර්තා වේ. එනම් බට ඇටි කුකුළා (Green billed Coucal), පිටතඹල වන බස්සා (Chestnut backed Owlet), පුල්ලි වල් අවිච්චියා (Spot winged Thrush), පෙති ගෝමර වල් අවිච්චියා (Scaly Thrush), දෑ දෙමලිච්චා (Scimitor Babbler), ලෙග්ගේ පිළිල ගෙඩි සූටික්කා (Legge’s Flowerpecker) ය.

වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම

මෙවන් වූ සුවිශේෂී වනාන්තර පද්ධතියක් වීම නිසා ම 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥාපනතේ 3අ.(1) වගන්තියට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, අක්මීමන, ඉමදූව හා හබරාදූව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල විහිදී ඇති වනාන්තර හෙක්ටයාර 546 ක් කොට්ටව – කෝඹල සංරක්ෂිත වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මෙම වගන්තියට අනුව සංරක්ෂිත වනාන්තරක් ලෙස ප්‍රකාශයට පත් කළ හැකි වන්නේ අනන්‍ය පරිසර පද්ධති, ජාන විද්‍යාත්මක සම්පත්, විරල හා ආවේණික ජීවීන්ට වාසස්ථාන සපයන වනාන්තර ය. එසේ සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කරන ප්‍රදේශයක් පනතේ 3අ.(2) වගන්තියට අනුව වන සංරක්ෂණ ජනරාල්වරයා ගේ පාලනයේ තිබිය යුතු ය. එපමණක් නොව 3අ.(3) වගන්තියට අනුව වන සංරක්ෂණ ජනරාල් විසින් සංරක්ෂිත වනය සඳහා කළමනාකරණ සැලැසුමක් ද සකස් අනුමත කර ගැනීමෙන් පසු ව එම අනුමත කළමනාකරණ සැලැසුමට අනුව සංරක්ෂිත වනාන්තරය පාලනය කළ යුතු වේ. මීට අමතර ව පනතේ 3ආ. වගන්තියට අනුව සංරක්ෂිත වනාන්තරයක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම අදාළ ප්‍රාදේශීය ලේකම් විසින් සංරක්ෂිත වනාන්තරයේ මායිම් ඇතුළු සියලු තොරතුරු ප්‍රසිද්ධ කළ යුතු ය.

වන සංරක්ෂණ ආඥාපනතේ 6(1) වගන්තියට අනුව සංරක්ෂිත වනාන්තරයක විද්‍යාත්මක පර්යේෂණවල නිරත වීම, වනජීවීන් නිරීක්ෂණය කිරීම හා කළමනාකරණ සැලැසුමේ නියම කර ඇති කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා ගත යුතු වේ.

ආඥාපනතේ 6(2) වගන්තියට අනුව සංරක්ෂිත වනයකට අයුතු ලෙස ඇතුළු වීම හෝ රැදී සිටීම, ශාක කලා ඉවත් කිරීම, සංවර්ධනය කිරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදි කිරීම හා පදිංචි වී සිටීම, මාර්ග සකස් කිරීම හා භාවිත කිරීම වරදකි. එවන් වරදකට අධිකරණයෙන් වරදකරුවකු කරන පුද්ගලයකු වසර 7 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 20,000 ත් ලක්ෂ දෙකත් අතර දඩයකට හෝ මෙම දණ්ඪනයන් දෙකට ම යටත් කළ හැකි ය. මෙම දඩුවමට අමතර ව සංරක්ෂිත වනාන්තරයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් නියම කරන දඩයකට ද යටත් කළ හැකි ය. මෙම ආඥාපනතේ 6(3) වගන්තියට අනුව 6(2) වගන්තියේ සඳහන් වරදක් කිරීමට ආධාර හා අනුබල ලබා දීම ද වරදක් වන අතර එවන් පුද්ගලයකු මෙම දඩුවම්වලට ම යටත් කළ හැකි ය.

වන අපරාධ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සඟවමින් එම ක්‍රියාවේ නිරත වන පුද්ගලයකු මෙම ආඥාපනතේ 48(1) වගන්තියට අනුව වරෙන්තුවක් නොමැති ව අත්අඩංගුවට ගත හැකි ය. මීට අමතර ව මෙම ආඥාපනතේ 53අ. වගන්තියට අනුව සංරක්ෂිත වනයක් නීති විරෝධී ව එළිකරන හෝ අල්ලා ගනු ලබන හෝ නීති විරෝධී ව හෝ අනවසරයෙන් සතු කර ගෙන ඇති අවස්ථාවක ඒ තැනැත්තා වරදකරුවකු වන අතර ඔහු එම වරද සම්බන්ධයෙන් වූ දඩුවමට අතිරේඛ ව එම ඉඩමෙන් නෙරපීමට යටත් විය යුතු ය. 1979 අංක 7 දරන රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනතේ විධිවිධානවලට අනුව අදාළ නෙරපීම් සිදු කළ යුතු ය. මෙය අදාළ ඉඩම පිහිටි ප්‍රදේශයේ වන නිලධාරීන් විසින් සිදු කළ යුතු ය.

