චේතිය රජු වගේ බොරුවෙන් හැමෝටම බලය පවත්වාගෙන යන්න බෑ - විමල් වීරවංශ
ආණ්ඩුව බිහි කිරීම සඳහා ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළ සුරංගනා කතා තමන්ටම පරාවලල්ලක් වී ඇතිි බවත් බොරු පවසා චේතිය රජ්ජුරුවන්ට බලය ලබාගෙන ටික කලක් එය පවත්වාගෙන යාමට හැකිවුවද හැම කෙනාටම චේතිය රජ්ජුරුවන් ලෙස බලය පවත්වාගැනීමට නොහැකිි බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේ අද (27දා) පෙරවරුවේදී ඓතිහාසික මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්ය.
විදේශ විනිමය මෙරට උපයන පුද්ගලයන් දිරිමත් කරනවා වෙනුවට තමන්ට බලයට පත්වීමට උදව් කල සමාජ මාධ්‍ය සඳහාද බදු පැනවීමට වත්මන් රජය කටයුතු කර ඇති බවත් මේ තුළින් නීතිය මාර්ගයෙන් ගනුදෙනු කරන පිරිසක් වෙනුවට අනීතික මාර්ගයෙන් ගනුදෙනු කරන පිරිසක් බිහිවන බව ඒ මහතා සදහන් කලේය.
තමන් ප්‍රකාශ කළ ප්‍රතිපත්ති හා පරමාදර්ශිවලට පිටුපාමින් ගමන් කරන තත්ත්වයක් වත්මන් ආණ්ඩුවෙන් පෙනෙන බවත් රට තුළ විදේශ විනිමය උත්පාදනය කිරීම වෙනුවට විශාල ණය මුදලක් විදේශීයට ගෙවන ක්‍රමයක් නිර්මාණය කරන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බව ඒ මහතා කීය.
රටෙ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝකයේ අර්ථ දක්වන පුළුල් නිර්වචනයවත් නොදන්න වත්මන් ආණ්ඩුව විවිධ නිර්වචන සිදුකරමින් ආණ්ඩුව ස්වයංවින්දන්‍යකට ආණ්ඩුව පත්ව සිටින බවත් වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් හේතුවෙන් අධිකරණය තුළටම පැමිණ වෙඩි තබන තත්ත්වයකට පාතාලය දිරි ගැන්වී ඇතිි බව කී, විමල් වීරවංශ මහතා තව දුරටත් කියා සිටියේ පාතාලය මර්ධනය කිරීම සඳහා ලෝකයේ රටවල් ලබා දී ඇති ආදර්ශයන් ක්‍රියාත්මක කරමින් පාතාලය මර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවය.
වෙහෙර විහාරස්ථානවල පැවති ආරක්ෂාව සහ සංවර්ධනය බිඳ වට්ටමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ යෙදවීමට කටයුතු කරමින් සිටින බවත් මැතිවරණ වේදිකාවලදී ලබාදුන් පොරොන්දු වත්මන් ආණ්ඩුවට ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙමින් පවතින්නේ මේ වන විට බවත් සිංගප්පූරුවේ පුරවැසියකු වන අර්ජුන් මහේන්ද්‍රන්ව මෙරටට ගෙන්වන බවට ජනාධිපතිවරයා සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් සැබෑ අවබෝධය බලයට පත්වීමෙන් පසුව තේරුම් ගෙන ඇති බව ද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..