අපරාධවල විශේෂ වර්ධනයක් නෑ – ඇමැති ආනන්ද විජේපාල
ඉකුත් වසරවල සිදුවූ අපරාධවල දත්ත සැසඳීම්, මේ වසරේ මුල් මාස දෙකේදී අපරාධවල විශේෂ වර්ධනයක් නොමැති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා ඊයේ (27 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.
තැන තැන සිදුවන වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන සාමාන්‍ය ජන ජීවිතය නොසන්සුන් කිරීමට හේතුවක් නොවන බවද ඇමැතිවරයා කියා සිටියේය.
ඉකුත් වසරවල මුල් මාස දෙක තුළ සිදුවූ වෙඩි තැබීම් හා සැසඳීමේදී මෙම වර්ෂයේ වර්ධනයක් නැතැයිද, 2016 වසරේ මුල් මාස දෙක තුළ වෙඩි තැබීම් 12ක්ද, 2018 වසරේ මුල් මාස දෙක තුළ වෙඩි තැබීම් 12ක්ද, 2024 වර්ෂයේ මුල් මාස දෙක තුළ වෙඩි තැබීම් 14ක්ද සිදුව ඇතැයි කී ඇමැතිවරයා මෙම වසරේ මුල් මාස දෙක තුළද වෙඩි තැබීම් 14ක් සිදුව ඇති බව සඳහන් කළේය. මෙය සමාන තත්ත්වයක් බවද එම තත්ත්වය සමනය කිරීමට රජය පියවර රැසක් ගෙන තිබෙන බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොලිසිය විසින් මනුෂ්‍ය ඝාතන මැඬ පැවැත්වීමට පොලිස් ස්ථානවල ජංගම මුර සංචාරක, මාර්ග බාධක, ත්‍රිවිධ හමුදා, විශේෂ කාර්ය බළකා ආරක්ෂක රාජකාරි, ක්‍ෂණික මාර්ග බාධක සෝදිසි ආදිය සිදු කරනවා.
අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනිමට විධිමත් පිළිවෙතක් ක්‍රියාත්මකයි. නඩු තීන්දු චක්‍රලේඛ මඟ පෙන්වීම් තියෙනවා. අපරාධ මර්දනයට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් පිහිටුවාගෙන යනවා. විදෙස් සිට අපරාධ මෙහෙයවන අපරාධකරුවන් ගෙන්වා ගැනීමට පවතින උදර්පන නීති හා අපගේ නීති යටතේ ක්‍රියාත්මක වෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..