මෙවන් නීතිමය තත්ත්වයන් ගණනාවක් තිබිය දී වෛද්‍ය නිශාන්ත සමරවීර මන්ත්‍රිවරයා විසින් මෙම සංරක්ෂිත වනාන්තරය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ පදිංචිකරුවන් සිටි බව ප්‍රකාශ කරන්නේ කුමන පදනමක් මත ද යන්න ගැටළුවකි. අප ගේ අධ්‍යයනවලට අනුව තහවුරු වී ඇත්තේ සංරක්ෂිත වනාන්තරය ප්‍රකාශයට පත් කළ පසු ව අනවසර අල්ලා ගැනීම් සීග්‍රයෙන් වර්ධනය වී ඇති බව ය. වන සංරක්ෂණ ආඥාපනතේ 3අ.(2) වගන්තියට අනුව වන සංරක්ෂණ ජනරාල්වරයා ගේ පාලනය යටතේ මෙම වනාන්තරය පැවතිය ද වන සංරක්ෂණ නිලධාරීන් විසින් මෙම සුවිශේෂී වනාන්තරය ආරක්ෂා කිරීම සඳහා ජනතාව ගේ බදු මුදල්වලින් වැටුප් ලබමින් නියමිත කාර්යය ඉටු කර නොමැති බව ද තහවුරු වේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම නීති ක්‍රියාත්මක නොකර සිටීම මගින් සිදු කර ඇත්තේ රටේ අත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ සඳහන් 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර, සුරක්ෂිත කර, වැඩිදියුණු කළ යුතු ය යන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

දණ්ඩ නීති සංග්‍රහයට ද අනුව වන සංරක්ෂණ නිලධාරීන් සිදු කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවකි. දණ්ඩ නීති සංග්‍රහයේ නව වන පරිච්ඡේදයේ 158 වන වගන්තියට අනුව යම් නිල කාර්යයක් නොකර සිටීමට තුටු පඩුරක් ලබා ගැනීම අවුරුදු 3 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයකට හෝ එම දඩුවම් දෙකට ම යටත් කළ හැකි වරදකි. මෙහි 289 වන වගන්තියට අනුව ආඥාවකින් පැවරුණු යුතුකමක් නොකරහරින හෝ ඕනෑවට ම පැහැර හැරීම නීතියෙන් දඩුවම් නියම විය යුතු වරදකි. එම වරද සඳහා වන දඩුවම වන සංරක්ෂණ ආඥාපනතේ 6(3) වගන්තියට අනුව වන අපරාධයක් සිදු කිරීමට ආධාර හා අනුබල ලබා දීමේ දණ්ඩනයන් ම වේ. මේ අනුව 2011 වසරේ සිට අද දක්වා කොට්ටව – කෝඹල සංරක්ෂිත වනය භාරව සිටි සියලූ ම නිලධාරීන් මෙම වනය අනවසරයෙන් අල්ලා ගැනීමට වගකිව යුතු ය. ඒ පිළිබඳ ව සොයා බලා නීති ක්‍රියාත්මක කර මෙම සංරක්ෂිත වනාන්තරය වටා ජීවත් වන ජනතාව ගේ ජල අයිතිය හා කෘෂිකර්මාන්තයේ සුරක්ෂිතතාව ඇති කිරීම වෙනුවට නීති විරෝධී ක්‍රියා සිදු කරන ඉඩම් ජාවාරම්කරුවන් ගේ ඉඩම් අයිතිය ලබා දී රක්ෂිත ඉඩම් පිළිබඳ ව ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ නොදමන ලෙස අවධාරණය කර සිටිමු.

සම්බන්ධිත පුවත් | Related News

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
නුදුරු දිනෙක බ්‍රිතාන්‍යය "ඉස්ලාමීය ජනරජයක්" ලෙස හැඳින්විය හැකි බවත්, න්‍යෂ්ටික අවි සහිත පළමු ඉස්ලාමීය ජනරජය බ්‍රිතාන්‍යය වනු ඇතැයි යන්න කිසියම් අයෙකු ප්‍රකාශ කළ බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබේ.
මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (13) සිව්වන දිනටත් පැවැත්වේ.
මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි පහකට අදාළව අධිකරණය හමුවට පමුණුවනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් සහ පක්ෂයේ දැරූ අනෙකුත් සියලු තනතුරුවලින් හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඉල්ලා අස්වී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම කොමිසමේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී.

ප්‍රධාන පුවත්

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.