එක පවුලක් මාසයකට රු. 40000ක් බදු ගෙවද්දී: බදු වංචා කළ ව්‍යාපාරිකයන්ගේ පොලී කපන්න ආණ්ඩුව ලෑස්ති වෙනවා – පුබුදු ජයගොඩ
බදු වංචා කළ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පොලී කපා හැරීමට ආණ්ඩුව සූදානම් වන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ පැවසීය.
ශ්‍රී ලංකාවේ එක් පවුලක් මාසයකදී රුපියල් හතළිස් දහසක බදු ප්‍රමාණයක් ගෙවිය යුතු පසුබිමක මෙසේ ව්‍යාපාරිකයන්ගේ බදු කපා හැරීමට ආණ්ඩුව සූදානම් වන්නේ යැයි ද හෙතෙම චෝදනා කළේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (28 දා) දින නුගේගොඩ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී ජයගොඩ මහතා මේ බව කීවේය.
ඔහු මෙසේ ද කීවේය.
ලංකාවේ නීතියට අනුව රජයට ගෙවිය යුතු බදු නොගෙවා වංචා කළොත් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා එයට අදාළව නිශ්චිත දඩ මුදලක් සහ පොලියක් ගෙවන්න. හැබැයි ආණ්ඩුව මේ වෙද්දි සූදානම් වෙනවා ඒ දඩ මුදල සහ පොලිය කපා හරින්න. ජනාධිපති අනුර දිසානායක ජනාධිපතිවරයාගේ අයවැය ලේඛනයේ තාක්ෂණික කරුණුවලට අදාළ කොටසේ 1.9 වගන්තියේ සඳහන් වෙනවා 2022 – 2023 අතර කාලය දක්වා නොගෙවපු බදු මාස 6ක් ඇතුළත ගෙවනවනං 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ සහ 2022 අංක 14 දරන බදු පනතේ සඳහන් වෙන හිඟ බදු මුදල් සඳහා වන ප්‍රතිපාදන අදාළ වෙන්නෙ නෑ කියලා.
අපි දන්නවා 2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනතේ 157 වගන්තියේ සහ කියන විදිහට බදු ගෙවන පුද්ගලයා නියමිත බදු නොගෙව්වොත් ඒ සඳහා නියමිත පොලියක් ගෙවන්න ඕන. 159 වගන්තියේ නිශ්චිතවම සඳහන් වෙනවා මාසෙකට 1.5%ක පොලියක් අයකරගත යුතුයි කියලා. ඒ කියන්නේ අවුරුද්දකට 18%ක පොලියක් ගෙවන්න ඕන. මීට අමතරව 25%ක දඩ මුදලක් ගෙවන්න ඕන. දැන් අයවැය අනුව කියන්නේ පනත අදාළ නෑ මේ අයකරගත යුතු මුදල ආණ්ඩුව අයකරගන්නෙ නෑ කියල ද ?
අපි උදාහරණයක් ගත්තොත් මෙන්ඩිස් සමාගම සුරාබදු හැරුණාම රුපියල් බිලියන 1.5ක් ආදායම් බදු නොගෙවා වංචා කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 150ක මුදලක්. එතකොට මේකට අවුරුද්ට 18%ක පොලියක් ගණනේ ගණං හදලා බැලුවොත් අවුරුදු පහකදි රජයට ලැබෙන්න ඕන 90%ක විතර විශාල පොලියක්. ඒ කියන්නේ මේ සමාගම නොගෙවපු බදු සඳහා තව කෝටි 100ක විතර පොලියක් ගෙවන්න ඕන හරි නම් රජයට. හැබැයි දැන් ආණ්ඩුව කියන්නේ ඒ කෝටි 100ක පොලිය අපිට එපා නොගෙවපු බදු කෝටි 150 විතරක් ගෙවන්න කියලා. මේ කරන්න හදන ජනතා ද්‍රෝහී ක්‍රියාවෙන් කෝටි ගාණක් රජයට අහිමි වෙන්න නියමිතයි.
අපි දන්නවා 2023 මාර්තු ඉඳලා 2024 දෙසැම්බර් දක්වා විතරක් සමාගම් වංචා කරපු බදු ප්‍රමාණය රුපියල් බිලියන 243ක්. පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාවේ වාර්තාව කියන විදිහට රුපියල් බිලියන 1068ක් තියනවා නොගෙවපු බදු. එතකොට මේවට මේ සමාගම් රුපියල් කෝටි 40,000ක් 50,000ක් අතර පොලියක් රජයට ගෙවන්න ඕන. එතකොට මේ විශාල ආදායමක් තමයි ආණ්ඩුව අහිමි කරගන්න සූදානම් වෙන්නේ. මේ කවුරු සතුටු කරන්න ද ආණ්ඩුව මෙහෙම ප්‍රතිපත්ති ගේන්නෙ. සාමාන්‍ය ජනතාව මත ගන්න හාල්, පොල්, සීනි ටිකේ ඉඳලා අධික බද්දක් ගහලා තියෙන්නේ. ළමයින්ගේ පාසල් උපකරණ වලට විශාල වැට් බද්දක් ගහල තියෙන්නේ. ඒවා එක දශමයක් අඩු කරලා නෑ. හැබැයි කූට ව්‍යාපාරිකයන්ට කෝටි ගාණක සහන දෙන්න ආණ්ඩුව සූදානම් වෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..
බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..