
චේතිය රජු වගේ බොරුවෙන් හැමෝටම බලය පවත්වාගෙන යන්න බෑ - විමල් වීරවංශ
ආණ්ඩුව බිහි කිරීම සඳහා ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළ සුරංගනා කතා තමන්ටම පරාවලල්ලක් වී ඇතිි බවත් බොරු පවසා චේතිය රජ්ජුරුවන්ට බලය ලබාගෙන ටික කලක් එය පවත්වාගෙන යාමට හැකිවුවද හැම කෙනාටම චේතිය රජ්ජුරුවන් ලෙස බලය පවත්වාගැනීමට නොහැකිි බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේ අද (27දා) පෙරවරුවේදී ඓතිහාසික මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්ය.
විදේශ විනිමය මෙරට උපයන පුද්ගලයන් දිරිමත් කරනවා වෙනුවට තමන්ට බලයට පත්වීමට උදව් කල සමාජ මාධ්‍ය සඳහාද බදු පැනවීමට වත්මන් රජය කටයුතු කර ඇති බවත් මේ තුළින් නීතිය මාර්ගයෙන් ගනුදෙනු කරන පිරිසක් වෙනුවට අනීතික මාර්ගයෙන් ගනුදෙනු කරන පිරිසක් බිහිවන බව ඒ මහතා සදහන් කලේය.
තමන් ප්‍රකාශ කළ ප්‍රතිපත්ති හා පරමාදර්ශිවලට පිටුපාමින් ගමන් කරන තත්ත්වයක් වත්මන් ආණ්ඩුවෙන් පෙනෙන බවත් රට තුළ විදේශ විනිමය උත්පාදනය කිරීම වෙනුවට විශාල ණය මුදලක් විදේශීයට ගෙවන ක්‍රමයක් නිර්මාණය කරන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බව ඒ මහතා කීය.
රටෙ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝකයේ අර්ථ දක්වන පුළුල් නිර්වචනයවත් නොදන්න වත්මන් ආණ්ඩුව විවිධ නිර්වචන සිදුකරමින් ආණ්ඩුව ස්වයංවින්දන්‍යකට ආණ්ඩුව පත්ව සිටින බවත් වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් හේතුවෙන් අධිකරණය තුළටම පැමිණ වෙඩි තබන තත්ත්වයකට පාතාලය දිරි ගැන්වී ඇතිි බව කී, විමල් වීරවංශ මහතා තව දුරටත් කියා සිටියේ පාතාලය මර්ධනය කිරීම සඳහා ලෝකයේ රටවල් ලබා දී ඇති ආදර්ශයන් ක්‍රියාත්මක කරමින් පාතාලය මර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවය.
වෙහෙර විහාරස්ථානවල පැවති ආරක්ෂාව සහ සංවර්ධනය බිඳ වට්ටමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ යෙදවීමට කටයුතු කරමින් සිටින බවත් මැතිවරණ වේදිකාවලදී ලබාදුන් පොරොන්දු වත්මන් ආණ්ඩුවට ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙමින් පවතින්නේ මේ වන විට බවත් සිංගප්පූරුවේ පුරවැසියකු වන අර්ජුන් මහේන්ද්‍රන්ව මෙරටට ගෙන්වන බවට ජනාධිපතිවරයා සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් සැබෑ අවබෝධය බලයට පත්වීමෙන් පසුව තේරුම් ගෙන ඇති බව ද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
