
එක පවුලක් මාසයකට රු. 40000ක් බදු ගෙවද්දී: බදු වංචා කළ ව්‍යාපාරිකයන්ගේ පොලී කපන්න ආණ්ඩුව ලෑස්ති වෙනවා – පුබුදු ජයගොඩ
බදු වංචා කළ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පොලී කපා හැරීමට ආණ්ඩුව සූදානම් වන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ පැවසීය.
ශ්‍රී ලංකාවේ එක් පවුලක් මාසයකදී රුපියල් හතළිස් දහසක බදු ප්‍රමාණයක් ගෙවිය යුතු පසුබිමක මෙසේ ව්‍යාපාරිකයන්ගේ බදු කපා හැරීමට ආණ්ඩුව සූදානම් වන්නේ යැයි ද හෙතෙම චෝදනා කළේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (28 දා) දින නුගේගොඩ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී ජයගොඩ මහතා මේ බව කීවේය.
ඔහු මෙසේ ද කීවේය.
ලංකාවේ නීතියට අනුව රජයට ගෙවිය යුතු බදු නොගෙවා වංචා කළොත් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා එයට අදාළව නිශ්චිත දඩ මුදලක් සහ පොලියක් ගෙවන්න. හැබැයි ආණ්ඩුව මේ වෙද්දි සූදානම් වෙනවා ඒ දඩ මුදල සහ පොලිය කපා හරින්න. ජනාධිපති අනුර දිසානායක ජනාධිපතිවරයාගේ අයවැය ලේඛනයේ තාක්ෂණික කරුණුවලට අදාළ කොටසේ 1.9 වගන්තියේ සඳහන් වෙනවා 2022 – 2023 අතර කාලය දක්වා නොගෙවපු බදු මාස 6ක් ඇතුළත ගෙවනවනං 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ සහ 2022 අංක 14 දරන බදු පනතේ සඳහන් වෙන හිඟ බදු මුදල් සඳහා වන ප්‍රතිපාදන අදාළ වෙන්නෙ නෑ කියලා.
අපි දන්නවා 2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනතේ 157 වගන්තියේ සහ කියන විදිහට බදු ගෙවන පුද්ගලයා නියමිත බදු නොගෙව්වොත් ඒ සඳහා නියමිත පොලියක් ගෙවන්න ඕන. 159 වගන්තියේ නිශ්චිතවම සඳහන් වෙනවා මාසෙකට 1.5%ක පොලියක් අයකරගත යුතුයි කියලා. ඒ කියන්නේ අවුරුද්දකට 18%ක පොලියක් ගෙවන්න ඕන. මීට අමතරව 25%ක දඩ මුදලක් ගෙවන්න ඕන. දැන් අයවැය අනුව කියන්නේ පනත අදාළ නෑ මේ අයකරගත යුතු මුදල ආණ්ඩුව අයකරගන්නෙ නෑ කියල ද ?
අපි උදාහරණයක් ගත්තොත් මෙන්ඩිස් සමාගම සුරාබදු හැරුණාම රුපියල් බිලියන 1.5ක් ආදායම් බදු නොගෙවා වංචා කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 150ක මුදලක්. එතකොට මේකට අවුරුද්ට 18%ක පොලියක් ගණනේ ගණං හදලා බැලුවොත් අවුරුදු පහකදි රජයට ලැබෙන්න ඕන 90%ක විතර විශාල පොලියක්. ඒ කියන්නේ මේ සමාගම නොගෙවපු බදු සඳහා තව කෝටි 100ක විතර පොලියක් ගෙවන්න ඕන හරි නම් රජයට. හැබැයි දැන් ආණ්ඩුව කියන්නේ ඒ කෝටි 100ක පොලිය අපිට එපා නොගෙවපු බදු කෝටි 150 විතරක් ගෙවන්න කියලා. මේ කරන්න හදන ජනතා ද්‍රෝහී ක්‍රියාවෙන් කෝටි ගාණක් රජයට අහිමි වෙන්න නියමිතයි.
අපි දන්නවා 2023 මාර්තු ඉඳලා 2024 දෙසැම්බර් දක්වා විතරක් සමාගම් වංචා කරපු බදු ප්‍රමාණය රුපියල් බිලියන 243ක්. පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාවේ වාර්තාව කියන විදිහට රුපියල් බිලියන 1068ක් තියනවා නොගෙවපු බදු. එතකොට මේවට මේ සමාගම් රුපියල් කෝටි 40,000ක් 50,000ක් අතර පොලියක් රජයට ගෙවන්න ඕන. එතකොට මේ විශාල ආදායමක් තමයි ආණ්ඩුව අහිමි කරගන්න සූදානම් වෙන්නේ. මේ කවුරු සතුටු කරන්න ද ආණ්ඩුව මෙහෙම ප්‍රතිපත්ති ගේන්නෙ. සාමාන්‍ය ජනතාව මත ගන්න හාල්, පොල්, සීනි ටිකේ ඉඳලා අධික බද්දක් ගහලා තියෙන්නේ. ළමයින්ගේ පාසල් උපකරණ වලට විශාල වැට් බද්දක් ගහල තියෙන්නේ. ඒවා එක දශමයක් අඩු කරලා නෑ. හැබැයි කූට ව්‍යාපාරිකයන්ට කෝටි ගාණක සහන දෙන්න ආණ්ඩුව සූදානම් වෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
